Wednesday, November 4, 2026
HomeNEWSගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නොවැම්බර් 02 වනදා පැවැත්වුණු “The Value of Vision” – ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට සහභාගී වූවාය.

අනතුරුව එහි පැවති ඉහළ පෙළ නියෝජිත සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ අක්ෂි සෞඛ්‍යයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්, සැමට සෞඛ්‍ය රැකවරණය ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පෙනී සිටිනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය පහසුකම් ලබාදීම දීර්ඝ කලයක සිට පවතින ජනතා පරමාධිපත්‍ය වගේම කැපවීම මත සිදු වුණා. ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය සේවාව ද ගොඩනැගී තිබෙන්නේ ඒ අනුවයි.

අක්ෂි සෞඛ්‍යය කියන්නේ හුදු සමාජයීය පිරිවැයක් නෙමෙයි, මානව සම්පත වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ලෙස අප හඳුනාගත යුතුයි.

එහිදී දරුවන් සහ තරුණ පරපුර වෙනුවෙන් අපගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ජාතික පාසල් සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව 1, 4, 7 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ පෙනීමේ ආබාධ හඳුනාගැනීමේ පරීක්ෂණ පවත්වන අතර ම අවශ්‍ය සිසුන්ට නොමිලේ ඇස් කණ්නාඩි සහ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කරනවා.

මීට අමතරව, ජනාධිපති අරමුදල මගින් ඇස් කණ්නාඩි අවශ්‍ය සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ඒවා ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර 2026 ඔක්තෝබර් 17 වනදා සාර්ථකව ක්‍රියාත්මක කළ බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

වළක්වා ගත හැකි පෙනීමේ ආබාධ සඳහා පිළියම් යෙදීම, අක්ෂි සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ ඒ සඳහා වන ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවෙන් අනතුරුව, පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සහ ව්‍යාපාරික විධායකයින්ගේ සමුළුවට (Commonwealth Leaders and CEOs’ Summit) ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය දේශගුණික මුල්‍ය ප්‍රවේශ මධ්‍යස්ථානයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සූදානම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘති දෙකක් වන “දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධති ව්‍යාපෘතිය” සහ “හරිත හයිඩ්‍රජන් බලගැන්වූ ශූන්‍ය කාබන් විමෝචන වරාය සැපයුම් ව්‍යාපෘතිය” යන සුවිශේෂී ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එක්වන ලෙසද පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික නායකයන්ට සහ ආයෝජකයින්ට අග්‍රාමාත්‍යතුමිය ආරාධනා කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...

කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් 2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය...

PSTA – PTA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පාර්ලිමේන්තුව පිවිසුම් මගෙහි විරෝධතාවයක

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු ! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු ! " යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img