80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි
80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩ ව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩ ව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව උසස් අධ්‍යාපනයේ ඉහළට ම ගිය අය අතර දකුණු ආසියාවේ වැඩි ම විරැකියා ප්‍රතිශතය වන 43%ක් අප රටේ ඇති බවත් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස දශක ගණනාවක් සේවය කළත් අදටත් මැතිවරණ පොරොන්දුව ලෙස ගුරු සේවයට එන්න බැරිව ඇති බවත් මානව සංවර්ධන දර්ශකයට රැකියාවක් පැවතීම 1ක කරුණක් වුවත් ඒ තුළින් ලැබෙන ආදායමෙන් සෙසු දේවල් නිර්මාණය වන බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් 80000ම බරපතළ ගැටලුවලට මුහුණ දෙන නිසා මොවුන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන වත්මන් ජීවන මට්ටමට සරිලන මාසික දීමනාවක් ලබා දී ඒ ඒ අංශවල කුසලතාව නිපුණතාව වර්ධනය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම පසුගිය මැතිවරණ 3දීම මේ රැකියා විරහිත උපාධිධාරීන් වත්මන් රජයට බලය ලබා දුන්නේ මේ රැකියා ලබා ගැනීමට බවත් අවම වශයෙන් මොවුන් අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.






















