Wednesday, November 4, 2026
HomeNEWSක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් විරෝධය පළ කරනු ලැබීය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය අද (03) ප්‍රකාශයට කළේය.

කොළඹ, ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් වන වෙනත් නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...

කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් 2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය...

PSTA – PTA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පාර්ලිමේන්තුව පිවිසුම් මගෙහි විරෝධතාවයක

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු ! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු ! " යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img