*කාන්තාවන්ට සහ ළමුන්ට එල්ල වී ඇති අවදානම් රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්*සමීක්ෂණවලට අනුව ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82ක් අවදානම් තත්ත්වයක සිටින බවත් කාන්තාවන් මුලික කර ගත් ගෘහ ඒකක බහුතරයක් අවිදිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවල පැටලීමත් සමඟ ඇතිව තිබෙන ණය බර නිසා කනකර පවා උගස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේ ම නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සංවිධාන 11000ක් මේ වන විට රට තුළ ඇති බවත් ගම්වල ‘ඇඳ ණය’ ලෙස හදුන්වන මෙකී ණය ගෙවීමට නොහැකි වූ විට ලිංගික අල්ලස් ලබා ගැනීමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.තවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය පැවසූ ආකාරයට පසුගිය මාසයේ දී වයස අවුරුදු 15ට අඩු දරුවන් 169ක් අතවරයට ලක්ව ඇති අතර ඉන් දරුවන් 26 දෙනකු ගැබ් ගෙන ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වාර්තාවලට අනුව පසුගිය මාස 9ක් තුළ ළමයින් 12 දෙනකු ඝාතනය කර ඇති බවත් ඊට අමතරව ලිංගික අතවර කිරීම් 1086ක් සහ බරපතල ලිංගික අපයෝජන සිදුවීම් 425ක් වාර්තා වී ඇති බවත් මේ තත්ත්වයෙන් දරු පරපුර මුදවා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (30) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.**ඇගලුම් කම්හල් 2000ක් වසා දමලා*එසේම ඇගලුම් ක්ෂේත්රයේ කර්මාන්තශාලා වසා දැමීම නිසා බහුතරයක් කාන්තාවන්ට රැකියා අහිමි වී ඇති බවත් ඒ නිසා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු පවා ඇනහිට ඇති බවත් මේ වන විට කර්මාන්තශාලා 2000ක් පමණ වැසී 533858කට පසුගිය වසරේ රැකියා අහිමි වී ඇති බවත් ඇගලුම් කම්හලින් සියයට 20ක් මාස 3කට වසා ඇති බවත් ඉන් ආයතන 10ක් වන්දි ලබා දී සේවකයන් ඉවත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ඔවුන්ගේ රැකියා අහිමි වීම නිසා කාන්තාවන් විවිධ වෙනත් ක්‍රම ඔස්සේ මුදල් සෙවීමට පෙළඹි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.*ආර්ථික අර්බුධය උග්‍ර වෙලා*ආර්ථික අර්බුධය ක්‍රමයෙන් විසදීමට රජය පියවර ගෙන ඇති පැවසුවත් සාමාන්‍ය ජනතාව දෙස බලන විට ඔවුන් පත්ව ඇති ශෝචනීය තත්ත්වයේ අඩුවීමක් නොමැති බවත් ආර්ථික අර්බුධය නිසා සෘජුවම බලපෑමට ලක් වී ඇත්තේ කාන්තාවන් සහ ළමුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.2023 මැයි මස වන විට ලක්ෂ 39ක ජනතාව මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයේ පසුවන බවත් කුටුම්භ 10000කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්ෂිතතාවට මුහුණ දෙන බවට යුනිසෙෆ් ආයතනය පවසන බවත් මේ වන විට ත්‍රිපෝෂවල පවා ඇෆ්ලටොක්සින් නම් විෂ රසායනය අඩංගු බවට චෝදනා එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පසුගිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය 2021 -2030 දක්වා දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් එළි දැක්වූ බවත් එය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් 2023 වසරේ ප්‍රකාශිත බහුමාන අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව 0.026ඒ අගයක සිටින බවත් සැම පුද්ගලයන් 10කින් 6ක් බහුවිද අවදානමකට ලක්ව ඇති බවත් එය සමස්ත ජනගහනයෙන් සියයට 55.7ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.https://youtu.be/fnYTslit0gQ?si=OOZl_zSlUq8h3r_Q






















