Friday, September 11, 2026
HomeNEWSවත්මන් ජනාධිපති අද මාධ්‍යයටත් බලපෑම් කරන්න පටන් අරන් - සජිත් ප්‍රේමදාස.

වත්මන් ජනාධිපති අද මාධ්‍යයටත් බලපෑම් කරන්න පටන් අරන් – සජිත් ප්‍රේමදාස.

*මාධ්‍ය නිදහස ගැන කතා කළ වත්මන් ජනාධිපති අද මාධ්‍යයටත් බලපෑම් කරන්න පටන් අරන් – සජිත් ප්‍රේමදාස මහතා*ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් කොටසක් වන්නේ මාධ්‍ය නිදහස බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ වැදගත්ම කුළුනක් ලෙස රටක මාධ්‍ය බොහෝ දෙනා පිළිගන්නා වුවත් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට ජනාධිපති වී මාධ්‍යයට උපදෙස් දෙන්න යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන උපදෙස් දෙන බවත් අප රටේ මාධ්‍ය ක්ෂේත්‍රයට වත්මන් ජනාධිපතිවරයාගෙන් හෝ දේශපාලනඥයන්ගෙන් මාධ්‍ය නිදහස ගැන උපදෙස් අවශ්‍ය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කුළුනක් වන මාධ්‍ය නිදහස රැකගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.මාධ්‍ය නිදහස, සදාචාරය රැකිය යුතු වුවත් එය රැකිය යුත්තේ මාධ්‍ය විසින්ම නිර්මාණය කරන ස්වයං රෙගුලාසි පද්ධතියක් අනුව බවත් ජනාධිපතිට හෝ ආණ්ඩුවට මාධ්‍ය පාලනය කරන්න නීති පමුණුවීම උපදෙස් දීම තරවටු කිරිම යනු මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත තරවටු කිරීමෙන් උපදෙස් දීමෙන් නියෝග දීමෙන් බැහැර වන ලෙස ඉල්ලා සිටින බවත් මාධ්‍යට ස්වයං කළමනාකරණය මාධ්‍යයට අයිති වැඩක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ පැවැති ජනහමුවක් අමතමිනි.*සමගි ජන බලවේගයට සහ තමාට මාධ්‍ය වෙතින් විවේචනාත්මක ප්‍රහාර එල්ල වුවත් කිසි දින එම මාධ්‍යයට විරුද්ධව කටයුතු කර නොමැති බවත් එසේ කියන්න අයිතියක් ද නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.අද වන විට විපක්ෂයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුව පමණක් තිබිය යුතු යැයි මතයක් ගෙන යන බවත් මේ රටේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට ආරක්ෂා කර ගන්නට මාධ්‍ය නිදහස රැකගන්න සමගි ජන බලවේග බහුතරයක් නිර්මාණය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.NEWS CLIP ☎️ https://youtu.be/aFvc3ugp1Rs?si=4fzDat_XETNBCWIL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img