අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!
2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිල වශයෙන් නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර ඇත.
මීට අමතරව, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට එරටට පැමිණීම සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමට ද අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.
මෙම පියවර මඟින් බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙන්ම එරට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වලට ද සහන සැලසෙනු ඇත.






















