Monday, September 14, 2026
HomeNEWSජනපති රනිල් ,අනුර කුමාරගේ පෞද්ගලික ලේකම් බව සජිත් නුවරඑළියේදී කියයි.

ජනපති රනිල් ,අනුර කුමාරගේ පෞද්ගලික ලේකම් බව සජිත් නුවරඑළියේදී කියයි.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද (08) නුවරඑළියේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ‘‘සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජයග්‍රහනය සමඟ පළමු පියවර ලෙස තරුණ පරපුර වෙනුවෙන් අලුත් නිෂ්පාදන කර්මාන්තශාලා ඇතිකරලා , නුවරඑළිය දිස්ත්‍රික්කය දියුණු වන දිස්ත්‍රික්කයක් , ශක්තිමත් දිස්ත්‍රික්කයක් , ජනතාවගේ අතමිට ශක්තිමත් වන දිස්ත්‍රික්කයක් බවට අපි දියුණු කරන්න කටයුතු කරනවා. වතු ප්‍රජාවට වසර 200 කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ වතු ජනතාවගේ දහඩිය වගුරුවලා අපේ රටේ ආර්ථිකයට ශක්තිමත් කරන්න ලබාදුන්න දායකත්වය සහ ශක්තියට අපි ගෞරව කරනවා ස්තුතිවන්ත වෙනවා. වතු ජනතාව සියලුම දෙනා මේ රටේ එක හා සමාන පුරවැසියන් ලෙස අපි පිලිගන්නවා. වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනවත්වය ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම වතු ප්‍රජාවට ඉඩමක , නිවසක අයිතිය අපි අනිවාර්යෙන්ම ලබාදෙනවා. ඒ අයිතිය අපි තහවුරු කරන්න කටයුතු කරනවා. වතු ප්‍රජාව වෙනුවෙන් වෙනමම උදා ගම්මාන වැඩසටහනක් දියත් කරන්න අපි කටයුතු කරනවා. වතු ප්‍රජාවට ඉඩමක අයිතිය ලබාදීලා වතු ප්‍රජාවට සහ තරුණ ප්‍රජාවට වගා ඉඩමක හිමිකම ලබාදීලා කුඩා තේවතු හිමියන් ලෙස ජන සමාජයේ ජිවත් වන්න අපි ඉඩ ලබාදෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රය පෙර පාසලේ සිට දියුණු කරනවා. අධ්‍යාපනය සඳහා යටිතල පහසුකම් සහ මානව සම්පත දියුණු කරන්න කටයුතු කරනවා. නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ දු දරුවන්ට අගනා අධ්‍යාපනයක් ලබාදෙන්න අපි කැප වෙනවා. ඒ වගේම දමිළ මාධ්‍ය පාසල් පද්ධතිය ඇතුළු සෙසු පාසල් සියල්ල ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. වෙනමම ජාතික පාසල් පද්ධතියක් රට තුළ ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ යටතේ දමිළ මාධ්‍ය ජාතික පාසල් ස්ථාපනය කරලා ඒ වැඩපිළිවෙළ තුළින් ජාති ආගම් භේදයකින් තොරව සියලුම ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනගන්න අපි කටයුතු කරනවා.ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරලා තරුණ ප්‍රජාව දැනුමෙන් සන්නද්ධ කරන්න කටයුතු කරනවා. ඒ වගේම හෙද ක්ශ්‍රේත්‍රයේ පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම තරුණ පරපුරට ව්‍යවසායකත්වය හරහා ඔබගේම ව්‍යාපාර ගොඩනගන්න සමාජ ආර්ථික දේශපාලන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රශ්න විසඳුනේ නැති ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න කටයුතු කරනවා. බෝපත්තලාව , මැණික්පාලම ඇතුළු රජයේ ගොවිපළවල්වල සේවය කරන සේවක ප්‍රජාවගේ අයිතින් අපි සුරක්ෂා කරනවා. වර්තමාන ජනාධිපති නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න උත්සහ කරනවා සැප්තැම්බර් 21 දිණුවට පස්සේ නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න නුවරඑළියට එනවා කියලා ඔහු පවසනවා. සැප්තැම්බර් 21 වැනිදා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනතාධිපතිවෙලා නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නෙවෙයි. ලැයින් කාමරවලට සීමා වුණ කම්කරු ප්‍රජාවටත් , රැකියා විරහිතව සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාවට තේ වගා වගා ඉඩමක අයිතිය ලබාදීලා කුඩා තේ වතු හිමියන් ලෙස අපේ රටේ තේ නිෂ්පාදනයට තේ වතු වල අයිතිය ලබාදෙන්න. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවක් සිටිනවා. රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න අපි විශේෂ වැඩසටහනක් දියත් කරනවා. සුහුරු කෘෂිකර්මාන්තය තුළින් විවිධ බෝග වගා කරන ගොවි ප්‍රජාව දියුණු කරන්න කටයුතු කරනවා. කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 ට ලබාදෙන්න කටයුතු කරනවා. අපි පොහොර මිටිය 5000 ට දෙන්න යොජනා කළා විතරයි ආණ්ඩුව පොහොර මිටිය රුපියල් 4000 ට දෙනවා කියලා කියනවා. අපි කියන කියන දේ ජනාධිපතිවරයා දැන් කිය කිය යනවා. නමුත් මේ ජනතාපතිවරයා පිළිගෙන තිබෙනවා ඔහු පරාජය වෙනවා කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් අනුර දිසානායකගේ පෞද්ගලික ලේකම් වෙලා. ඒ නිසා අනුර සහ රනිල් එකතු වෙලා විවිධ මාධ්‍ය භාවිතා කරමින් සජිත් ප්‍රේමදාස පරාජය කරන්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගය , සමගි ජන සන්ධානය දිනවන්න තීන්දුව අරගෙන අවසානයි. රටේ දැවැන්තම සංවර්ධන යුගය බිහි කරන්න සැප්තැම්බර් 21 වැනිදා සියලුම දෙනාටම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.‘‘ සුජීව සේනසිංහ මහතා, ‘‘රනිල් වික්‍රමසිංහ කියනවා අනුර කුමාරව දිනවන්න මිනිස්සුන්ව උනන්දු කරවන්නලු. හැබැයි මේ රටේ මිනිස්සු ලේ පිපාසයෙන් මේ රට නැවත විනාශ කරන්න පේ.වී.පී. එකේ අනුර කුමාරටත්, ගෝලයන්ටත් මේ රට බාර දෙන්න අපි එච්චර කාලකණ්ණි නෑ කියන පණිවිඩය රටේ ජනතාවට දෙනවා. රට වැටෙන්න දෙයක නැහැ. අන්තයටම වැටිලා තියෙන්නේ. 1977 ට පස්සේ මේ රටට බිහිවෙන දක්ෂතම කැබිනට් එක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් 21 ජයග්‍රහණය කරැයින් පස්සේ පණිවිඩය මම ජනතාවට දෙනවා. ලක්ෂ 80 ක් අරගෙන අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් පවත්වනවා. මේ රටේ බලවත්ම ආණ්ඩුව හදලා ඔබ තුමන්ලා සුරක්ෂිත කරන්න. මේ රටට කර්මාන්ත 800 ක් අවුරුදු එකහමාරක් ඇතුළත ගෙනෙනවා. එයින් නුවරඑළිය දිස්ත්‍රික්කයට රැකියා ප්‍රශ්ණය විසදන්න කර්මාන්ත ශාලා 20 ක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඔබතුමන්ලාගේ නිවාස ප්‍රශ්ණය අවුරුදු ගාණකින් විසදිලා නෑ. මේ රටේ අවාසනාවන්ත පිරිසක් බවට වතුකරයේ ජනතාව පත් වුණා. අපේ ඇගේ දුවන්නේ ඩී.එස්., ඩඩ්ලි, ජේ.ආර්, ප්‍රේමදාස වැනි නායකයින්ගේ ලේ. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ලේ. අවුරුද්දක වැනි කෙටි කාලයකින් ඔබතුමන්ලා බලාපොරොත්තු වන දියුණුව, සංවර්ධනය කරා ගෙනියන්න පුලුවන් බව කියන්න කැමැතියි. මනෝ ගනේෂන් මහතා, ‘‘අපේ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ලිඛිතව එකඟතාවයකට පැමිණිලා තිබෙනවා. ඒකේ තියෙන්නේ අපිට වරදාන වරප්‍රසාද නෙවෙයි. ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාලනය යටතේ අනෙක් ජනතාව හා සමානව ජීවත් වීමට අවස්ථාව උදාවෙනවා. තමන්ගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය නගා සිටුුවීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. වගා ඉඩමක අයිතිය ලබා දීලා කුඩා තේ වතු හිමියන් දක්වා අවතීර්ණ වීමට අවස්ථාව උදා කරදෙනවා. ඒ සමගම ලයින් කාමර වෙනුවට නිවාස නැති අය වෙනුවෙන් නිවසක් සමග ඉඩම් කැබැල්ලක් අයිතිය ලබා දීමට අපි එකඟත්වයකට පැමිණ තිබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාලනය අපේ ජනතාවට ඉතාමත් ස්වර්ණමය අවස්ථාවක් හැටියට සලකන්න පුලුවන්.‘‘ නුවරඑළිය දිස්ත්‍රික් නායක මයන්ත දිසානායක මහතා, ‘‘සජිත් ප්‍රේමදාස මහතා රටේ නායකයා ලෙස දිවුරුම් දුන් පසුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදන සමගි ජන සන්ධාන රජයක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ඉඩම් ඔප්පු ලබාදෙන්න , නිවාස නැති ජනතාවට නිවාස ලබාදෙන්න , කර්මාන්තශාලා බිහි කරන්න , රෝහල් පද්ධතිය වැඩි දියුණු කරන්න , පාසල් වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින තරුණ ප්‍රජාව ශක්තිමත් කරන්න තිරසර වැඩපිළිවෙළක් දියත් කරන්න සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදන සමගි ජන සන්ධාන රජයක් තුළින් කටයුතු කරනවා. ඒ වගේම ඉහළ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඉඩම් පරිත්‍යාග කළ සියලු ජනතාවට සමගි ජන සන්ධාන රජය පිහිටුවලා මාස 6 ක් තුළ අනිවාර්යෙන්ම ඉඩම් ඔප්පු ලබාදෙන්න කටයුතු කරනවා. වර්තමාන ආණ්ඩුවෙන් පොරොන්දු වුණා ඒ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙන්න නමුත් තාම ඒ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙන්න වර්තමාන රජය කටයුතු කරලා නෑ. නමුත් ඒ ජනතාවට සමගි ජන සන්ධාන රජයකින් අනිවාර්යෙන් ඉඩම් ඔප්පු ලබාදෙන්න අපි කටයුතු කරනවා. වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව මුලාවට පත් කළා , රටේ ආර්ථිකය විනාශ කළා , සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධාන රජයක් තුළින් නැවත රටේ ආර්ථිකය ශක්තිමත් කරලා පොඩි මනුස්සයා රජකරවන යුගය බිහිකරන්න අපි කැප වෙනවා. පොඩි මනුස්සයා රජ කරවන යුගය බිහි කරන්න සියලුම දෙනාට සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. රට ගොඩගැනීම හැකි දක්ෂ නායකත්වයක් , වැඩපිළිවෙළක් , කණ්ඩායමක් තිබෙන්නේ සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට පමණයි. ඒ වගේම කන්දඋඩරට ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනය ලබා දෙන්න සමගි ජන සන්ධාන රජයක් තුළින් බලාපොරොත්තු වෙනවා. ‘‘ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා, ‘‘ රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු එකම රාජ්‍ය නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා පමණයි. පුංචි මිනිස්සු වෙනුවෙන් එතුමා ගම්උදා නිර්මාණය කළා , ජනසවිට දුන්නේ පුංචි මිනිස්සු වෙනුවෙන් , දිවා ආහාරය දුන්නේ පුංචි මිනිස්සු වෙනුවෙන් , කර්මාන්තශාලා නිර්මාණය කළේ පුංචි මිනිස්සු වෙනුවෙන් , එතුමාගෙන් පස්සේ පුංචි මිනිස්සු ගැන හිතපු රාජ්‍ය පාලකයෙක් හිටියේ නෑ. රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් පුංචි මිනිස්සුන්ගේ යුගය නිර්මාණය කරන්න සජිත් ප්‍රේමදාස මහතා පැමිණිලා සිටිනවා. ඒ වගේම , වතුකරයේ ජනතාව තවම ඉන්නේ ලයින් කාමරවල, ලයින් කාමරවල අපේ වතු ජනතාව ගෙවන්නේ අති දුෂ්කර ජීවිතයක්. වතු ජනතාව විඳින දුෂ්කර ජිවිතය පිළිබඳ අවබෝධයක් තිබෙන නායකයෙක් වන සජිත් ප්‍රේමදාස මහතාට දිනවන්න සැප්තැම්බර් 21 වැනිදාට සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වළක්වන්න රනිල් වික්‍රමසිංහ විවිධ උපක්‍රම යොදනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් ඒ ආණ්ඩුව අවුරුදු 10 ක් හොලවන්න බැරි වන බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ දන්නවා අනුර දිනුවොත් මාස 10 න් ඒ ආණ්ඩුව ඉවර වෙනවා කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාසව පරාජය කරලා අනුර දිසානායකව දිනවලා නැවත රටේ අර්බුදයක් ඇති කරලා අනුරගේ ඉතිරි කාලය අදින්න තමයි රනිල් වික්‍රමසිංහ උත්සහ කරන්නේ. අද රනිල් – අනුර දේශපාලන ඩීල් එක මුලු රටම දන්නවා. රනිල් – අනුර දේශපාලන ඩීල් දැම්මට රටේ සමස්ත ජනතාව සජිත්ව දිනවන්න ඩීල් එක දාලා අවසානයි. ඒ වගේම ජාතික ජනබලවේගයේ රණවිරු බලකායේ කියලා කියා ගත්ත පුද්ගයෙක් වන ඉන්දික මහින්ද නැමැති පුද්ගලයා හමුදාවෙන් පන්නපු පුද්ගලයෙක්. ඒ මිනිහා කියනවා ජාතික ජනබලවේගය දිනුවාම අනිත් පක්ෂවල පාක්ෂිකයන්ට පහර දෙනවා කියලා. හමුදාවේ ගහනවා කියන්නේ මරණවා කියන එකයි. ඒ නිසා පොලිසිය ඉන්දික මහින්ද නැමැති පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත යුතුයි. ජාතික ජනබලවේගයේ වියරුව අපි සැප්තැම්බර් 21 අවසන් කරනවා. ඒ වගේම අනුර දිසානායක උතුරුට ගිහින් උතුරේ අහිංසක ජනතාවට ඡන්දය ලබාදෙන්න කියලා තර්ජනය කරලා තිබෙනවා. මෙතෙක් සිටි කිසිදු දේශපාලන නායකයෙක් උතුරේ ඡන්ද ලැබුණේ නෑ කියලා ඒ අහිංසක ජනතාවට තර්ජනය කරන්න ගියේ නෑ. නමුත් අනුර දිසානායක උතුරුට ගිහින් කියනවා ඔවුන්ට ඡන්දය දුන්නේ නැත්තම් ඡන්දෙන් පස්සේ බලා ගමු කියලා. ඒක කියලා කොළඹ ආපු අනුර දිසානායක අද ලෙඩ ඇදේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට ආගාමක් නෑ. ඒ නිසා රටේ ආගාම් විනාශ කරන්න ඔවුන් කටයුතු කරන්න පුලුවන්. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. ජාති ආගම් භේදයකින් තොරව නිරාගමික දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය ගෙදර යවන්න සැප්තැම්බර් 21 වැනිදා සියලු දෙනා එකමුතු වෙලා කටයුතු කරමු. ජාතික ජන බලවේගය කියන්නේ වහ කුප්පියක්. ඒ නිසා වහාම විනාශ කළ යුතු වහ කුප්පියක් තමයි ජාතික ජන බලවේගය කියන්නේ. සැප්තැම්බර් 21 කූර දේශපාලන රටින් පන්නා දමා ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා රටේ නායකයා කරන්න අපි එකතු වෙමු.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img