Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකල්කුඩා පිරිවෙන විවෘත කෙරේ

කල්කුඩා පිරිවෙන විවෘත කෙරේ

කල්කුඩා පිරිවෙන විවෘත කෙරේ

කල්කුඩා සිරි සීලාලංකාර මූලික පිරිවෙන විවෘත කිරීම අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහා නායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

පන්ති පහකින් සමන්විත මෙහි මුලික පිරිවෙන් අධ්‍යාපනය ලබා දිමට නියමිතය. පුස්තකාලයක්, පිරිවෙන් කාර්යාලය සහ දාන ශාලාව ද ඊයේ විවෘත කෙරිණි. මෙහි මූලික අභිප්‍රාය වන්නේ දමිළ කුල දරුවන් පැවිදි කර දමිළ බසින් බුදු දහම ප්‍රචලිත කිරිමය. විශේෂයෙන් මෙහි දමිළ භාෂාව ඉගැන්විම සදහා ද ගුරුභවතුන් බදවා ගැනිමට නියමිතය. මීට පෙර එම ස්ථානය සිංහල විද්‍යාලයක් ලෙස පැවති අතර 30 වසරක් පුරා පැවති ත්‍රස්තවාදි කලබල නිසා එය විනාශ වී තිබිණි. මෙම පිරිවෙනේ පුස්තකාලයට අවශ්‍ය උපකරණ ආණ්ඩුකාරවරිය විසින් පරිත්‍යාග කළාය.

මෙම පිරිවෙනේ අධ්‍යාපන කටයුතු ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට සිදු කර ගැනිම සදහා අවශ්‍ය සියලු සහය පළාත් සභාව විසින් ලබා දෙන බව ඇය එහිදී කීවාය. පිරිවෙන ආරම්භ කිරිම සනිටුහන් කරමින් පළමු පැවිදි ශිෂ්‍යයා බදවා ගැනිම අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි පරිවේනාධිපති පූජ්‍ය නාරම්පලාවේ ආනන්ද මහනාහිමියන් විසින් සිදු කළහ. එහි අධ්‍යාපන කටයුතු සදහා එක්වුණු පළමු ගිහි ශිෂ්‍යයා බදවා ගැනිම සිදු කරනු ලැබුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසිනි. එම පිරිවෙන ආරම්භ කිරිමට අවශ්‍ය සෙසු සම්පත් විවිධ දානපතීන් හරහා සිදු කිරිමද විශේෂත්වයකි. එම ප්‍රදේශයේ ආරම්භ කරන ලද පළමු පිරිවෙන මෙය වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා මහසංඝරත්නය, සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ත්‍රිවිධ  හමුදා නිළධාරින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.                                                                                                                                                                                                      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img