Sunday, November 15, 2026
HomeNEWSඋද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී පවත්වන ලදී.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් රවීන්ද්‍ර මුදලිගේ.

” රටේ ජනාධිපතිවරයා පසුගිය දවසේ පාර්ලිමේන්තුවට 2027 වසරට අදාළ අයවැය ලේඛනය ඉදිරිපත් කළා. මේ අයවැයට අනුව රජයේ ආදායම් තියෙන්නේ රුපියල් බිලියන 6180යි. හැබැයි මුළු වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 7933ක් වෙනවා. එතකොට අයවැය හිඟය රුපියල් බිලියන 1753ක් බවට පත් වෙන්න නියමිතයි. ජනාධිපතිවරයා කියපු විදිහට මෙවර අයවැයේ රාජ්‍ය ආදායමෙන් 92%ක් උපයාගන්න බලාපොරොත්තු වෙන්නේ බදු විදිහට. හැබැයි ඒ බදු ආදායමෙන් රුපියල් බිලියන 3592ක්ම උපයගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ භාණ්ඩ හා සේවා මත බදු මගින්. ඒ කියන්නේ මිනිස්සු කඩේට ගිහිල්ලා ගන්න තේ කොළ ටිකෙන් සීනි ටිකෙන් තමයි මේ ආදායම හොයාගන්න ලෑස්ති වෙන්නේ. මෙතන තියන බරපතළම කාරණය තමයි මෙවර අයවැයේ මුළු වියදම්වලින් රුපියල් බිලියන 4849ක්ම වෙන් වෙලා තියෙන්නේ ණය වාරික සහ පොලී වාරික ගෙවන්න.
අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා මේ අයවැය පරිවර්තනීය අයවැයක් කියලා. අනුර දිසානායක මේ කියන පරිවර්තනය තමයි ජේ ආර්ලා එදා ආරම්භ කරපු නවලිබරල් පරිවර්තනය. එදා මහින්ද රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහලාට සම්පූර්ණ කරන්න බැරි වුණු ආර්ථික වෙනස්කම් ටික තමයි මේ අයවැයෙන් ආණ්ඩුව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සාමාන්‍යෙ ජනතාවට මොනවත් කරන්න මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. ජනතාවගේ අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් විය යුතු ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් මෙවර කප්පාදු වෙලා තියනවා. ඒ නිසා තමයි අර මෑතක කොළඹ ප්‍රසිද්ධ තරු පහේ හෝටලේක දි ජනාධිපතිවරයා වාණිජ මණ්ඩලේ නියෝජිතයන් ළඟ ඇඹරි ඇඹරි කිව්වේ ඔවුන්ගේ ආයෝජනවලට සහය දෙනවා කියලා.
මේ අයවැය ලේඛනයත් එක්ක ආණ්ඩුව නව පනත් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බව සඳහන් වුණා. එතනින් එකක් තමයි විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා වෙනම සමාගමක් පිහිටුවන්න යෝජනා කරන නව පනතක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව. අපි දන්නවා මෙච්චර කාලයක් ආයෝජන මණ්ඩලය යටතේ තමයි විදේශ ආයෝජන කැඳවීම කළේ. නමුත් ඒක එතනින් ගලවලා වෙනම ආයතනයක් පිහිටුවීමේ අරමුණ මොකක්ද කියලා අපිට පැහැදිලියි ආණ්ඩුවේ අනිත් ප්‍රතිපත්ති දිහා බැලුවම. අනිපැත්තෙන් ආණ්ඩුව ආයෝජන ආරක්ෂණ පනතක් ඉදිරිපත් කරලා තියනවා. මේ පනත එන්නේ අර මහාපරිමාණ ආයෝජකයන්ව රැකගන්න. හැබැයි ඒ ගමන් ආණ්ඩුව ගේන්න බලාපොරොත්තු වෙන නව කම්කරු පනත මගින් මේ රටේ කම්කරුවන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරලා අර ආයෝජකයන්ට ඕන ඕන විදිහට කම්කරුවව සූරා කෑමට අවස්ථාව දෙන්න නීති හදනවා.
ඊලග කාරණය තමයි ආණ්ඩුව මේ අයවැයෙන් යෝජනා කරනවා නිදහස් වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න. එතනින් ප්‍රධාන යෝජනාවක් තමයි චීනය සමග අත්සන් කරන්න බලාපොරොත්තු වෙන නිදහස් වෙළඳ ගිවිසුම. අපි දන්නවා ආර්ථික අතින් බලවත් රටක් එක්ක ආර්ථිකයෙන් ඉතාම පහළ ඉන්න රටක් ගිවිසුම් අත්සන් කළාම වෙන්නේ මොකක්ද කියලා. අර බලවත් රටේ සියලු විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති යෝජනාවලට දුර්වල රටට එකඟ වෙන්න වෙනවා. ඒ නිසා මේ නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ ලිලිපුට්ටන් සහ ගලිවර්ලා අතර එකඟතාවයක්.
මේ අයවැයේදී ජනාධිපතිවරයා ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. ලෝක බැංකුව අපිව ඉහළ මැදි ආදායම් ලාභී රටක් විදිහට නම් කරලා තියනවා කියලා. අපි බලන්න ඕන ජනතාවගේ ආදායම් මොන විදිහකින් ද වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ වෙද්දි උද්ධමනය තියෙන්නේ 8.3ක් වැනි දරාගත නොහැකි අගයක. ජීවන වියදම් දර්ශකයට අනුව 2021 වසරේ 100ක අගයේ ඉඳලා බැලුවම මේ වෙද්දි ඒ අගය 224.2කින් ඉහළ ගිහිල්ලා තියනවා. ඒ කියන්නේ 2021 අවුරුද්දේ කඩේ ගිහිල්ලා රුපියල් ලක්ෂයකින් ගන්න බඩු ටික ගන්න මේ 2026 අවුරුද්ද වෙද්දි රුපියල් දෙලක්ෂ විසිහතරදහස් දෙසීයක් ඕන. ඒ කියන්නේ ජීවත් වීම සඳහා 100%ක වැටුප් වැඩි වීමක් ජනතාවට අවශ්‍ය වෙනවා. හැබැයි ඒක හංගලා ආණ්ඩුව මේ පාරත් අංක විජ්ජා ටිකක් තමයි ජනතාවට පෙන්නලා තියෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරපු පර්‍යේෂණයක ප්‍රතිඵල අද පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඒ වාර්තාවට අනුව 2019 අවුරුද්දේ රටේ ඉහළම ආදායම ලබපු 20% රටේ සමස්ත ආදායමෙන් 51.3ක් අත්පත් කරගෙන තියනවා. 2025 වසරේදී ඒ ප්‍රමාණය 55.8ක් දක්වා වැඩි වෙලා. 2019 අවුරුද්දෙදි රටේ පහළම ආදායම් ලබන 20% අත්පත් කරගෙන තියෙන්නේ රටේ සමස්ත ආදායමෙන් 4.4%යි. ඒ අගය 2025 අවුරුද්ද වෙනකොට 3.8% දක්වා පහළ වැටිලා. ජනතාවගේ සැබෑ ආර්ථික තත්වය තියෙන්නේ මේ විදිහට ඉතාම අවදානම් තත්වයක. එහෙම තියෙද්දිත් ආණ්ඩුව මෙවර සහනාධාර සඳහා වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 1482යි. හැබැයි පසුගිය 2026 අවුරුද්දෙදි සහනාධාර සඳහා බිලියන 1572ක් වෙන් වෙලා තිබුණා. මෙවර ඒ ප්‍රමාණය පවා ආණ්ඩුව කප්පාදු කරලා.
ඒ නිසා ආණ්ඩුව පෙන්නන සුරංගනා ලෝකය නෙමෙයි ඇත්ත මහපොළොවේ තියෙන්නේ. අපි දැක්කා අනුර ලොකුවට කියනවා ඔලිම්පික් සහ ආසියානු කුසලාන සඳහා රන් පදක්කම් ගන්න අයට කෝටි ගණං දිරි දීමනා දෙනවා කියලා. අපි දන්න විදිහට මේ තරඟ එකක්වත් 2027 අවුරුද්දේ පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා තව අවුරුදු කිහිපයකින් වෙන දේවල්වට තමයි මෙවර අයවැයෙන් මේ මුදල් වෙන් කරලා තියෙන්නේ. මේක විහිලුවක්. ආණ්ඩුවට තිබුණා මේ වෙලාවේ ජනතාවගේ බදු බර දශමයකින් හරි අඩු කරන්න. අපි දන්නවා මස් කිරි බිත්තර වගේ ප්‍රෝටීන් ආහාර සඳහා විශාල බද්දක් පැටවිලා තියනවා. රටේ දරුවෝ මන්දපෝෂණයට ගොදුරු වෙලා ඉන්න වෙලාවක ආණ්ඩුවට තිබුණා අත්‍යාවශ්‍ය දෙයක් විදිහට සලකලා අත්‍යාවශ්‍යය ආහාර මත පනවපු බදු ඉවත් කරන්න. අනිත්පැත්තෙන් කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යවලට ඖෂධවලට විශාල බද්දක් පැටවිලා තියනවා. මේ බදු අඩු කරන්න කිසිම මැදිහත් වීමක් මේ අයවැයෙන් වෙලා නැහැ.
ඒ නිසා පැහැදිලියි ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කරල තියෙන්නේ රටේ බහුතරයක් වුණ සාමාන්‍යෙ ජනතාව වෙනුවෙන් නෙමෙයි. හාන්ස්ලා, ඩඩ්ලිලා වගේ ධනකුවේරයෝ සනසන්න තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අර ලාෆ් ගෑස් සමාගම අයවැය ඉදිරිපත් කරලා දවස් දෙකක් යන්නත් කලින් ගෑස් මිල වැඩි කරන්නේ. මේ අයවැයෙනුත් පැහැදිලියි සාමාන්‍යෙ ජනතාවට නිහඬව බලාගෙන හිටියොත් කිසිවක් ලැබෙන්නේ නැහැ. තව තවත් ජනතාව සූරාකාලා ධනකුවේරයෝ සතුටු කරන පාරක තමයි මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් IMF එකේ ආර්ථික න්‍යායපත්‍රය ඉටු කරන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ගමන් කරන්නේ. ඒ නිසා මේ කොල්ලකාරී ආර්ථිකයට සහ බදු බරට එරෙහිව සංවිධානය වීම හැරෙන්න වෙන විකල්පයක් ජනතාවට නැහැ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img