Sunday, September 13, 2026
HomeNEWSපුළුවන් තරම් වැඩ වර්ජන කරලා තමයි මාලිමාව බලයට ආවේ- මරික්කාර්.

පුළුවන් තරම් වැඩ වර්ජන කරලා තමයි මාලිමාව බලයට ආවේ- මරික්කාර්.

අද (05) දින සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය,‘‘පසුගිය කාලය පුරාවටම රටේ සිටින ගුරුවරු , විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් , වෘත්තිය සමිති පාරට බස්සා රටේ උද්ඝෝෂණ වැඩ වර්ජන සියල්ල සිදුකරලා තමයි ජාතික ජනබලවේගය බලයට පැමිණිමට පාර කපා ගත්තේ. ඒ වගේම සමාජ මාධ්‍යයේ තිබෙන අසීමිත නිදහස භාවිතා කරමින් වසර කිහිපයක් තිස්සේ තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය එළිපෙහෙළි කරගෙන ඒ හරහා මේ රටේ සාමාන්‍ය ජනතාවට නොයෙකුත් අසත්‍ය ප්‍රකාශ කරලා තමයි ජාතික ජනබලවේගය ඔවුන්ගේ දේශපාලන මතවාදය සමාජගත කළේ. එසේ සිදුකරලා බලය ලබාගත් ජාතික ජනබලවේගය මාධ්‍ය මර්දනය කරන්න උත්සහ කරනවා. මාධ්‍ය නිදහසක් පිළිබඳවත් ජාතික ජනබලවේගය කතා කරන්න උත්සහ කරනවා. මාධ්‍යයට තිබිය යුත්තේ ස්වයං නිදහසක්. ආණ්ඩුව විසින් යෝජනා කරන රෙගුලාසිමය නිදහසක් නෙවෙයි. පුද්ගලික අපහස , බොරු ප්‍රචාර , ප්‍රචාර කිරිම සිදුනොකළ යුතු දෙයක්. රටේ තිබෙන නීති පද්ධතිය හරහා එවැනි කටයුතු වල නිරත වන පිරිසට නිතිමය පියවර ගැනිමේ හැකියාවක් තිබෙනවා. ජාතික ජන බලවේගයට බලය ලබා ගැනිමට පාර කපපු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස මර්දනය කරන්න උත්සහ කිරිම නොකළ යුතු දෙයක්. ඒ වගේම මෙවැනි ක්‍රියාවලින් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අනතුරක් සිදුවෙනවා. මෙවැනි ක්‍රියා තුලින් ශ්‍රි ලංකාව කොමියුනිට්ස් පාලනයක් කර ගෙන යාමට ජාතික ජන බලවේගය උත්සහ දරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.ඒ වගේම වෘත්තිය සමිති , ගොවීන් , ශිෂ්‍යයින් , ගුරුවරුන් යොදාගෙන උද්ඝෝෂණ , වැඩ වර්ජන සිදුකළ පිරිස රටේ ප්‍රශ්න ගැන කතාබහ කරන්නේ නෑ. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති නායකයින් ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. රටට අනවශ්‍ය වැඩ වර්ජන , විරෝධතා අවශ්‍ය වන්නේ නැහැ. එය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපානවා. ඒ බව සමගි ජන බලවේගය දිගින් දිගටම සඳහන් කළා. නමුත් සාමාන්‍ය සේවකයන්ට ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනිම සඳහා තිබෙන නිදහස නැති කරන්න ඉඩ දෙන්න නොහැකියි.ඒ වගේම විවේඡන ඉවසා ගැනිමට නොහැකි , චෝදනා ඉවසගන්න නොහැකි , තැනකට ආණ්ඩුව ක්‍රමක් ක්‍රමයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩුව දරදඩු ප්‍රතිපත්ති අනුගමනය කරයිද කියන සැකය අපට මතුවෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමයි ඔවුන්ගේ බලය නිසිලෙස තහවුරු කරගන්න ඔවුන් උත්සහ කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට තුලිත බලයක් ලබාදෙන්න කියලා අපි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ සිදු වුවහොත් උද්දච්චි , ඒකාධිපති ආණ්ඩු රට තුළ බිහි වෙන්නේ නෑ. ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදිමෙන් පසු ඔහු කිසිදු අයෙකු ප්‍රකාශ කරන දේවල් වලට සවන් නොදි උද්දච්චි ආකාරයට කටයුතු කරමින් පොහොර තහනම් කරලා නිෂ්පාදය අඩාල කළා , සල්ලි අච්චි ගහලා උද්දමනය වැඩි කරලා භාණ්ඩ මිල වැඩි කළා , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නේ නැතිව රට බංකොලොත් කරන්න කටයුතු කළා. ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය පාලනය කරමින් , වෘත්තිය සමිති අහෝසි කරමින් රට කොමියුනිට්ස් පාලනයක් කරා ගෙන යාමට සුදානම් වන්නේ රට නැවත ඒකාධිපති පාලනයට ගෙන යාමට උත්සහ දරන තත්ත්යක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව තුළ තුලිත පාලනයක් ඇති කරන්න කටයුතු කරන්නැයි කියලා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වුණ කිසිවක් ඉටු කරලා නැ. ආණ්ඩුව ප්‍රකාශ කළා ඉන්ධන මිලට සහනයක් ලබාදෙනවා කියලා නමුත් සාමාන්‍ය ජනතාව භාවිතා කරන සාමාන්‍ය පෙට්ට්‍රල් සහ සාමාන්‍ය ඩිසල් මිල අඩු කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. නමුත් ඔවුන් ධනපති පන්තිය භාවිතා කරන සුපිරි ඩිසල් , ඔක්ටේන් 95 පෙට්ට්‍රල් මිල අඩු කරලා තිබෙනවා. ධනපති පන්තියට වරප්‍රසාද දෙන්න රටේ ඉන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහද කියලා සැකයක් මතුවෙනවා. රටේ ජනතාව අන්ත දුකක් විඳිනවා , ජනතාවට ඔවුන්ගේ දරුවන් පාසල් යවා ගැනිමට නොහැකි වෙලා තිබෙනවා. ජනතාව විදින පිඩනයෙන් මුදවා ගන්න කියලා තමයි ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන්නේ. සති හයක් ගතවෙලත් ජාතික ජන බලවේග ආණ්ඩුවට කිසිවක් සිදුකරගන්න නොහැකි වෙලා තිබෙනවා. රටේ පාස්පොට් පෝලිම , හාල් පෝලිම , පොල් පෝලිම , භාණ්ඩ මිල අඩු කරලා නෑ , ඉන්ධන මිල අඩු වෙලා නෑ , කිසිදු ඩොලරයක් රටට එන්නේ නෑ , රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමක් සිදුකරලා නෑ , වැටේ දන්නවනම් මේ ප්‍රශ්න ටික විසදන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නමුත් ආණ්ඩුව වැඩේ දන්නේ නැති බවක් තමයි පෙනේන තිබෙන්නේ.ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා පලපුරුදු අද්දැකිම් තිබෙන අය පාර්ලිමේන්තුවට එවන්න කටයුතු කරන්න කියලා. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගත්ත අයද , පාර්ලිමේන්තුවේ දේවළ විනාශ කළ අයද , රට බංකොලොත් කරන්න දායක වුණ පිරිසද , රටේ බදු මුදල් කොල්ල කාපු පිරිසද නැවත පාර්ලිමේන්තුවට එවන්න කියලා රනිල් වික්‍රමසිංහ කියන්නේ. පාර්ලිමේන්තුවට පලපුරුද්ද තිබෙන පිරිසක් අවශ්‍ය වෙනවා. හොරකම් කරලා , පලපුරුද්දක් තිබෙන පිරිසක් නෙවෙයි පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ වැඩ කරලා පලපුරුද්දක් තිබෙන පිරිසක්. ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා පලපුරුද්දක් තිබෙන පිරිසක්. එසේ නැතිව රට නැවත අගාධයකට ගෙනයන කණ්ඩායම් නැවත පර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ නෑ.‘‘‘‘ආණ්ඩුව ප්‍රකාශ කරනවා ලබන වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න තිරණය කළා කියලා. ලබන වසරට අයවැයක් නිර්මාණය නොකර එවැනි දේවල් ප්‍රකාශ කරන්න බෑ. මේ වසරේ ලබන ආදායම සහ වියදම ගණන් බලලා තමයි ලබන වසරේ අයවැය හදන්නේ. ඒ අනුව තමයි වැටුප් වැඩිකරනවාද නැද්ද කියලා තිරණය කරන්න වෙන්නේ. කැබිනට් පත්‍රිකාවක් දාලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බෑ. මේ සම්බන්ධයෙන් අගමැතිවරියටත් උත්තර දෙන්න තේරෙන්නේ නෑ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ගන්න ඕන කියලා අගමැතිවරිය කියනවා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. වැටුප් වැඩි කිරිම ගැන මුදල් අමාත්‍යාංශය , රාජ්‍ය භාණ්ඩාගාරය , ආණ්ඩුව සාකච්ඡා කරලා තමයි තිරණයක් ගන්න ඕන. අයවැයක් හදන් නැතුව වැටුප් වැඩිකලා කියන දේ අසත්‍යක්. ‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img