Tuesday, November 10, 2026
HomeNEWSශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලන සබඳතා ගොඩනැගීමට පාර්ලිමේන්තුව මඟින් වැඩසටහන්...

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලන සබඳතා ගොඩනැගීමට පාර්ලිමේන්තුව මඟින් වැඩසටහන් කිහිපයක්.

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලන සබඳතා ගොඩනැගීමට පාර්ලිමේන්තුව මඟින් වැඩසටහන් කිහිපයක්

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කරීමට තීරණය කෙරේ.
මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කවුන්සිලර් (Counsellor) මොහොමඩ් මඩී (Mohomed Mady) මහතා අතර පසුගියදා සිදු වු හමුවකදීය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සම්බන්ධතා වැඩිකරගැනීමට කළ යුතු කාර්යයන් පිළිබඳවයි.
මේ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තු පාර්ලිමේන්තුව අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ගොඩනැගීම මුලින්ම කළ යුතු බව තීරණය කෙරුණු අතර ඒ සඳහා වන යෝජනාව තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යොමුකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම ‍සම්බන්ධයෙන්ද මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණි.
ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය, වනජීවි ජාතික උද්‍යාන නැරඹීමටත්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ආස්වාදය විඳගැනීමටද ඊජිප්තු ජාතිකයින් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කවුන්සිලර් (Counsellor) මොහොමඩ් මඩී මහතා ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විමසු පැනයට පිළිතුරු ලබාදෙමින් කවුන්සිල්වරයා කියා සිටියේ වසරකට ලෝකය පුරා සංචාරකයින් මිලියන 11 ක් පමණ ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමට පැමිණෙන බවයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියන්ගේ නොබැදි විදෙස් පිළිවෙතට ඊජිප්තුව හැමදාමත් ගෞරව කළ බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවද කවුන්සිලර් (Counsellor) මොහොමඩ් මඩී මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ දෙරට අතර මිත්‍රත්වය වැඩි කරගැනීම තුළින් තවත් ප්‍රයෝජන රැසක් රටවල් දෙකටම හිමිවන බවයි.
අදාළ ඡායාරූප E-mail සහ WhatsApp මඟින් එවා ඇත. වීඩියෝ දර්ශනද එවා ඇත.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img