Monday, November 2, 2026
HomeNEWSඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට ඉන්දියාවේ පැසසුම්.

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට ඉන්දියාවේ පැසසුම්.

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට ඉන්දියාවේ පැසසුම් හිමිවෙනවා.. – ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් 2023.11.02 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1.0747 ක ඉන්දීය ප්‍රදාන ආධාරයෙන් ආගමික ස්ථාන වල සූර්ය විදුලි ව්‍යාපෘති සඳහා පමණක් ඉන්දීය රුපියල් මිලියන 824 ක් වෙන් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය. ඉන්දු-ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අසීමිත උත්සාහයන් ඉන්දියාව ඉතා අගය කරන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය සඳහන් කළාය. “දශක ගණනාවකට පෙර අපි අපේ නිදහස සඳහා සටන් කරන විට, ඔබේ දෙමාපියන් ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූ අතර දැන් අගමැති ලෙස ඔබ දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් අපි ඔබට ඉතා ඉහළ ගෞරවයක් දක්වනවා,” යැයි ඇය මෙහිදී පැවසුවාය. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරටේ නියෝජිතයින් ද එක්ව සිටියහ.අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි

මෙක්සිකෝ සිටි ග්‍රොන් ප්‍රී තරගයේදී ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි (20) ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි. මෙම ශූරතාවය...

ලාල් විජේනායක මහතාගේ දේහයට ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් අවසන් ගෞරව

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන්...

ඇමෙරිකාවේ – ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි.. 09 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ - ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි 09 දෙනාම ජීවිතක්ෂයට: විදෙස් මාධ්‍ය

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img