Wednesday, November 4, 2026
HomeNEWSසූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

“ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්, තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා උදා කිරීමටත්, පුද්ගල කුසලතා සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි” යනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2026 නොවැම්බර් 01 වැනි දින කොළඹ සිනමන් ලයිෆ් – සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේ පැවති Nestlé Golden Chef’s Hat Competition 2026 සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. එහිදී තරගයේ ජයග්‍රාහකයින් වෙත සම්මාන පිරිනැමීමට ද අමාත්‍යවරයා එක්විය. සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ඔවුන් දැක්වූ දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ වෘත්තීය කැපවීම මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය සංචාරක ආකර්ෂණයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරටට ආවේණික ආහාර සම්ප්‍රදායන්, දේශීය අමුද්‍රව්‍ය සහ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට හඳුන්වා දීමේදී ඒවායේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

එමෙන්ම, තරුණ තරුණියන්ගේ සූපශාස්ත්‍ර හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීමේ සහ ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට පෞද්ගලික අංශය, වෘත්තීය සංගම් සහ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Junior Nestlé Golden Chef’s Hat Competition සඳහා සිසුන් 1,500කට අධික පිරිසක් සහභාගී වීම අගය කළ අමාත්‍යවරයා, තරුණ පරපුරේ දක්ෂතා හඳුනා ගැනීමටත්, ඔවුන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා කරා යොමු වීමටත් මෙවැනි වැඩසටහන් වැදගත් වන බව සඳහන් කළේය.

Nestlé Professional විසින් Chefs Guild of Lanka සහ Sri Lanka Hospitality Graduates Association සමඟ එක්ව 2026 තරගාවලිය සංවිධානය කර තිබිණි. දිවයින පුරා පැවති මූලික කලාපීය තරග වට සඳහා වෘත්තීය සූපවේදීන් 150කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙවර තරගාවලියට අලුතින් හඳුන්වා දුන් Green Spatula Award සම්මානය මඟින් ආහාර නාස්තිය අවම කිරීම, වගකීම් සහගත අමුද්‍රව්‍ය සැපයුම සහ පරිසර හිතකාමී මුළුතැන්ගෙයි ක්‍රියාකාරකම් ඇතුළු තිරසාර සූපශාස්ත්‍ර භාවිතයන් ඇගයීමට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට සූපවේදීන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, කර්මාන්ත නියෝජිතයන් සහ නවක සූපශාස්ත්‍ර ශිල්පීන් එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සූපවේදීන් ලබාදෙන දායකත්වය සහ ඔවුන්ගේ වෘත්තීය දක්ෂතා මෙහිදී ඇගයීමට ලක් විය.

තරගයේ ජයග්‍රාහකයින්, අවසන් වටයට සහභාගී වූවන් සහ සියලුම තරගකරුවන් වෙත සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා, සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ දක්ෂතා පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් Nestlé Lanka සහ එහි හවුල්කාර ආයතන ලබාදෙන දායකත්වය අගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...

විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ විරෝධතාවක නිරත වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රශ්න කිරීමෙන් පසු, විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ විරෝධතාවක නිරත වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img