Sunday, November 15, 2026
HomeNEWSලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර...

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදු කෙරිණි.

ඒ , GLEC සංකල්පයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ ජන මනස තුළට ව්‍යවසායකත්ව සංකල්ප ඇතුළත් කරමින් රටට ධනය නිර්මාණය කිරීම තම අරමුණ වන බවය.

මෙම අවස්ථාව සඳහා ලාංකික ව්‍යවසායකයින් ඇතුළු වෘත්තිකයින් රැසක් එක්ව තිබේ.

එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

”ව්‍යවසායකත්වය කියන වචනය පවා අපට නුහුරු නුපුරුදු වචනයක්ව පැවති කාලයක, “අපේ අරමුණු සංවිධානය” පුරෝගාමීව කටයුතු කරමින්, මෙම සංකල්පය සමාජගත කිරීම සඳහා දශකයකට ආසන්න කාලයක් විවිධ ආකාරයෙන් උත්සාහ කළා. අද වන විට ව්‍යවසායකත්වය බොහෝ දෙනාගේ මුවඟ රැඳුණු ප්‍රධාන වචනයක් බවට පත්ව තිබෙනවා. අපේ විද්වතුන්, වෘත්තිකයන් මේ වචනය භාවිත කරනවා. දේශපාලනඥයන් මේ වචනය භාවිත කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා මේ වචනය භාවිත කරනවා. ඉතින් ඒක සතුටට කරුණක්. මේ සංවාදය ප්‍රායෝගික සංවාදයක්. මෙය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි දෙයක්.

මෙහිදී අපි උත්සාහ කරන්නේ මේ වේදිකාවට සම්බන්ධ වන සියලු දෙනාටම සමාන අවස්ථාවක් ලබා දෙන්නටයි. ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම, අවකාශයන් සහ ඒ වටා පවතින සත්‍ය තොරතුරු බෙදාහදා ගන්නටයි. අද වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම සහ දීප්තිමත්ම ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමටත්, ඔවුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා. ඉතින් අද මේ ඉදිරිපත් කරන GLEC වේදිකාවට එන්න. මොකද, අපි විශ්වාස කරන්නේ ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු වීමම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවයි. අපට අවශ්‍ය වන්නේ ජන මනස තුළ ව්‍යවසායකත්ව සංකල්පය ඇති කරමින්, ව්‍යවසායකත්ව මනසකින් යුත් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් බිහි කරමින්, ඒ හරහා අපේ මව්බිමට ධනය නිර්මාණය කර දීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img