Sunday, November 15, 2026
HomeNEWSඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය, 2006 වසරේ ආරම්භ කළ වැඩසටහනේ වසර 20ක ඉතිහාසය තුළ එක් වසරකදී වැඩිම ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් පිරිනැමූ අවස්ථාව ලෙස වාර්තා වේ. ඒ අනුව, වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා ශිෂ්‍යත්ව 1,233ක් පිරිනමා තිබේ.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් ගුණාත්මක හා වගකීම්සහගත ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ යටතේ මෙවර ප්‍රථම වරට ආචාර්ය උපාධි පාඨමාලා සඳහා ද ශිෂ්‍යත්ව පිරිනැමීම විශේෂත්වයකි. ආචාර්ය උපාධි සඳහා රුපියල් ලක්ෂ 7ක් දක්වා ද, පශ්චාත් උපාධි හා සාමාන්‍ය උපාධි සඳහා රුපියල් ලක්ෂ 3.5ක් දක්වා ද, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ 2ක් දක්වා ද මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.

ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීම තාක්ෂණික සුදුසුකම් හා සම්මුඛ පරීක්ෂණ මත පදනම්ව සිදු කළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය. මාධ්‍යවේදීන් වෘත්තීය ආචාරධර්ම ආරක්ෂා කරමින් ගුණාත්මක හා වගකීම්සහගත මාධ්‍යකරණයක නිරත වීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණයේ වේගවත් වෙනස්වීම් හමුවේ මාධ්‍යවේදීන් විධිමත් අධ්‍යාපනයකින් හා තාක්ෂණික දැනුමකින් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බවයි. තරුණ පරපුරේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පාසල් මාධ්‍ය ඒකක ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රචාරක අංශය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img