Thursday, November 5, 2026
HomeNEWSමීට අවස්ථා ගණනාවකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් දෙනා උත්සාහ...

මීට අවස්ථා ගණනාවකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් දෙනා උත්සාහ කලා.- නාමල් රාජපක්ෂ.

මීට අවස්ථා ගණනාවකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න ගොඩාක් දෙනා උත්සාහ කලා.- නාමල් රාජපක්ෂ මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කල හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත් දිනන්නට නොහැකි යැයි කියූ තිස්වසරක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කල නායකයා බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතු බවට සිදුකරන  අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ගැන මාධ්‍ය මගින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කල පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුධ අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කල බවත් ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කල බවත් අරගලය වෙලාවේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කල බවත්, දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත්කරන බවත් මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂට වන අතර විපක්ෂයේ ඉන්න සියළු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් බව නාමල් රාජපක්ෂ පැවසීය.මහින්ද රාජපක්ෂ හැමදාම තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් බොහෝ නායකයින් යුද්ධය ඉවර නොකර ජාත්‍යාන්තරය සතුටු කල බවත් තවත් සමහර නායකයින් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන් බවත් නාමල් තවදුරටත් පැවසීය. නමුත් මහින්ද ජනතාව හැර කවුරුන්වත් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට නොගිය  බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කලේය. මහින්ද යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු බවත් මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු වරදක් ලෙසටදැයි නාමල් රාජපක්ෂ විපක්ෂයෙන් ප්‍රශ්න කරන බවද පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img