සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට දේශීය වෛද්‍ය ක්ෂෙත්රයේ වැදගත් අංගයක් වන පාරම්පරික වෛද්‍ය ක්රමයේ දැනුම හා ශිල්පීය ක්‍රමවේදයන් සංරක්ෂණය කිරීම, වෘත්තීය කටයුතු විධිමත් කිරීම සහ ගුරුකුල අධ්‍යාපන සම්ප්රදාය පවත්වාගෙන යාමට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය.
නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා යෝජනා පිළිබඳව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමඟ වැඩිදුරටත් කරුණු සාකච්ඡා කළේය. එහිදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අදාළ ආයතන හා විෂයභාර අංශ සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වන සමන්ති රණසිංහ, යූ. එස්. කේ. දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන, නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් අනූෂා දුලන්ති, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය මහේල සම්පත්, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය සාරංගා සරත්චන්ද්‍ර, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය ජයවීර පීරිස්, ලේකම් ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය විමල් පියතිලක, භාණ්ඩාගාරික ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය ජයරත්න නන්දදේව, නියෝජ්‍ය ලේකම් වෛද්‍ය හෙන්රි පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය ,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.






















