රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහයි… ආණ්ඩුව මැතිවරණ කල් දාන්නේ නැහැ… ඔන්ලයින් පනත රටට අත්‍යවශ්‍යයි…රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කලේය.ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ජනාධිපතිවරයා තමන්ට සිස්ටම් චේන්ජ් කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවයි. ආණ්ඩුව කිසිසේත් මැතිවරණ කල්දැමීමට කටයුතු කරන්නේ නැතැයි පැවසූ ප්‍රසන්න රණතුංග මහතා නියමිත දිනට මැතිවරණ පැවැත්වීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද කීවේය.ඔන්ලයින් පනත මෙරටට අත්‍යවශ්‍ය බවත් නීති විරෝධී ක්‍රියා සිදුකරන, වෛරය වපුරන පුද්ගලයින්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (16) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා ලබාදුන් පිළිතුරු මෙසේයි.ප්‍රශ්නය – ඇමතිතුමා බදුල්ලේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පැහැදිලි කරන්න ?පිළිතුර – මේ අවුරුද්දේ විශාල මුදලක් බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දීල තියෙනවා ග්‍රාමීය ජනතාවගේ, නාගරික ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න හා යටිතල පහසුකම් නගා සිටුවන්න. විශේෂ ව්‍යාපෘතියක් ලෙස කඳුකර දශකය වැඩසටහන එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලක්ෂ 1,000 ට වැඩි මුදලක් මේ අවුරුද්දේ දීල තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ටම ඒ මුදල් ලැබී තිබෙනවා. ඊට අමතරව විමධ්‍යගත අරමුදල් හා පළාත් සභා අරමුදල් ලැබී තිබෙනවා. ඒ ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ වැඩ පිළිවෙල පිළිබද දැනුවත් කිරීම අද සිදු කෙරුණේ.ප්‍රශ්නය – ඔබතුමාල ඡන්දෙ තියන්නෙ නෑ පරක්කු කරනවා කියල විපක්ෂෙන් දැඩි චෝදනාවක් කරනවා. ඡන්ද වලට බයයිද? මොකක්ද හේතුව? පිළිතුර – පැහැදිලිවම ජනාධිපතිතුමා මීට දවස් කීපයකට උඩදි නියමිත දිනයට ජනාධිපතිවරණයත් නියමිත දිනයට පාර්ලිමේන්තු මැතිවරණයත් තියනවා කිව්වා. ඒ සඳහා ප්‍රතිපාදනත් වෙන් කරා කියලා කියල තියෙනවා.අද මේ රටේ ජාතික මැතිවරණයකට තියෙන වැදගත්කම අවබෝධ කරගත් නිසා තමයි මැතිවරණ තියන්න මුදල් වෙන් කරල තියෙන්නේ.ඒක නිසා මැතිවරණ කල් දාන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.ප්‍රශ්නය – ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරා. ඊලඟට ආයෙ කැබිනට් එකට දාල ඒක සංශෝධන කරනවා. ඇත්තටම මේ ඔන්ලයින් පනතක් ඕනද රටට ? පිළිතුර – ඕනේ, නැත්නම් වෙන්නෙ සමාජ මාධ්‍ය හරහා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනවා. ඕන බොරුවක් ඕන කුණුහරුපයක්, ඕන වලත්ත වැඩක් කියන්න පුළුවන්. මෙම ක්‍රියාකලාපය පාසල් දරුවන්ට කාන්තාවන්ට බලපාල තියෙනවා. ඒවා පෞද්ගලික අත්දැකීම් අපි ලබලා තියෙනවා. පාසල්වල විදුහල්පතිවරුන්ගේ රැස්වීම් වලදි විදුහල්පතිවරු අපෙන් ඉල්ලනවා මේ සමාජ මාධ්‍ය හරහා මේ කරන දේවල් පාලනය කරන වැඩ පිලිවෙලක් කරන්න කියලා. වගකීමෙන් කටයුතු කරන කිසිම කෙනෙකුට මේ නීති බලපාන්නෙ නෑ. ඊටත් වඩා හොඳට ශක්තිමත්ව ඔවුන්ට කරන්න පුළුවන්. දේශපාලඥයෙක් වරදක් කරනවා නම් ඒක බය නැතිව කියන්නත් පුළුවන්, ඒක අධිකරණයට පවා ගෙනියල දේශපාලඥයට විරුද්ධව කටයුතු කරන්නත් පුළුවන්. ඒ නිසා මේකෙ කාටවත් නරකක් සිද්දවෙන්නෙ නෑ. හැබැයි මේකෙ වැඩිහිටි සංදර්ශන දාලා, කුණුහරුප ලියලා, බොරු කියලා, මිනිස්සුන්ගේ වෛරය වපුරන අයට මේකෙන් ගැලවෙන්න බහැ.ප්‍රශ්නය – ඔබතුමාලා ජනාධිපති මැතිවරණයේදී කාටද සහයෝගය දෙන්නේ ?පිළිතුර – අපි පක්ෂයක් හැටියට කාටවත් උදව් කරනව කියලා එහෙම තීන්දුවක් නැහැ. නමුත් අපි එක් එක් අයගේ පෞද්ගලික මත තිබෙනවා. ඒ මත අනුව අපිට කටයුතු කරන්න පුළුවන්. ජනාධිපතිවරණය නම් කරනකොට අපේක්ෂකයෝ දිහා බලලා කාටද උදව් කරන්නේ කියලා කියන්න පුළුවන්. මගේ මතය මම පැහැදිළිව කියලා තියෙනවා. මේ වෙලාවේ රටට අවශ්‍ය කරන්නේ මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඒ වගේම මේ රටේ මිනිස්සු අවුරුදු 72 ක ශාපයක් කියලා කතා කරන්නේ මේ රටේ දේශපාලනඥයන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් වුණු වැරදි වලට නෙවෙයි මේ සිස්ටම් එකේ වැරැද්ද. ඒ නිසා තමයි සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා ඉල්ලුවේ. ඒක කරන්න පුළුවන් නායකයා, කරලා මේ වනකොට පෙන්නපු නායකයා රනිල් වික්‍රමසිංහ නිසා තමයි අපි කියන්නේ. එතුමා ඉල්ලනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉල්ලනවා නම් එයා තමයි මේකට සුදුස්සා කියලා මම කියන්නේ ඒකයි.ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516






















