Friday, September 11, 2026
HomeNEWSරට තවමත් පවතින්නේ අර්බුදයක බැවින් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව...

රට තවමත් පවතින්නේ අර්බුදයක බැවින් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව IMF කියයි.

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.ශ්‍රී ලංකාව මෙම වැඩසටහන මගින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව ද එම අරමුදල කියා සිටී.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ජුලි කොසැක් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදීය.ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් වැඩසටහන තුල උද්දමනය පහළ යමින් ඇති බවත් සංචිත ඉහළ යමින් ඇති බවත් පැන්වා දුන් ඇය මෙම තත්වය ඉදිරියටද පත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවද කියා සිටී.රට තවමත් පවතින්නේ ආර්ථික අර්බුදයක බවත් ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවද ඇය අවධාරණය කරන්නීය.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහභාගි නොවන බවද පවසන ඇය එම සාකච්ඡා සිදු කරන්නේ ණය හිමි සාමාජික රටවල් හා අදාල රට අතර පමණක් බවද කියා සිටී.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යභාරය ණය තිරසර භාවය සම්බන්ධයෙන් තක්සේරුවක් කිරීම පමණක් බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img