Monday, November 2, 2026
HomeNEWSසෙවනගලත් ගජ මිතුරන්ට විකුණන්න හදනවා-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

සෙවනගලත් ගජ මිතුරන්ට විකුණන්න හදනවා-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

*සෙවනගලත් ගජ මිතුරන්ට විකුණන්න හදනවා. මේ ගැන දරුවන්ට දැන ගැනීමේ අයිතියක් තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා**තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇත්තේ වැඩිහිටියන්ම පමණක් නොව පාසල් දූදරුවන්ට ද ඇති බවත් එබැවින් පාසල් දූදරුවන්ට රටේ පාලකයන් සහ දෙමාපියන් සිදු කරන දූෂණ වංචා ආදී වැරදි දේවල් ගැන දැනුවත් කිරීම වැරදි නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*පසුගිය රජය සමයේ වරහන් ඇතුළේ ජාතික පාසල් බෝඩ් හදන්න ලක්ෂ 20ක් ලබා දී ඇති බවත් එහෙත් සමගි ජන බලවේගය සක්වල වැඩසටහන යටතේ පාසලට සුහුරු පන්ති කාමර උපකරණ ස්මාර්ට් බෝඩ් පරිගණක ආදිය ලබා දීමට රුපියල් ලක්ෂ 10ක් වැය කර ඇති බවත් මිනිසුන් අන්දවන්න පාසල ඉස්සරහ බෝඩ් ගහනවට වඩා ඒ ලක්ෂ 20න් පාසලට මිට වඩා පරිගණක අරන් දීමේ හැකියාව ඇති බවත් මෙය දේශපාලන ඇන්දවිල්ලක් මිස පාසල් නඩත්තු කිරීමක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේ ම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මියට අනුව වයස අවුරුදු 12ත් 13ත් අතර දුෂ්කර ප්‍රදේශවල සමහර දරුවන් අධ්‍යාපනය අතහැර යන බවත් මේ සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු බවත් රජයට දිවා ආහාරය ලබා දීමට මුදල් නොමැති වුවත් කාබනික වගාවෙන් රට විනාශ කළ ඇමතිවරු පවා රට සවාරි ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.තවද පසුගිය දා සිදුවූ ඇමති පුටු මාරුව පිටුපස සෙවනගල විකිණිමේ ගණුදෙනුවක් ඇති බවත් තමන්ගේ ගජ මිතුරකුට සෙවනගල විකිණීමේ සූදානමක් ඇති බවත් මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 41 ලක්ෂයක් දූදරුවන්ට ද තිබෙන බවත් බංකොලොත් රටේ පුනර්ජනනීය බලශක්ති, බාල බෙහෙත්වලින් පවා ගසා කන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සුපිරි පොහොසතුන්ගෙන් පවා බදු අය කර ගැනීම පැහැර හැර ඇති මොහොතක වැට් බදු සියයට 18 දක්වා වැඩි කර ඇති බව යි.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ, ලග්ගල නුගගොල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක් වෙමිනි. මෙසේ ක්‍රියාත්මක වූයේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 42 වැනි අදියරයි.*සුපිරි පොහොසතුන්ට මෙවැනි සහන ලබා දෙන අතරතුර ව්‍යාජ දත්ත ඉදිරිපත් කර 3 වැනි වතාවටත් අනීතික ලෙස විදුලි බිල වැඩි කිරීමෙන් අනතුරුව ලබන වසරේ සිට වසරකට 4 වතාවක් විදුලි බිල සංශෝධනය කිරිමට සූදානම් බවත් රජයට මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.*අපි රටේ තාවකාලික බාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ*ජනාධිපති අගමැති ආදී රජයන් යනු රටේ තාවකාලික බාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බවත් ඔවුන් මේ වන විට හැසිරෙන්නේ මුළු රටම තමන්ට සින්නක්කර ඔප්පුවකින් ලියා දී ඇති ආකාරයට බවත් මෙම වහල් භාවයෙන් මිදීමට කාලය එළඹ ඇති බවත් මේ රට බංකොලොත් කළ නින්දිත පවුල් පාලනය අතුගා දමා ඊට සම්බන්ධ සියලු දෙනාම ජන මතයෙන් එලවා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 42ක් සදහා රුපියල් ලක්ෂ 384ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.*NEWS CLIP ♦️https://youtu.be/RxvUvxuKvvg?si=5FYHZrcy7iQTOBuT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි

මෙක්සිකෝ සිටි ග්‍රොන් ප්‍රී තරගයේදී ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි (20) ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි. මෙම ශූරතාවය...

ලාල් විජේනායක මහතාගේ දේහයට ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් අවසන් ගෞරව

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන්...

ඇමෙරිකාවේ – ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි.. 09 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ - ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි 09 දෙනාම ජීවිතක්ෂයට: විදෙස් මාධ්‍ය

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img