Thursday, November 5, 2026
HomeNEWS*ග්‍රාම නිලධාරී විභාගයෙන් 2238 දෙනෙකු පෙබරවාරි 04 ට පෙර රාජ්‍ය...

*ග්‍රාම නිලධාරී විභාගයෙන් 2238 දෙනෙකු පෙබරවාරි 04 ට පෙර රාජ්‍ය සේවයට – රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත.

, *ග්‍රාම නිලධාරී විභාගයෙන් 2238 දෙනෙකු පෙබරවාරි 04 ට පෙර රාජ්‍ය සේවයට – රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි.* ග්‍රාම නිලධාරි තනතුරේ සියලු පුරප්පාඩු ලබන පෙබරවාරි 4 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට 2023.11.24 දින එක්වෙමින් .2021 වසරේ අයදුම් පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සදහන් දෙසැම්බර් මස 02 දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී සඳහන් කළේය මෙම විභාගයෙන් 2238 දෙනෙක් ග්‍රාම නිලධාරී වන තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බවයි. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කර දීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් ලබාදුන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව *දංකොටුව ප්‍රාදේශීය ලේකම්* කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.මෙම සාකච්ඡා සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස් හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චලංක අතුකෝරාල, යන මහත්ම මහත්මීන් ඇතුළු ග්‍රාම නිලධාරීන් රැසක් එක්ව සිටියහ.මීට අදාළ වීඩියෝ දර්ශන ඔබ මාධ්‍ය ආයතන වෙත we transfer කර ඇත.https://we.tl/t-BNaoI2O1IUකසුන් විරතුංගමාධ්‍ය ප්‍රධානීස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ 0713935936

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img