Wednesday, November 4, 2026
HomeNEWSශ්‍රී ලංකා - නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට

ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට

ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට: දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නෝර්වේ රාජ්‍යයෙන් පූර්ණ සහය…

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නව දිල්ලියේ නෝර්වේ තානාපති කාර්යාලයේ හා නෝර්වේ සාගර පර්යේෂණ ආයතනයේ විශේෂ නියෝජිත පිරිසක් අතර නිල සාකච්ඡාවක් (03) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍යවරයා විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිදුකළ නෝර්වේ නිල සංචාරයේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව සිදු වූ අතර, සාකච්ඡාව සඳහා නව දිල්ලියේ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අර්වින් ඊකලන්ඩ් ගාඩ්ගිල්, දෙවන ලේකම් ටෝමොඩ් නොර්ඩ්වික් නූලන්ඩ්, නෝර්වේ සාගර පර්යේෂණ ආයතනයේ තිරසර සංවර්ධන පිළිබඳ විශේෂ උපදේශක ඕලේ ආර්වේ මිසුන්ඩ් යන අය එක්වූහ.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමස්ත කර්මාන්තයේම විශාල පරිවර්තනයක් සිදුකිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ පූර්ණ සහයෝගය ලබාගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ,

“අපේ රටේ ධීවර කර්මාන්තයේ විශාල පරිවර්තනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වන විට අපේ රටේ ධීවර කර්මාන්තයෙහි නියැලෙන කුඩා ධීවර යාත්‍රා 50,000ක් පමණ තිබුණත්, නවීන තාක්ෂණය නොමැතිකම නිසා ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම සහ අපේ ධීවරයින් මුහුදු ගිය පසු විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම දැකිය හැකියි. අපගේ මූලික අරමුණ වන්නේ පවතින යටිතල පහසුකම් නවීකරණය කරමින් තාක්ෂණික අභියෝග ජය ගැනීමයි. එමඟින් දේශීය ධීවර නිෂ්පාදන යුරෝපා රටවලට යැවීමට අපට හැකියාව ලැබෙනවා. තවද, කර්මාන්තය පුළුල් කිරීමේ පියවරක් ලෙස ජලජීවී වගාව සහ මිරිදිය ධීවර කර්මාන්තය තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ඒ අනුව මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සුවිශේෂී කරුණු කිහිපයකට සහය දැක්වීමට නෝර්වේ රාජ්‍යය මෙහිදී එකඟතාව පළ කර ඇත. දේශීය සමුද්‍රීය ජලජීවී වගා ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහයෝගය ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කර ගැනීමට අවශ්‍ය සහය දැක්වීමටත් නෝර්වේ රාජ්‍යය එකඟ විය.

මෙහිදී අදහස් දැක්වූ නෝර්වේ නියෝජිත පිරිස සඳහන් කළේ ජාත්‍යන්තර සහයෝගීතාවය සහ තිරසර සංවර්ධනය උදෙසා බෙංගාල බොක්ක සංසදය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන්ම සාගර පර්යේෂණ ආයතන හරහා ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ලබා දෙන සහයෝගය ඉදිරියටත් සක්‍රියව පවත්වාගෙන යන බවයි.

ඒ.එම්.එම්.එම්.කරුණාරත්න,
මාධ්‍ය ලේකම්,
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක්

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් 2026 වසරේ සිව් වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88% ඉහළ නැංවීමට ඉල්ලා ඇති අතර එය 1.46% ක් බවට මහජන...

භයානක පනත් දෙක සම්මත වුනොත් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයෙන් කොන් වෙනවා – ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කළ අදහස්මේ රටේ මෑතකදී යෝජනා වූ...

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img