Wednesday, June 10, 2026
HomeNEWSසංචාරකයන් හමුවීමට ජනපති ගාල්ලට සහ තංගල්ලට.

සංචාරකයන් හමුවීමට ජනපති ගාල්ලට සහ තංගල්ලට.

දකුණු වෙරළ තීරයේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති තංගල්ල සහ ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලීය. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර එම කර්මාන්තයේ දියුණුව උදෙසා ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කළේය. කෙරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය සීග්‍ර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව සැලසුම් හේතුවෙන් මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සීග්‍ර ඉහළ යාමක් සිදුව තිබේ. 2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,489,000ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි. මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ 2017 වසරේදී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 25කි. 2024 වසරේ දී එම ඉලක්කය අභිභවා යාම රජයේ අරමුණ වන අතර ලබන වසර වන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම සාමාන්‍ය සංචාරකයන්ට අමතරව දිනකට ඩොලර් 500ක් වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබේ. මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගත් අතර රජයේ නව වැඩපිළිවෙළ සමඟ තම ව්‍යාපාර කටයුතු පරිවර්තනයකට ලක්ව ඇති බව ව්‍යාපාරිකයෝ පැවසුහ. සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළේය. උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට ද එක් වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබා ගැනීමට කටයුතු කළේය. මේ අතර සති අන්ත නිවාඩු දිනයේ දී තංගල්ල සහ ගාල්ල වෙරළ තීරය වෙත පැමිණ සිටි දේශීය සංචාරකයන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිවරයා තම පැමිණීම සැලවීමෙන් මඟ දෙපස රැස්ව සිටි ජනතාව සමඟ ද කතා බහකට එක් වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සොයා බැලීය. මෙරට දේශීය සහ විදේශීය සංචාරකයන්ට මෙම කලාපය තුළ නව සංචාරක අත්දැකීම් ලබාදීම සඳහා දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ විදේශිකයෙකු වන Jeffry Dobbs මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img