වමට සිග්නල් දමා දකුණට යන නව ලිබරල්වාදී මාලිමාවේ ප්රජාතන්ත්ර විරෝධී ගමන එකින් එක අනාවරණය කරනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි
ඉස්සර මාක්ස් ලෙනින් ස්ටාලින් දෙවියන් වී සිටි මාලිමාවේ වර්තමාන දෙවියන් ලෙස ඇඩම් ස්මිත් වැනි ආර්ථික විද්‍යාඥයන් දෙවියන් වී ඇති බවත් රටේ සිදුවූ මේ පරිවර්තනය නිසා රටේ ජනතාව අන්දවා ඇති බවත් මැතිවරණයේ දී වමට සිග්නල් දමා දකුණට යන මාලිමාව නව ලිබරල්වාදයේ කප්පිත්තන් පීතෘවරුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
දත්ත පද්ධතිය සුද්ද කරනවා කියා රජය කිව්වත් මේ රජය බලයට ආවේ දුප්පත්කම තුරන් කරන්න බවත් එසේ පැමිණි මාලිමා රජය අදටත් වැරදි දත්ත මත විද්‍යාත්මක නොවන දත්ත මත පදනම්ව අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තරම් වත්මන් රජය අදක්ෂ වී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට පාරිභෝජනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම, ආයෝජනය සහ අපනයනය යන කොටස් ඇතුළත් වුවත් අස්වැසුමේ ඇත්තේ පාරිභෝජනය පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනපති අයවැය ඉදිරිපත් කරන්නේ ආදායම් වියදම් සමීක්ෂණයවත් නොකර
12 වැනිදාට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කළත් අදටත් අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය සම්පූර්ණ කරන්න නොහැකි වී ඇති බවත් අයවැය කතාව කියවන්නේ රටේ දරිද්‍රතා රේඛාව නොදැන බවත් ඒ තරම් රජය අදක්ෂ වී ඇති බවත් ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණියත් රටේ සැබෑ තත්ත්වය නොදන්නා බවත් රටේ දුප්පත්කම 30-40%ක් ඇති බවත් 18-24 අතර තරුණයන් අතරින් වැඩිම විරැකියාව ඇත්තේ අප රටේ බව IMF කියන බවත් කර්මාන්තශාලා වැසී රැකියා නැති වී දුප්පත්කම වැඩි වුවත් එය වළක්වා ගන්නවත් රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය IMF පදයට නටනවා
IMF කියන කියන පදයට නැටුවා මිස රට ගැන හිතුවේ නැති බවත් ප්‍රාථමික ශේෂය ද.දේ.නිෂ අනුව 2.3% ඇති බවට IMF කියන විට 5.4% දක්වා රජය බදු බර වැඩි කර අත්කර ගත් බවත් රාජ්‍ය ආදායම 13.9%ක් යැයි IMF කියන විට 15.4% දක්වා රජය බදු බර වැඩි කර ඇත් කර ගෙන තිබෙන බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට ලක්ෂ 12කට විට්ස් කාර් එකක් රු. 50000ට දෙනවා කියු ජපන් බයික් එකවත් අද නැති බවත් වරායේ ගොඩබාන මිලටම තෙල් දෙනවා කිව්වත් අද වන විට පෙට්‍රල් මිල ඩීසල් මිල වැඩි වෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ජන ජීවිත කුඩා කර අවසන්
රජය රටේ ජනතාවගේ ජන ජීවිත කුඩා කර අතේ ඇති මුදල් පිට්පොකට් ගසමින් යන බවත් සෘජු හා වක්‍ර බදු මහා පරිමාණයෙන් වැඩි කර ජනතාවගේ ජන ජීවිත දුෂ්කරතාවලට ලක් කර ඇති බවත් ජනතාවගේ ආර්ථික, සමාජීය අයිතිය උල්ලංඝනය කරන අතරතුර රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන්න යැයි කියමින් මාලිමාව ජනතාවගෙන් ආරක්ෂා කර ගන්න පනත් ගෙන විත් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරනවා කියා දේශපාලන විරෝධතාකරුවන් මර්දනය කරනවා
රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත තුළින් දේශපාලන විරෝධකරුවන් මර්දනය කරන්න යන බවත් මෙහි වගන්ති දෙස බලන විට දේශපාලන වශයෙන් විරුද්ධ වූ කණ්ඩායම්වලට පියවර ගෙන ප්රජාතන්ත්රවාදය සංකෝචනය කර මානව අයිතිවාසිකම් දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් සෑම දෙයකින්ම රටේ ලක්ෂ 220ම මර්දනය කරන්න රජය කටයුතු කරන බවත් ත්‍රස්තවාදිය කවුද කියා නිර්වචනය කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පවා පවරා ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ රජයට ලැබූ ජනවරම අමු අමුවේම උල්ලංඝනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාලිමාව ලැබූ ජනවරම පාගා දමමින් පාවා දෙනවා
රජය බලයට පත් වූයේ ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න නොව ප්රජාතන්ත්රවාදී අයිතිය ප්‍රසාරණය කරනවා කියා වුවත් අද වන විට රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් යන ජනවරම පාවා දෙමින් සිටින බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව ලිබරල්වාදී ආණ්ඩුව ජනතාවගේ යුක්තිය සාධාරණත්වය ජන ජීවිත සුරක්ෂා කරනවා කියා වුවත් මේ රජය අද වන විට ජනතාවගේ ජන ජිවිත කුඩා පට්ටම් කර කුප්‍රට කර ධනවතුන්ට ගජමිතුරු ධනවාදීන් රජකරවන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්ධන මිල ගිය පාරේ විදුලි බිලත් යමින් නැවත වරක් වැඩි වෙයි!
ඉන්ධන මිල වැඩි කර ඇති මොහොතක විදුලි බිල පවා වැඩි කරන්න සූදානම් බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් අදටත් මේ පොරොන්දු ක්‍රියාත්මක නොකරන බවත් ඇ. එක්සත් ජනපදයේ ඡන්ද ප්‍රතිඵල බලන ලෙස රජයට අභියෝග කරන බවත් අද වන විට ඇමෙරිකාවේ සිදුවන පරිවර්තනය දෙස බලන ලෙස රජයට යෝජනා කරන බවත් රජයට කොන්දක් තියේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් ජනතාවගේ බදු බර අඩු කර පොරොන්දු වූ සහන ටික දෙන්න
දැන්වත් බදු බර අඩු කර ජනතාවට දිය යුතු සහන නිවැරදිව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් අද වන විට රටේ 80000ක් උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එදා මැතිවරණ සමයේ මේ උපාධිධාරීන් රවටා ඡන්දය ගත්තත් අද මොවුන් මහ පාරේ බවත් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගොවිජනතාවට පොරොන්දු වූ දේවල් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් වශයෙන් පැවසීය.






















