‘‘රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි – ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි‘‘ – ජේ.සී අලවතුවලරාජ්ය සේවක වැටුප් වැඩිකළ යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බවත් ඔවුන්ට දැනට ලැබෙන වැටුපෙන් දින 15 ක්වත් ජීවත් වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවැසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් ජේ.සී අලවතුවල මහතා පැවසුවේ, 2019 දී රුපියල් 6000 කින් ජීවත් වූ අයෙකුට 2023 දී ජීවත් වීමට රුපියල් 16,000 කට අධික මුදලක් වියදම් වන බවත් 2019 ජීවන වියදම වගේ තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් අද ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත්.ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටු ආණ්ඩුව රට බංකොලොත් කිරීමෙන් සෑම භාණ්ඩයක්ම මිල ඉහළ ගිය බවත් වර්තමාන ආණ්ඩුව සිදුකරන වක්‍ර බදු වැඩි කිරීම හරහා භාණ්ඩවල මිල තවත් ඉහළ යන බව ජේ.සී අලවතුවල මහතා කීය.ජේ.සී අලවතුවල මහතා මේ බව සඳහන් කළේ අද (03) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුකදීය.වැඩිදුරටත් අදහස් දක්වමින් ජේ.සී අලවතුවල මහතා මෙසේ පැවැසීය. ‘‘රටේ ජනතාව අද ජීවිතය ගැට ගහගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අද වනවිට දෙමාපියන්ට පාසල් යන තමන්ගේ දරුවට උදේ කෑම එක ලබාදීමේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද එතැනට රට වැටිලා තිබෙනවා. 2019 දී 6000 ක 7000 ක විතර වියදමකින් ජීවත් වුණ කෙනෙකුට 2023 වනවිට ජීවත් වෙන්න රුපියල් 16,000 ට වඩා වැඩි මුදලක් යනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට එනකොට තිබුණ ජීවන වියදම වගේ තුන් ගුණයට ආසන්න ප්‍රමාණයකින් අද ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා. ජීවන වියදම වැඩි වුණාට අද ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. ජනතාවගේ ආදායම අඩුවෙලා තිබෙන්නේ. රටේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග නැතිවෙලා තිබෙනවා. රටේ මේ වනවිට සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණනාවක් වැහිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇගළුම් ක්ශ්‍රේත්‍රය , ඉන්ජිනේරු ක්ශ්‍රේත්‍රයේ සියලු දෙනාගේ රැකියා අද අහිමි වෙලා තිබෙනවා. ආණ්ඩුව 2023 වසර තුළ සියයට 400 කින් විදුලි බිල ඉහළ දැම්මා. පසුගිය සතියේ නැවත විදුලිබිල ඉහළ දැම්මා. රටේ ජනතාවට එළියට බැහැලා වැඩි වුණා විදුලි බිල ගෙවන්න තිබෙන අපහසුතාවය ගැන හඬ නගනවා. නමුත් ආණ්ඩුව ජනතාවගේ හඬට සවන් දෙන්නේ නෑ ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුව අයවැය ගේන්න කලින් බදු වැඩි කරගෙන යනවා. සීනි වලට රුපියල් 50 ක බද්දක් ගහනවා.සීනි වලට රුපියල් 50 ක බද්දක් ගැහුවා කියන්නේ සීනිවල මිල අනිවාර්යෙන් ඉහළ යනවා. පාලන මිලක් ගේනවා කියලා ආණ්ඩුව කියනවා. පාලන මිලක් ගෙනාවට තියෙන මිලට වඩා රුපියල් 50 කින් කොහොමත් සීනි වැඩි වෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි මොහොතක වක්‍ර බදු වැඩි කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවයට පත් වෙනවා. රටේ ජනතාව ජීවත් කරන්න පුලුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. පසුගිය දවස්වල රටේ ජනතාව වැඩිපුර හිටියේ බැංකුවල උකස් අංශයේ දැන් උකස් අංශ හිස් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට උකස් කරන්න දැන් රත්තරං භාණ්ඩත් නෑ. වහාම ආණ්ඩුව ජනතාව ජීවත් කරවන වැඩිපිළිවෙලකට සූදානම් විය යුතුයි. අයවැයෙන් වක්‍ර බදු වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කළොත් විශාල විනාශයක් ආරම්භ වෙන්න පුලුවන්. ===================================ප්රශ්නය – උද්ධමනය අඩුවෙලා පෝලින් යුගයක් නෑ මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ.පිළිතුර – ආණ්ඩුව කියන කතාව හරි , තෙල් පෝලිම් , ගෑස් පෝලිම් නෑ කියලා ආණ්ඩුව කියනවා. පෝලිම් හැදෙන්න මිනිස්සුන්ට සල්ලි නෑ. අද මිනිස්සු වාහන වලට තෙල් ගහන්නේ ලීටරයත් වඩා අඩුවෙන්. පෝලින් නැති වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් නිසා නෙවෙයි. ජනතාවගේ පොකට්ටුවේ සල්ලි නැති නිසා. සෑම වාර්තාවකින් කියන්නේ ලංකාවේ ජීවන වියදම තුන් ගුණයකින් වැඩිවෙලා කියලා. එතකොට කොහෙමද රටේ උද්ධමනය අඩු වෙන්නේ. මේ සියල්ල ආණ්ඩුව තමන්ගේ වාසියට කියන කතා.‘‘================================== ප්රශ්නය – රජයේ මැති ඇමැතිවරු කියනවා රට බංකොලොත්වෙලා කියලා. ඒ අතර රාජ්‍ය සේවකයන් කියනවා රුපියල් 20,000 කින් වැටුප් වැඩි කරන්න කියලා. මේ ඉල්ලීම සාධාරණදපිළිතුර – රාජ්‍ය සේවක වැටුප් වැඩිකළ යුතුයි. ඒක සාධාරණ ඉල්ලීමක්. දැන් තමන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ. යහපාලන ආණ්ඩුවෙන් රජයේ සේවකයින්ගේ පඩිය දෙගුණයකින් වැඩිකළා. 2015 – 2019 අතර කාලයේ මූලික වැටුප සියයට 107.5 කින් වැඩි වුණා. ඒ වැටුප 2019 ජීවත් වෙන්න ප්‍රමාණවත්. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටු ආණ්ඩුව රට බංකොලොත් කිරීම තුළ සෑම භාණ්ඩයක්ම මිල වැඩිවෙලා තිබෙනවා. මේවනවිට රාජ්‍ය නිලධාරීයා දුප්පතෙක් බවට පත් වෙලා තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි. දැන් ලැබෙන වැටුපෙන් දින 15 ක් ජීවත් වෙන්න බෑ. පිළිතුර – වෛද්‍යවරු වැඩිවර්ජයක් ක්‍රියාත්මක කළා. ඔවුන් කියන්නේ උපයන විට ගෙවන බද්ද වැඩි කිරීමෙන් වෛද්‍යවරු රට හැර යනවා කියලා. ආණ්ඩුව මොකක්ද මේ සම්බන්ධයෙන් ගත යුතු පියවරපිලිතුර – සමගි ජනබලවේගය ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කතා කරලා තිබෙනවා. ආණ්ඩුව අරං තිබෙන විසඳුමට වඩා ප්රගතිශීලි විසඳුමක් තිබෙනවා. ඒ විසඳුම් සමගි ජනබලවේගය ඉදිරිපත් කරලා තිබෙනවා. සියයට 30 ක උපයන විට ගෙවන බද්ද ගැන ආණ්ඩුව නැවත සලකා බැලිය යුතුයි.සමගි ජනබලවේගය ඉදිරිපත් කරපු යෝජනා ගැන ආණ්ඩුව දැන්වත් ක්‍රියාත්මක කරන්න ගත යුතුයි.ප්රශ්නය – ජනාධිපතිවරණය දින්නොත් සමගි ජනබලවේගයට රට කරන්න පුලුවන්දපිළිතුර – අනිවාර්යෙන් කරන්න පුලුවන්. සමගි ජනබලවේගය තමයි ඉදිරි රජය ගෙන යන්න පුලුවන් කණ්ඩායමක් ලෙස දැනට ඉන්නේ. සමගි ජනබලවේගය සතුව ආර්ථික විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට අද්දැකීම් තියෙන පිරිසක්. අද්දැකීම් නැති අය තනතුරුවලට පත් කරලා මොකක්ද වුණේ කියලා රටේ ජනතාව දන්නවා. පාර්ලිමේන්තුවේ සහ දේශපාලන ක්ශ්‍රේත්‍රයේ ඉන්න හොදම පිරිස ඉන්නේ සමගි ජනබලවේගයේ. ප්රශ්නය – විදුලි බිල වැඩිවීම ගැන ජනතාව පන්දම් පත්තු කරගෙන විරෝධතා දක්වනවා. ඒ ගැන ජනාධිපතිවරයාට ආණ්ඩුවට තේරීලා නැ නේ තාම.පිලිතුර – විදුලි බිල වැඩිවීම ගැන විරෝධතා දක්වන්න ඕන. මෙතනින් නවතින්නේ නෑ මේ විරෝධතාව පාර්ලිමේන්තුවටත් ගේනවා. විදුලි බිල අඩුකරනකන් අපි ජනතාව සමඟ සටන් කරනවා.ප්රශ්නය – අනුර කුමාර දිසානයක කියනවා රට ගොඩගන්න වැඩේ ඔවුන්ට කරන්න පුලුවන් කියලා.පිළිතුර – ඔවුන් මීට පෙර ආණ්ඩුවල හිටියා. ඔවුන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඉදලා දිගටම ආණ්ඩුවල කටයුතු කරපු කණ්ඩායමක්. රාජපක්ෂ විරෝධය ගැන කතා කළාට 2005 මහින්ද රාජපක්ෂ බලයට ගේන්න වැඩි වැඩකොටසක් කළේ ජනතා විමුක්ති පෙරමුණ කියලා අනුර කුමාර දිසානායකම කියනවා. ගෝඨාභයට ඡන්දය දිලා ජනතාව පාඩමක් ඉගෙන ගත්තා. ජනතාව ඊටත් එහා අනාත භාවයකට යන්න සුදානම් නෑ.






















