Friday, September 11, 2026
HomeNEWSහිතවත්කම් එපා. අසූචි පොහොර වංචාවට අදාළ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න -...

හිතවත්කම් එපා. අසූචි පොහොර වංචාවට අදාළ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

*හිතවත්කම් එපා. අසූචි පොහොර වංචාවට අදාළ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*වසර 11ක් කන්න 22ක් බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයක දී සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීම තුළින් අස්වැන්න සියයට 21ත් 31ත් අතර අඩුවන බවට සොයා ගෙන ඇති බවත් වැඩිම අස්වැන්නක් ලබා ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර දෙකේම මිශ්‍රණයෙන් බවට අනාවරණය වී ඇති නමුත් මේ දත්ත තිබියදී වත්මන් රජය කාබනික පොහොර වගාවට යොමු වූ බවත් ඒ නිසා වී අස්වැන්න 53%කින්, අර්තාපල් සහ අනෙකුත් භෝග අස්වැන්න 52%කින් බඩඉරිගු 68%ක, ලොකු ලූණු 52%ක, මිරිස් 43%ක්, වැටකොළු 64%, තක්කාලි 62%, ගෝවා 61%, බෝංචි 54%, බණ්ඩක්කා 49%, වම්බොටු 42%කින් අඩුවූ බවත් මේ සියල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ හානියට අමතරව අසූචි පොහොර ගෙන්වීමේ දී සිදුවූ බරපතල හොර ගනුදෙනුව තුළ විශාල මූල්‍ය පාඩුවක් සිදුවූ බවට විගණකාධිපති වාර්තාවේ සදහන් බවත් මෙම වාර්තාව සකස් කළ විගණකාධිපතිවරයාට අදාළ විෂය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවල උපරිම සුදුසුකම් ඇති බවත් මෙය පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතිය යෝජනාවෙන් සහ බල කිරීමට ඒඒටී සුදුසුකමවත් නොමැති දේශපාලන පළිගැනීමක් සදහා අභ්‍යන්තර විගණන වාර්තාවක් සකස් කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පත් කළ හොර විගණකයෙක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ගණුදෙනුව නිසා ඇ. ඩොලර් ලක්ෂ 69ක් හෙවත් මිලියන 1382ක් රටට අහිමි වි ඇති බවත් ඊට අමතරව මහ කන්නයේ වගාවට යෙදීමට සැලසුම් කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්නේ හානිය ගණනය කර නොමැත බවත් රටේ ආර්ථික වටිනාකමක් ඇති භෝගවලට බලපෑම් කරන විනාශකාරි බැක්ටීරියාවක් සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරිමට උත්සාහ කිරිමට අපේක්ෂිත වන්දිය මෙන්ම කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකර ගත් ගිවිසුම මත රටට අනාගතයේදී යම් වන්දියක් ගාස්තුවක් ගෙවීමට සිදුවුහොත් සිදුවන පාඩුව ගණනය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වාර්තාවට අදාළ විවාදයට එක්වෙමිනි.*නැනෝ පොහොර ගණුදෙනුව නිසා රටට සිදුවූ පාඩුව ලක්ෂ 78400ක් හෙවත් බිලියන 7.8ක් බවත් එක බෝතලයකට වැඩිපුර රු 1867ක් ගෙවා ඇති බවත් ඊට අමතරව කාබනික පොහොර වශයෙන් රට බෙදා හරින්න රසායනික පොහොරක් වන පොටෑසියම් ක්ලෝරයිඩ් බෙදනවා කියා රට සහ ගොවිජනතාව අන්දවා ඇති බවත් විගණකාධිපති වාර්තාවේ සදහන් කරුණු ක්‍රියාත්මක නොවීම ගැන කෘෂිකර්ම ඇමතිවරයාට වගකීමක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දි අවධාරණය කළේය.එබැවින් පෞද්ගලික හිතවත්කම් යාළු කම් අමතක කර විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රටේ පශූ සම්පත් දේපලට අයත් ගොවිපළවල් 31 වෙන්දේසි කිරිමට නියමිත බවත් ඒ අතර මිල්කෝ ආයතනය පවා ඇති බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පැවසීය.*වතු ප්‍රජාව තවදුරටත් වහලුන් ලෙස නොසලකා කුඩා තේ වතු හිමියන් බවට පත් කළ යුතුයි*එසේම විදේශ විනිමය උපයන උඩරට වතුකර ජන ප්‍රජාව රැකගත යුතු බවත් ඔවුන් කම්කරුවන් නොකර, වගා නොකරන ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් බවට පත් කර රටේ තේ නිෂ්පාදනය තවදුරටත් වැඩි කළ හැකි බවත් ඔවුන්ව වහලුන් ලෙස නොව තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවත් ලැයිමෙන් ඔවුන්ව තමන්ගේම නිවසකට යා හැකි මාර්ගය සකස් කිරිමට රජයට බැරි නම් විපක්ෂය හෝ ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.*අයවැයෙන් අමනෝඥ තීන්දුවලට විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ*මෙවර අයවැය යෝජනා තුළ පසුගිය කාලයේ ගත් අමනෝඥ තීන්දුවලට තිරසර විසඳුම් ඉදිරිපත් වී නැති බවත් නියගය ගංවතුර වැනි ආපදා සදහා වන්දි වෙන් කිරිමක් සිදුව නැති බවත් එසේම වී මිල දී ගැනීමට ද මුදල් වෙන් කර නොමැති බවත් සතාසිව්පාවා සහ ගොවිජනතාව අතර ඇතිවන ගැටුම තුළින් සිදුවන හානියට මුදල් වෙන් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ආහාර සුරක්ෂිතභාවයට රුපියල් මිලියන 250ක් වෙන් කළත් 2024 දී නියගයක් එන බවට අනතුරු අඟවා ඇති මොහොතක මිලියන 250ක් වැනි සුළු මුදලක් වෙන් කිරීම ප්‍රතිඵලදායක ද කියා සොයා බැලිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වාර්ෂිකව වර්ෂාවෙන් ලැබෙන ජලය කියුබික් මීටර් බිලියන 50ක් පමණ නාස්ති කරන බවත් එයට හේතුව වාරි පද්ධතිය පුනරුත්ථාපනය නොවීම බවත් ඒ හානිය නවත්වන්න නම් කුඩා වාරි පමණක් නොව මධ්‍ය සහ මහා වරි පද්ධති පුනරුත්ථාපනය කළ හැකි බව යි.https://youtu.be/sXiXlw9kbCA?si=xSqxcmw5pJHAzFh-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img