Friday, May 22, 2026
HomeNEWSමහින්දගේ ආරක්ෂාවට හමුදාවේ 63ක් සහ පොලිසියේ එකසිය අසූවක්.

මහින්දගේ ආරක්ෂාවට හමුදාවේ 63ක් සහ පොලිසියේ එකසිය අසූවක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිළි කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වේ. එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි. ඒ වෙනුවෙන් යොදවා ඇති යුද හමුදා සාමාජිකයන් අතර කොමාන්ඩෝ නිලධාරීන් තිදෙනෙක්, සෙසු නිලයන් 37ක් සහ වෙනත් ඒකක නිලධාරීන් සිව් දෙනෙක් හා සෙසු නිලයන් 19ක් සිටින අතර ඒ අනුව සමස්ත යුද හමුදා නිලධාරීන් 07දෙනෙක් සහ සෙසු නිලයන් 56ක් ඒ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති හමුදා නිලධාරීන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් ද සේවයේ නියුතු වන අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් ද සිටිති. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img