Thursday, September 10, 2026
HomeNEWSරනිල්- අනුර බලය ගන්න ඩීල් දමන බව සජිත් බද්දේගම දී කියයි.

රනිල්- අනුර බලය ගන්න ඩීල් දමන බව සජිත් බද්දේගම දී කියයි.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් (12) බද්දේගම දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,‘‘ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය පලුදු කරන්නේ නැතිව ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න. සංවර්ධනයට ලක් කරන්න. කඩා වැටුුණු දේශය යළි ඉහළට ඔසවා තබන්න අපි අනිවාර්යෙන් කැපවන බව ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා. මේ ප්‍රදේශයේ ඉන්නේ කුඩා තේ වතු ක්ශේත්‍රය ජිවිකාව කරගත් පිරිසක්. මේ රටේ තේ වගා කරන ඉඩම් වලින් සියයට 40 ක් අයත් වන්නේ කුඩා තේ වතු හිමියන්ට. තේ වගා කරන ඉඩම් වලින් කුඩා තේ වතු හිමියන් වගා කරන ප්‍රමාණය සියයට 40 ක් වුවත් ඔවුන් ජාතික තේ නිෂ්පාදනයට සියයට හැත්තෑවක දායකත්වයක් ලබා දෙනවා. තේ කර්මාන්තය සුරක්ෂා කරන අතරතුර තේ වගාව රැක ගන්නා අතරතුර කුඩා තේවතු හිමියන්ට අපේ ශක්තිය ලබාදෙන්න අපි සූදානම්.කෘෂිකර්මාන්තය සඳහා ලබාදෙන කිලෝ පනහේ පොහොර මිටිය තේ වගාව සඳහාත් රුපියල් 5000 ලබාදීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. තේ ක්ෂේත්‍රයේ නැවත වගාව ඉතාම දුර්වල ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. නැවත වගාවට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නෑ. ප්‍රේමදාස රජය කුඩා තේ වතු අධිකාරියට විශාල ශක්තියක් ලබා දුන්නා ප්‍රතිපාදන ලබා දුන්නා. නමුත් ඊළඟ වගාවට කිසිදු ශක්තියක් ලැබෙන්නේ නෑ. ස්ථාවර තේ මිලකට රජය මැදිහත් වන්නේ නෑ. මෙවැනි තත්ත්වයක් තුළ අප රටේ තේ කර්මාන්තය ශක්තිමත් කරන්නට දියුණු කරන්නට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරනවා. සෑම මාසයකම තේ කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ අපි විශ්ලේෂණය කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායක් තුළින් තේ කර්මාන්තය ගොඩනගන්නට ජනාධිපතිවරයා සෘජුවම මැදිහත් වනවා.කුඩා තේ වතු ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට තේ කර්මාන්තය ශක්තිමත් කරන්නට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහිකරන්නට සැප්තැම්බර් 21 වැනිදාට බිහිවන සමගි ජන සන්ධාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම කැපවෙනවා.ඒ වගේම ගිං ගග පිටාර ගලන කොට බහුතරයක් ජනතාව පීඩනයට පත් වෙනවා. අසරණභාවයට පත්වෙනවා. කලුගග නිල්වලා ව්‍යාපෘතිය මෙතෙක් කල් වචනයට සීමා වී තිබුණා. එම ව්‍යාපෘතිය මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන්න අපි අනිවාර්යයෙන්ම කැපවෙනවා.මේ බල ප්‍රදේශයේ කුරුඳු වගාව ප්‍රචලිත වගාවක්. ලෝකයේ හොඳම සන්නාමය තිබෙන. සිලෝන් සිනමන් කියන සන්නාමය උපයෝගී කරගෙන තවමත් බැරි වෙලා තියෙනවා කුරුදු වගේ ක්ෂේත්‍රය ගොඩනගන්න. මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයා කුරුඳු වෙනුවෙන්ම වෙනම දෙපාර්තමේන්තුවක් ආරම්භ කළා. නමුත් එයින් කුරුඳු ගොවීන්ට ලැබිය යුතු ශක්තිය ලැබුණේ නෑ.ඇස්බැන්දුම් සෝබන ක්‍රියාවලියන් කරන්නේ නැතුව ගාලු දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් කුරුඳු වගාව ශක්තිමත් කරන්නට දියුණු කරන්නට නූතනවාදී කරන්නට සමස්ත කෘෂි කර්මාන්තයත් තාක්ෂණික අතින් ඉහළම තලයකට ඔසවා තබන්නට අපි කටයුතු කරනවා.වර්තමාන රජය ඔවුන්ගේ ප්‍රතිපත්තිය විදිහට බංකොලොත් රට බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට ආර්ථිකය කුඩා කරන්නට ඕන කියන ආර්ථික දර්ශනයයි අනුගමනය කරන්නේ. ආර්ථිකය කුඩා කරන නිසා තමයි අද විරැකියාව නිර්මාණය වෙලා තිබෙන්නේ. දස දහස් ගණන් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත ශාලා වැසී ගොස් තිබෙනවා. එම කර්මාන්ත දෙලක්ෂ හැටදාහක් මේ වන විට වැසී ගොස් තිබෙනවා.ලක්ෂ ගණනින් අපේ රටේ යොවුන් පරපුරේ රැකියා අහිමි වෙලා. ජීවනෝපායන් අහිමිවෙලා ළමා මාතෘ මන්දපෝෂණය ඉහළ ගිහිල්ලා, මේ රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කෙරෙන්නේ නෑ, සංවර්ධනය කරන්නේ නැතිව ආර්ථිකය කුඩා කලහම මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් කියලා රජය හිතනවා, ඒක වැරදි වැඩපිළිවෙළක්, ඒක වැරදි දර්ශනයක්, අපි විශ්වාස කරන්නේ පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීලා රජයේ මැදිහත්වීමත් වර්ධනය කරලා ආර්ථිකය විශාල කළ යුතුයි. , ආර්ථිකයේ ප්‍රසාරණය කළ යුතුයි, ඒ නිසා අපි දස ලක්ෂයක් නව ව්‍යවසායකයින් බිහි කරනවා, නව ව්‍යවසායකත්වය තුළ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා, ග්‍රාමීය නාගරික වතු ආශ්‍රිත ආර්ථිකය සවි බල ගන්වනවා. ආර්ථිකය වර්ධනය වීම තුළ ඔබගේ ජීවනෝපාය ශක්තිමත් වෙනවා. ඔබගේ ආදායම් මාර්ග ඉහළ යනවා,අනුර කුමාර දිසානායකටවත් රනිල් වික්‍රමසිංහටවත් දුගී දුප්පත් භාවය තුරන් කරන්න තිරසර වැඩසටහනක් නෑ. අපි හැමෝම දන්නවා දුප්පත් ජනතාව සදාකාලික ස්ථිර සහනාධාර ලබන ජනතාවක් බවට පත්වන්නට කැමති නෑ, මෙරට දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව දුප්පත් භාවයෙන් මිදීම දුප්පත් භාවයෙන් මිදීම තුළ ඔවුන්ගේ උත්සාහයෙන් නැගී සිටීම.මේ වනවිට දුප්පත්භාවය තුරන් කිරීමේ තිරසර වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනසවියේ , සමෘද්ධියේ , අස්වසුමේ හොද ගුණාංග එකතු කරලා අඩු පාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරිමේ නව වැඩසටහනක් දියත් කරනවා. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය , ආයෝජනය , ඉතිරි කිරීම , නිෂ්පාදනය , අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ් අනුව සෑම දුප්පත් පවුලකට මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරනවා.අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ යුතු උපරිම ආයෝජනය අපි සිදු සිදු කරනවා, ගාලු දිස්ත්‍රික්කයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ සිට මාතෘ නිවාසයේ සිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාසයේ සිට රෝග නිවාරණ පද්ධතියත් රෝග ප්‍රතිකාරක රෝහල් පද්ධතියත් අපි ශක්තිමත් කරන්න කටයුතු කරනවා . නිදහස් සෞඛ්‍ය තුළින් ජනතාව බලාපොරොත්තු වන ඒ කාර්යක්ෂම විසඳුම් ලබාදිය යුතුයි, නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරමින් රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්නත් කටයුතු කරනවා.අධ්‍යාපනය ගොඩනැගීමේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ පෙර පාසලෙන්. පෙර පාසල , ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතික අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය නිපුණතා සංවර්ධනය අපි ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා.ගාලු දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන නිෂ්පාදන කර්මාන්ත ශාලා බිහි කරන්න අපි කටයුතු කරනවා. අපේ රටට ජීවය ප්‍රාණය ලබාදෙන පෞද්ගලික අංශයේ සේවය කරන අපේම රටේ කම්කරු පන්තියට අපි පොරොන්දු වෙලා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රුපියල් 25000ක අවම වැටුපකට අපි පෞද්ගලික අංශයේ සියලුම සහෝදර සහෝදරියන්ට ලබා දෙන්න කටයුතු කරනවා, එය රටේ නීතියක් බවට පත්කරනවා,ඒ වගේම සේවා සපයන්නන් යටතේ පිරිසිදු කිරීම් කරන , ආරක්ෂක සේවයේ නිරත වන අය ලබන්නේ ඉතාම අඩු වැටුපක්. කම්කරු ශ්‍රමයටත් අවම වැටුප ලබාදෙමින් ඔවුන්ට ලබා දිය යුතු නිසි වරප්‍රසාද ලබාදීම සඳහා සේවා සපයන්නන්ගේ පැහැදිලි නියාමනයට ලක් කරන්නට අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවා,මෙරට අනාගතය සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන සන්ධානයේ කණ්ඩායමට රටේ තාවකාලික භාරකාරත්වය ලබා දෙන්න. අපි ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා. ඔබට සංවර්ධිත යුගයක් උදා කරනවා‘‘ සුජීව සේනසිංහ මැතිතුමා ‘‘මේ රටට විශාල හානියක් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළා. ඒ් සියලු පාඩු ඩොාලර් බිලියන 500 වැඩියි. විනාශ වුණු ජිවිත ප්‍රමාණය කිව නොහැකි තරම්. දේපොළ ප්‍රමාණය. පෞද්ගලික විශ්වවිද්‍යාල වැහුවා. පෞද්ගලිත විශ්වවිද්‍යාල වහලා දැම්මේ අනුර කුමාර දිසානායක. දැන් ධනවාදය ගැන කතා කරනවා. තඹුත්තේගම ගොවි පවුලක ඉපදිලා. ඒ්ක මධ්‍ය මහා විද්‍යාලයක් කළේ අපි. ඒ්කට ගිහිල්ලා, කැම්පස් ඒකට ගිහිල්ලා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද අනුර කුමාර අදින්නේ කමිසය 75,000 යි. කලිසම 50,000 යි. අපි ඊර්ෂ්‍යා නැහැ. ඒන වාහනය ලක්ෂ 400 යි. අනුර කුමාර රට යන කොට යන්නේ බිස්නස් ක්ලාස් ඒකේ. මේ අන්තිම මාස ටිකේ බිල ලක්ෂ 700 යි. ඒංගලන්තෙට, ජර්මනියට, ප්‍රංශයට, ඇමෙරිකාවට සංචාර වලට. මුළු ලෝකයම වැලද ගෙන අද අනුර කුමාර දිසානායක උග්‍ර ධනවාදියෙක් වෙලා ඉන්නවා. කියන කියන වචනෙ මාරු කරනවා. ටිල්වින් සිල්වා අද කියනවා IMF ඒකත් ඒක්ක ඒ් විදිහටම ගණුදෙණු කරගෙන යනවා කිවයලා. ගිවිසුම ඒහෙමම ක්‍රියාත්මක කරනවා කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන කොන්දේසි ටික මකලා නැවත IMF ඒකත් ඒක්ක කතා කරන්න පට් ගන්නවා කියලා. ඒ්ක මැකුණොත් මැකුවම තමයි. දෙසැම්බර් වෙන කොට අපිට කන්න නැති වෙනවා. ජනවාරි වෙනකොට නැවත අරගලයක් පටන් ගන්නවා. කියන කියන ඒක වෙනස් කරනවා. ප්‍රතිපත්තියක් නෑ. ඒන්.පී.පී. කියන්නේ නෝ ප්ලෑන් පාටි. සජිත් ප්‍රේමදාස මැතිතුමා මිනීමරලා නැහැ. දදූෂණය නැහැ. වංචාව නැහැ. පන්සිල් පද පහම රකින නායකයෙක්. ඒතුමා ළමයි වඩා ගන්නේ නැහැ. රඟපාන්නේ නැතිව ඇති. ඒතුමා බොරැ කියන්නේ නෑ. හැබැයි ඒතුමට රට දියුණු කරන්න පිරිපුන් බව පළපුරුද්ද නුවණ ඒ් සියල්ලම තිබෙනවා සහෝදරවරුණි. ගුණ යහපත් කෙනෙක් බලලා දෙන්න ඡන්දය දෙන්න. දූෂණය, වංචාව, ‌හොරකම් කරන, මීනි මරපු කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න ඒපා. දෙන්න ගුණ යහපත් මනුස්සයෙකුට. අනුර කුමාරයි, සජිත් ප්‍රේමදාස මහත්තයයී දාන්න තරාදියේ දෙපැත්තට. අනුර කුමාර මොනවද කරලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මොනවද කරලා තියෙන්නේ හොදට හිතලා බලන්න. ගෙවල් විසිදහසකට වැඩියි. පනසල් තුන්දහසකට වැඩියි. මේ අවුරැද්ද තුළ පාසල් දහදාහකට අවශ්‍ය උපකරණ ලබා දීලා තියෙනවා. රෝහල් වලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග. සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා අපිට බෙහෙත් ගේන්න බැර වෙනකොට අපි කියන්නෙ සජිත් ‌ප්‍රේමදාසට කියලා. ඒහෙම නම් සජිත් මහත්තයා ඒක්ක හොද කණ්ඩායමක් ඉන්නවා මේ රට ඉදිරියට ගෙන යන්න.‘‘ බන්දුලාල් බන්ඩාරිගොඩ මැතිතුමා ‘‘ඉතිහාසයේ අපට උරුම කරලා දීලා තියෙනවා 1993 ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අභාවයෙන් පස්සේ පුංචි මිනිහගේ දුක, වේදනාව, කදුළ හදුනපු තමුන්නාන්සේලාට වැඩක් කරන්න පුළුවන් අපේය කියලා කියන්න ජනාධිපති කෙනෙක් පත් කර ගැනීමේ අවස්ථාව මේ මාසේ තමුන්ලට උදාකරලා දීලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ පොඩි මිනිසා වෙනුවෙන් උපන් නායකයෙක්. ඒතුමට පියාගේ උරුමයෙන් කොළඹින් දේශපාලනය පටන් ගන්න තිබියදීත් හම්බන්තොටට ගිහිල්ලා පොඩි මිනිහා ඒක්ක ඉදලා පොඩි මිනිහා හදුනගෙන ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගිලා ඉදිරියට ආපු මනුස්සයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒතුමට විරැද්ධ පාර්ශ්වයෙන් ‌නො‌යෙකුත් නම පටබැන්දා. කාන්තාවන් සදහා සනීපාරක්ෂක තුවා දෙනවා කියලා. අපේ විරුද්ධවාදීන් ඒ්ක හාස්‍යයට ලක් කළා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කාන්තාවන් සදහා ලියවිච්ච ඒක ඡේදයක් තියෙනවා කාන්තාවන්ගේ ආර්ථවදරිද්‍රතාවය නැති කරන්න පියවර ගන්නවා කියලා. ඊයේ ටී.වී. නාළිකාවක ගිය දේශපාලන වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයගෙන් මොකක්ද මේ අර්ථවදරිද්‍රතාවය කියන්නේ කියලා. ඒතුමා හරියට පිළිතුරක් දුන්නේ නෑ. ඔය කියන්නේ වක්‍රාකාරව සනීපාරක්ෂක තුවා දෙනවටනේ කියලා. ඒදා අපි සනීපාරක්ෂක තුවා දෙනවා කියලා කිව්වම අද ඒක වචනයකින් කියනවා අර්ථවදරිද්‍රතාවය නැති කරනවා කියලා. මේ වගේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ තියෙන්නේ අපි ගියවර අපි යෝජනා කළ සමහර කාරණා. අද රනිල් වික්‍රමසිංහ හදලා දෙන ප්‍රවෘත්තිය වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහිල්ලා අරගෙන යනවා අනුර කුමාර දිසානායක මහත්තයා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිවරණයට තරග කරන්නේ ඔහු ජනාධිපති වෙන්න නෙමෙයි. ඔහුට බලය ගන්නත් නෙමෙයි. ඔහුට අවශ්‍ය කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරද්දන්න. පොඩි පන්තියේ මිනිහෙක් ජනාධිපති වෙන වෙලාවේ සජිත් ප්‍රේමදාස ඒක්ක තිබෙන ඊර්ෂ්‍යාවට ඔහුව පරද්දන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කරනවා. රනිල් වික්‍රමසිංහගේ උප්පරවැට්ටි වලට නොරැවටී පොඩි මිනිහා වෙනුවෙන් පොඩි මිනිහගේ දුක හොදින් හදුනන සජිත් ප්‍රේමදාස මැතිතුමාව 21 වැනිදා ජනාධිපතිවරණයෙන් දින වීමට කටයුතු කරමු.‘‘ චන්දිම වීරක්කොඩි මැතිතුමා ‘‘අපිට හැම පැත්තෙන් ඒන ආරංචි සුභයි. උතුරේ ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන්ලා තීරණය කරලා තියෙනවා ඒ්කමතිකව උතුරේ ජනතාවගේ ඡන්දය සජිත් ප්‍රේමදාසට කියලා. නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ ඒක පෙළට ඒකට ඉදගෙන තීන්දු කරලා තියෙනවා නැගෙනහිර මුස්ලිම් ජාතික ජනතා ඡන්දය සජිත් ප්‍රේමදාසට කියලා. කදුරට ජනතාවත් ඒ් වගේම දමිළ පක්ෂ වල සහයත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒතකොට බද්දේගම ඔබේ ආශිර්වාදයෙන් හැමදාම පාර්ලිමේන්තුවට ගිය මම ඔබත් ඒක්ක මම තනියෙන් නෙමෙයි ඒකතු වුණේ අපේ හිතවත් ආදර සියලු දෙනාත් ඒක්ක අපි ඒකතු වුණේ සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න කියන ඒක ඔබට කියනවා. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ හදවත තේරුම් ගත්ත, දුප්පත්කමෙන් ගැලවෙන්න මග පෙන්වන ඒ් වැඩපිළිවෙල දන්න උගතෙකු බුද්ධිමතෙකු වෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමයි. අද IMF ප්‍රධානියා අධ්‍යාපනය ලැබුවේ මොන විශ්වවිද්‍යාලයේද? ඒංගලන්තයේ ආර්ථිකය විද්‍යාව පිළිබදව ලෝකයේ තියෙන ප්‍රධානතම විශ්වවිද්‍යාලයෙන්. ඒ් විශ්වවිද්‍යාලයේම තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒතුමාගේ ආර්ථික විද්‍යාව සහ අන්තර් ජාතික සබදතා පිලිබද උපාධිය අරගෙන තිබෙන්නේ. ඒහෙම නම් ලෝකයේ ඉන්න හොදම ආර්ථික විශේෂඥයෝ ඒක්ක ඒකට ඉදගෙන මේ රටට විසදුම් ගේන්නට උපාධිය වගේම අත්දැකීම් වගේම පෞද්ගලික සම්බන්ධතා තියෙන නායකයෙක්.මේ වන විට රනිල් වික්‍රමසිංහ කොච්චර කෑ ගැහුවත් ආණ්ඩුව අරගෙන රට ගොඩ කළා කියලා දුප්පත් මිනිස්සුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හැත්තෑව දක්වා ඉහළට ගිහිල්ලා. ඒ් දුප්පත් මිනිස්සුන්ගේ අනාගතය ගොඩ නගන්නට නම් ඒකම විකල්පය සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img