Saturday, November 7, 2026
HomeNEWSවික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා‘‘ - මරික්කාර්.

වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා‘‘ – මරික්කාර්.

‘‘වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා‘‘ – මරික්කාර් ජනතාව පීඩාවට පත් කරන වික්‍රමසිංහ පොහොට්ටු හොර ජුන්ටාවේ වැඩපිළිවෙලට විරුද්ධව ජනවාරි මාසයේ දී ජනතාව සමඟ පාරට බහින බවත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සමගි ජනබලවේගයට යුතුකමක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ, පාර්ලිමේන්තුව වාර අවසාන කර විසුරුවාහැරීමට රජය උත්සහ කරන බවට සැක මතුවන බවයි. එසේ සිදුකළහොත් කෝප් කමිටුව , කෝපා කමිටුව , මුදල් කාරක සභා ඇතුළු සියලු කාරක සභා අහෝසි වන බවත් රංජිත් බණ්ඩාරව කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කරන්න ආණ්ඩුවට කොන්දක් නැති බවත් රංජිත් බණ්ඩාරව ඉවත් කරන්න පාර්ලිමේන්තුව වාර අවසාන කළ යුතු නැති බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව පෙන්වා රජයේ මූලික මර්මස්ථානවල සිදුවන දූෂණ වංචා සියල්ල වහලා දාන්න ආණ්ඩුව උත්සහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.අද (06) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව පැවැසීය. හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.එස් එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය. ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවු අවස්ථාවේදී එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර කටයුතු කළ ආකාරය සහ කෝප් කමිටු සමාජිකයන්ගෙන් එල්ල වූ විරෝධතාවය හේතුවෙන් කතානායකවරයා කෝප් කමිටුව තාවකාලිකව තහනම් කළා. ඒ වගේම අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය දිනපතා පැවැත්වෙන නිසා රාජ්‍ය ආයතන ගණනාවක් කෝප් කමිටුව හමුවට ගෙන්වන්න තිබුණා. හැබැයි අයවැය විවාදය ඉවරවෙනකන් රාජ්‍ය ආයතනය කෝප් කමිටුව හමුවට ගෙන්වන්නේ නෑ. එයින් සිදුවෙන්නේ එළි කිරීමට තිබුණ දූෂණ වංචා චෝදනා සියල්ල යට ගහන එකයි.පාර්ලිමේන්තුව කැඳවීම කෙසේවෙතත් පාර්ලිමේන්තුව වාර අවසාන කරලා කල් තැබීමේ සූදානමක් තිබෙනවා කියලා පුවත් පත් වාර්තා කරලා තිබුණා. පාර්ලිමේන්තුව කල් තැබුවාම කෝප් කමිටුව , කෝපා කමිටුව , මුදල් කාරක සභා ඇතුළු සියලු කාරක සභා අහෝසි වෙනවා. රංජිත් බණ්ඩාරව කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කරන්න ආණ්ඩුවට කොන්දක් නෑ. රංජිත් බණ්ඩාරව ඉවත් කරන්න පාර්ලිමේන්තුව වාර අවසාන කළ යුතු නෑ. කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව පෙන්වා රජයේ තිබෙන මූලික මර්මස්ථානවල සිදුවන රජයේ දූෂණ වංචා සියල්ල වහලා දාන්න තමයි ආණ්ඩුව උත්සහ කරනවා. අපිට සැකයක් තිබෙනවා පාර්ලිමේන්තුව වාර අවසාන කරලා විසුරුවාහරියි කියලා.එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සිටින පුත්තලම් බූරුවෝ ටික මොනවා කිව්වත් ඉස්සලාම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. වර්තමාන පාර්ලිමේන්තුවට ඉදිරි ගමනක් නෑ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කෝප් කමිටුව විසුරුවා හරින්න පුලුවන්. නමුත් රජයේ ආයතනවල සිදුවන දූෂණ වංචා සදාකාලිකව නවතා දමන්න බෑ. තට්ටු මාරු ක්‍රමයෙන් බැහැරවෙලා ඉදිරියේදී බලයට එන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කරන පක්ෂයක් තමයි ඉදිරියේදි බලයට එන්නේ. ඉස්සරහට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්. ‍ප්‍රේමදාස ආණ්ඩු පතෝල ආණ්ඩු නෙවෙයි. ප්‍රේමදාස අණ්ඩුවෙන් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සහ ආර්ථික වශයෙන් රට බංකොලොත් කළ හොර නඩය හිරේ යැවීමට කටයුතු කරනවා.2024 අයවැය යෝජනා වල තිබෙන්නේ වැය විතරයි. සාගලට කොලඹ ඡන්ද ටික ගන්න ඔප්පු දෙනවා කියලා බොරුවක් ගැහුවා. 2023 අයවැයෙන් යෝජනා 80 ක් සිදුකරලා නෑ. රජය අපේක්ෂා කරන ආදායම ලැබෙන්නේ නැති නිසා ආදායම් ලබා ගන්න බදු වැඩි කරන්න රජය කටයුතු කරලා තිබෙනවා. අලුත් ආදායම් ලැබෙන එක් වැඩපිළිවෙලක්වත් ක්‍රියාත්මක කිරීමට රජයේ සුදානමක් නෑ. ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයට ගිහින් කිව්වා ආයෝජන කලාපයක් කරනවා කියලා , නුවරඑළියට ගිහින් කිව්වා සංචාරක කලාපයක් කරනවා කියලා. ගාල්ලට ගිහින් කියනවා පුරාවිද්‍යා කලාපයක් කරනවා කියලා. ආරුගම්බේට ගිහින් කිව්වා සර්පින් කලාපයක් කරනවා කියලා. අවුරුදු එක හමාරක් තුළ ජනාධිපති කරපු යෝජනාවලට අයවැයෙන් කිසිදු මුදලක් වෙන් කරලා නෑ. ඉන්ධනවලට වැට් බද්ද අය කරනවාද කියලා බලශක්ති ඇමැතිගෙන් ඇහුවාම ඇමැතිවරයා ඒක පිළිගත්තා. ඒක පිළිගෙන ඇමැතිවරයා කියනවා වැට් බද්ද අයකරලා වෙනත් බදුවලින් ඉන්ධන මිල අඩු කරනවා කියලා. සියයට 18 ක වැට් බද්ද ඉන්ධනවලට එකතු වුණාම ඉන්ධන මිල ඉහළ යනවා. ඉන්ධන මිල ඉහළ ගියාම බඩු මිලත් වැඩි වෙනවා. ජනවාරි මාසයේ බඩුමිල දෙවතාවක් වැඩි වෙනවා. ආයෝජකයෝ දිරි ගන්වලා රටට ගෙන්වා ගෙන ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කරන්න අවස්ථාව ලබාදීම සහ අපනයන ආදායම වැඩි කිරීමෙන් රටට ආදායම් මාර්ග ගෙන ඒම හැකි බවත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කර්මාන්තශාලා හදනකොට කිව්වා සුද්දන්ට ජංගි මහන්න කර්මාන්තශාල විවෘත කරනවා කියලා. සුද්දන්ට ජංගි මහන කර්මාන්තශාලාවලින් තමයි අද රටට ඩොලර් බිලියන 13 ක් ලැබෙන්නේ. ඒ ඩොලර් බිලියන 13 න් තමයි බෙහෙත්වලට , ආහාරවලට වියදම් කරන්නේ.බඩු මිල ඉහළ යමා , දරුවන්ට ඉගෙන ගැනීමට නොහැකිවීම , බෙහෙත් නොමැති වීම , ජනතාවට තුන්වේල කෑමට නොහැකි වීම , ජීවන වියදම ඉහළ යාම පාලනය කරන්න රජයට කිසිදු උවමනාවක් නෑ. රජය දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරනවානම් ජනවාරි මාසයේ අපි පාරට බහිනවා. පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවනවා. මහපොළොවේ තිබෙන ලොකුව දේශපාලන ව්‍යාපාරය සමගි ජනබලවේගය. වික්‍රමසිංහ පොහොට්ටු හොර ජුන්ටාවට විරුද්ධව පෙළගස්වන්න සමගි ජනබලවේගයට යුතුකමක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ බයගුල්ලෙක්.‘‘========================================ප්‍රශ්නය – ජනවාරි මාසයේ සිට වැට් බද්ධ වැඩිවුණොත් ආයෝජකයෝ ලංකාවට ගේන්වා ගැනීම ගැටලුවක් වෙනවා නේද?පිළිතුර – ඒක වර්තමාන ආණ්ඩුවට සිදුකරන්න බෑ. නමුත් සමගි ජනබලවේග ආණ්ඩුවකට පුලුවන් ඒ දේ කරන්න. බිල් අඩුකරලා , බදු අඩුකරලා නිදහසේ ආයෝජකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර දෙන බවට අපි ඔවුන්ට වග වෙනවා. ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව නාමල් රාජපක්ෂ රාජපක්ෂ කියනවාපිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමෙන් හදන්න කලින් තාත්තා මැරුණාම පොහොට්ටුවේ පාක්ෂිකයන්ගෙන් ගුටි නොකා ඉන්න පුලුවන් විදිහේ ක්‍රමයක් හොයා ගන්න කියන්න.ප්‍රශ්නය – මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.පිළිතුර – අත්තිවාරම් නැති නිවාස වගයක් දිරාපත්වෙලා තිබෙනවා. ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදුකරන ලෙස මම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දෙනවා. විශ්ලේෂණයෙන් පසු ඒ නිවාස ඉවත් කරන්න කියලා ඔවුන් කිව්වොත් ඒ නිවාස එතනින් ඉවත් කරන්න ඕන. ඒක ආණ්ඩුවේ වැඩක්. ========================================හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා මෙසේ පැවැසීය.‘‘සමගි ජනබලවේගය බිම්මට්ටමින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් දෙසැම්බර් මාසයේ 9 වැනිදා ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙල ‘ජවය‘ නමින් නම් කරලා තිබෙනවා. පළමු වැඩපිළිවෙල දිවුලපිටියෙන් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති මෙහෙයුම් ප්‍රධානි සුජීව සේරසිංහ විසින් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම මෙය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂයේ හිටපු දේශපාලන ජීවිතය පටන් ගත්ත දා සිටි ගෙම්බෙක් වගේ පැන පැන හිටපු ඇමැතිවරයෙක් විපක්ෂ නායකට අපහසාත්මක ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා නින්දිත ප්‍රහාරයක් එල්ල කළා. කරුණාකරලා කුණු රෙදි හොදන්න එපා. අපි කුණු රෙදි හෝදන්න අපි පටන් ගත්තොත් ඒ ඇමැතිවරයාට ගාල්ලේ නෙවෙයි තුත්තුකුඩියට ගිහින්වත් ඡන්දය ඉල්ලන්න බැරි වෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කෙනෙකුගේ පෞද්ගලික දේවල් කතා කරන්න බෑ. වැට් බද්ද ක්‍රියාත්මක කළොත් වැට් බද්ද ගෙවන ඕනෑම කෙනෙකුට රුපියල් 30,000 ක් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ , ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ අක්‍රීය ණයක් තිබෙනවා මිලියන 800 ක. ඇයි රජය මේ බැංකු වලින් මේ මුදල් අය කරගන්නේ නැත්තේ. ඇයි පොඩි මිහිනට විතරක් බදු ගහන්නේ. බදු ගෙවන්න තිබෙන පිරිසගෙන් බදු අය කරගන්නේ නැතිව පොඩි මිනිහා සුරාගෙන කන වැඩපිළිවෙලක් තමයි රට තුළ ක්‍රියාත්මක වෙන්නේ. පොහොට්ටුව උත්සහ කරන්නේ රනිල් වික්‍රමසිංහව නැවත ජනාධිපති කරගෙන ඔවුන්ට තිබෙන වංචා දූෂණ වලින් බේරිලා 2023 දී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මේ පාර ජනාධිපති කර ගත්තේ. රනිල් වික්‍රමසිංහව ජනාධිපති කළේ රටේ දූෂිතම දේශපාලන පක්ෂයට අයති දේශපාලන අමනයෝ පිරිසක්. පළාත් පාලන මැතිවරණය පරදින බව පොහොට්ටුව දැනගෙන හිටියා. රනිල් වික්‍රමසිංහත් දැනගෙන හිටියා පොහොට්ටුව පැරදුනොත් තමන්ටත් ගෙදර යන්න සිදුවෙනවා කියලා. ඒ නිසා තමයි එජාපය සහ පොහොට්ටුව එකතු වෙලා කුමන්ත්‍රණයක් දියත් කළේ. සජිත් ප්‍රේමදාස තමයි සමගි ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඔහුගේ නම සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිව තීරණය කරලා තිබෙනවා. සමගි ජනබලවේගයෙත් ඉන්නවා කැරලි ගහන කිහිපදෙනෙක්. එක්කෙනෙක් ගම්පහ පැත්තේ අනිත් කෙනා කලුතර පැත්තේ. ඔවුන්ට කියන්නේ ඉන්නවනම් ඉන්න නැතිනම් යන්න. ‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img