Tuesday, November 10, 2026
HomeNEWSසීයට 300කින් බොහෝ දේ වැඩිවෙලා ජනතාවට ජීවත් වෙන්න අමාරුයි ..විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...

සීයට 300කින් බොහෝ දේ වැඩිවෙලා ජනතාවට ජීවත් වෙන්න අමාරුයි ..විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැක්වූ අදහස්

අද ජනතාවට ජීවත් වෙන්න බැරි ආකාරයට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ මිල වැඩි වෙලා ජල බිල,විදුලිය
බිල ,අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන වියදම් ඖෂධ සියල්ල වැඩිවෙලා. එවැනි ලයිස්තුවක් උදේ වෙනකම් කියන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ගත්තත් 300% කින් වැඩි වෙලා රජය කියනවා ආර්ථිකය හොඳයි කියලා හැබැයි මාස පහළවක් ණය ගේවල නැහැ බොරු ෂෝ එකක් දාගෙන ඉන්නවා අවුරුද්දකට බිලියන හයසීයක් ණය ගෙවන්න තියෙනවා.

ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම අද මහනුවර මහ නගර සභාවේ ප්‍රශ්නයක් ඇතිවෙලා. මහනුවර මහ නගර සභාව ජලය ලබාදීමේ වැඩපිළිවෙළට අවුරුදු 125 ක් වෙනවා. එය පාරිභෝගිකයන්ගෙන් බදු අය කරලා සේවාවක් වශයෙන් කරගෙන ගියා මහ නගර සභාවෙන් මාලිගාවටත් නොමිලේ ජලය ලබා දුන්නා ආගමික ස්ථාන වලට විදුලි බිලෙන් සියයට 25යි අය කරන්නේ පුණ්‍ය ආයතන වලටත් එහෙමයි පාසල් දරුවන්ට බොන්න දවසකට ලීටර විස්සක් දෙනවා ඒ සියල්ලම සේවාවන්. රජයෙන් කිසිම මුදලක් ගන්නේ නැතුව අවුරුදු 125ක් මේ කටයුත්ත සිදු කළා පාරිභෝගිකයන් 45කට ආසන්න පිරිසක් ඉන්නවා අපිත් මහනුවර ජීවත්වෙන අය නගර සභාවේ වැඩ ගැන අපි සෑහීමට පත්වෙලා ඉන්නේ ජනතාවට බර පටවන කොට ඒ අයට කතා කරලා ඒවා සමනය කර ගන්නවා දැන් මොකක්ද මේ අය කරන්න හදන්නේ ජල සම්පත් මණ්ඩලය රජයට පවර ගන්න හදනවා එසේ පවර ගෙන ඇමතිවරයා ලකුණු දාගන්න හදනවා. ආණ්ඩුවෙන් ජල බිල සියයට 300කින් වැඩි කරන්න යනවා ආණ්ඩුවට අපි කියනවා පාඩු ලබන අසාර්ථක ආයතන ගැන මැදිහත් වෙන්න සාර්ථකව පවත්වාගෙන යන ආයතන වලට ඇයි මැදිහත් වෙන්නේ ගසාකන්න ලේසි නිසා ද, මේ ආණ්ඩුව බංකොලොත් සල්ලි නැහැ එම නිසා ආන්ඩුවේ නායකයන්ගෙන් ලකුණු දාගන්න මෙය පවර ගෙන ආදායම වැඩි කරල පෙන්නන්න හදනවා .

අද මේ අය තමයි දළදා මාළිගාවටත් විදුලි බිලක් යොමු කලේ නමුත් මහනුවර මහ නගර සභාව මාලිගාවට විදුලිය දුන්නේ නොමිලේ පාසල් වලට සහ අනෙකුත් ආගමික ස්ථාන වලට නොමිලයේ දුන්නේ එවැනි සේවාවක් ලබා දෙනවා වුනත් මේක ලාභ ලබන්න පවත්වාගෙන යන ආයතනයක් නෙමෙයි සේවාවක් විදියට අවුරුදු 125ක් මහනුවර ජලය ලබා දුන්නා දැන් නමුත් කිසිම පළපුරුද්දක් නැති ඇමතිවරයෙක් ඇවිත් පළාතේ සංස්කෘතිය ගැන කිසිම දෙයක් නොදැන පවර ගන්න හදනවා ජල සම්පත් මණ්ඩලයේ බිල සියයට තුන් හාරසීය වැඩිවෙලා මේකත් පවරා ගෙන බිල වැඩිකරල රජයට පෙන්නන්න හදනවා .නගර සභා කියන ඒවා ලාභ ලබන ආයතන නෙමෙයි ඒක තේරුම් ගන්න මේවා සේවාවන් සපයන ආයතන මෙතන කැලයක් සමග වැව් දෙකක් තියෙනවා රේස් පාක් එක උඩ කැලේ අක්කර එක් දහස් දෙසීයක් තියෙනවා මේකත් පවර ගන්න හදන්නේ එතකොට හොඳට ගස් කපන්නත් පුළුවන් ව්‍යාපෘතියත් පැත්තකින් තියෙනවා .මේ ආකාරයට අසීලාචාර අදහස් එක්ක තමයි රජය කටයුතු කරන්නේ මේ සඳහා පක්ෂ භේදයකින් තොරව මුළු මහනුවරම විරුද්ධයි මොකද වතුර මිල සියයට 300කින් වැඩි වෙන නිසා.

ඒ වගේම මහනුවර ජලාශ දෙකක් තියෙනවා ඕන තරම් ඒ වගේ වතුර තියෙනවා අවුරුදු 125 ක් තුළ පොම්පාගාර හදලා කටයුතු කරා ඒවා නගර සභාවේ සල්ලි ආණ්ඩුවේ නෙමෙයි එම නිසා රජයට අපි කියනවා මේක පවර ගන්න එපා කියලා. එසේ පවර ගන්න ආවොත් නීතිමය කටයුතුවලට පෞද්ගලික මමත් මැදිහත් වෙනවා මේ හදන්නේ ජල සම්පත් මණ්ඩලය විනාශ කරන්න එම නිසා ජනාධිපතිවරයා ඇතුළු රජයටත් ඇමතිවරයා ටත් කියනවා මෙය වහාම නවත්තන්න කියලා .

අපේ රට 1948න් පසුව ආණ්ඩු ගණනාවක් පාලනය කළා නමුත් කිසිම ආණ්ඩුවක් රට බංකලොත් කරේ නැහැ අවුරුදු 75ක කාරණය කරා කියලා සමහරුන් දොස් කියනවා නමුත් රට බංකොලොත් වුණේ නැහැ එම ආණ්ඩු වලින් මේ ආණ්ඩුවෙන් විතරයි රට බංකොලොත් වුණේ සෑම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරල ගියා නමුත් මේ අය අවුරුදු දෙක හමාරක් යනකොට රට බංකොලොත් කළා. අද වෛද්‍යවරුන් දහසකට වැඩිය රට අතහැර ගිහිල්ලා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, වෘත්තිකයන් යනවා. ලංකාවෙන් මාසෙකට පහළොස් දාහක් විදේශගත වෙනවා. මේක හොඳ දෙයක් නෙමෙයි නමුත් ආණ්ඩුව තියෙනවා ආණ්ඩුව යන්නේ නැහැ රට බංකොලොත් කරලා කූඩැල්ල වගේ ලැජ්ජ නැතුව එල්ලිලා ඉන්නවා ආත්ම ගරුත්වයක් තියෙනවා නම් දාලා යන්න ඕන තවත් විනාශ කරන්න දෙයක් නැහැ ආණ්ඩුවට කඩේ ගිය අය මේකට වගකියන්න ඕන නම් කියන්න අවශ්‍ය නැහැ ඒ අය කවුද කියලා දන්නවා අද මුළු රටම ව්‍යසනයට පත් කරලා තියෙනවා.

මේ රට බංකොලොත් කෙරේ පොහොට්ටුව ආණ්ඩුව ඒ අයට රට ගොඩගන්න බැහැ දැන් ප්‍රාදේශීය නගර සභා මැතිවරණ කල් දාලා ඡන්ද කියන්නේ නැහැ බයයි ඡන්ද වලට බය ආණ්ඩුවකට රට පාලනය කරන්න පුලුවන්ද, ඉගෙන ගන්න නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගෙන් අවුරුදු හතරකට කලින් ප්‍රාන්ත මැතිවරණ පහක් ඉන්දියාවේ තිබුණා කෝවිඩ් අර්බුදය උච්චතම අවස්ථාවේ මෝදි අගමැතිතුමා මැතිවරණ පහම පැරදුනා නමුත් අවුරුදු දෙක හමාරක් තුනක් තුළ රට හරියට පාලනය කරල කෝවිඩ් මර්දනය කරලා ඡන්දයත් තිව්වා එහිදී ප්‍රාන්ත පහම ජයග්‍රහණය කළා එහෙමයි දේශපාලන නායකයෝ වැඩ කරන්න ඕන අභියෝග බාර ගත්තා ඡන්ද පැරදුණා නමුත් වැඩ කරලා එක හදාගත්ත අපේ අය ඡන්ද වලට බයේ මැතිවරණ තියන්නේ නැහැ අපි රජයට කිව්වා පාර්ලිමේන්තුවේ සියලු ඡන්ද තුනෙන් දෙකක් දෙන්නම් අවශ්‍ය නීති සකස් කරලා පලාත් සභා මැතිවරණ තියන්න කියලා නමුත් තිව්වේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තව එක පිටුවක් තියෙනවා ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කතා කරාට පත්තරේ එක ලියන්නෙත් නෑ ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සල්ලි දුන්නා ඒක ඇත්ත නමුත් අපි අධීක්ෂණය කරනවා රජය ප්‍රජාතන්ත්‍රවාදයට කැපවෙලා තියෙනවද නැද්ද කියලා රජය ඉතාමත් පැහැදිලියි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැප වෙලා නැහැ මැතිවරණ කල් දාලා අධිකරණයට ගියාම මැතිවරුන් තියන්න කියපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවන කටයුතු කරා බය කරන්න මැතිවරණ කොමිසම ඡන්ද තියන්න කිව්වා ඒ අයට විරුද්ධවත් තේරීම් කාරක සභාවක් පත්කරා පැහැදිලියි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් පොරොන්දුව කඩ කරල තියෙන බව නමුත් ඒ අයත් නිහඬයි ඇයි කියන්න අපි දන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img