Friday, November 6, 2026
HomeNEWSCOP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි .

COP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි .

COP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය. දේශගුණික විපර්යාස තුළින් සිදුවන බලපෑම මෙන්ම ඒ වෙනුවෙන් ගත හැකි විසඳුම් ඇතුළත් ප්‍රධාන නිර්දේශ 10කින් මෙම තරුණ ප්‍රකාශනය සමන්විත වේ. දේශගුණික විපර්යාස පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට ලබාදීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී තරුණ නියෝජනය පුළුල් කිරීම, පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය සුරැකීම සම්බන්ධයෙන් ගත යුතු හදිසි මෙන්ම වැදගත් ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව මෙම තරුණ ප්‍රකාශනය තුළින් අවධාරණය කර ඇත. ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, බෝධ් මාතුර මහතාගේ නායකත්වයෙන් ෆාතිමා ශම්ලා, සන්දෙව් ෆර්ඩිනැන්ඩෝ සහ තරුෂි වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවනු ලැබූ කමිටුව මඟින් මෙම ප්‍රකාශනය කෙටුම්පත් කරනු ලැබීය. මෙහිදී පසිඳු ගුණරත්න මහතා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දේශගුණික විපර්යාසයන් පිළිබඳ ව සිදුකළ විශේෂ තරුණ පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙන්ම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සිසු සිසුවියන් සහ ප්‍රථම දේශීය තරුණ සමුළුවට (Inaugural Local Conference of Youth) සහභාගි වූ තරුණ තරුණියන් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අදහස් ද මෙම ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ කාර්යයේදී වඩාත් වැදගත් වූ බවයි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ මෙම ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය පසුගිය දෙසැම්බර් 02 වැනිදා ඩුබායිහිදී පැවති එම සමුළුව අතරවාරයේ සංවිධානය කළ ”ශ්‍රී ලංකා තරුණ වැඩසටහන” අවස්ථාවේදී පසිඳු ගුණරත්න මහතා විසින් එළිදක්වනු ලැබීය. ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව අතිසාර්ථක ලෙස පැවති මෙම ”ශ්‍රී ලංකා තරුණ වැඩසටහන”, ජාතික තරුණ සේවා සභාව, ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබිණි. එසේම මෙම සමුළුව සඳහා එක්ව සිටි තරුණ නියෝජිත කණ්ඩායම රජයේ කිසිදු අරමුදලක් භාවිත නොකිරීම ද විශේෂත්වයකි. අදාළ තරුණ ප්‍රකාශනය http://www.nysc.lk/youthstatements.pdf හරහා පරිශීලනය කළ හැකි ය. ජනාධිපති මාධ්‍ය අංශය 2023-12-06

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img