Sunday, September 13, 2026
HomeNEWSඩුබායි පැවති අවියානා වෙළඳ ප්‍රදර්ශනය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට.

ඩුබායි පැවති අවියානා වෙළඳ ප්‍රදර්ශනය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට.

• ඩුබායි පැවති අවියානා වෙළඳ ප්‍රදර්ශනය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට• ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලයේ සාඩම්බර ‍කොටස්කරුවකුවීමට විදේශගත ශ්‍රී ලංකිකයින් තුළ දැඩි උනන්දුවක්ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමුහය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි අවදානයට ලක්වෙයි.පසුගිය 02 සහ 03 යන දිනවලදී ඩුබායි ක්‍රවුන් ප්ලාසා හි පැවති ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනෙය්දී (Sri Lanka Trade Fair – Dubai 2024) අවියානා හෝටල් සමුහය පිළිබඳව ඩුබායි රාජ්‍යෙය් මෙන්ම ජාත්‍යන්තරයේත් දැඩි අවධානයට ලක්වීම විශේෂත්වයකි.ඩුබායි හි පැවති ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශණය පසුගිය 02 වෙනිදා විවෘත කළේ ලෝකප්‍රකට ව්‍යාපාරික බූ අබ්දුල්ලා, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් උම් අල් කුවේන් ප්‍රාන්තයේ රාජකීය පවුලේ සාමාජික ෂෙයික් ඊසා විධායක අධ්‍යක්ෂ හා පෞද්ගලික උපෙද්ශක යකූබ් අලී,ආචාර්ය මුනීර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහත්වරු ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.ඩුබායි රාජ්‍යෙය් සහ තවත් විවිධ රටවල ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් අවියානා වෙළඳ ප්‍රදර්ශන කුටි වෙත පැමිණ මෙරට පළමු තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමුහය පිළිබඳව දැඩි උනන්දුවකින් තොරතුරු විමසූහ. අතර ලබන වසරේ අවියානා හෝටල් සමූහය විවෘත කළ පසුව මෙරටට පැමිණිමට අපේක්ෂා කරන බවද ඔවුන් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.ඊට අමතරව මැදෙපරදිග රටවල සහ විදේශිය රටවල සිටින ශ්‍රී ලාංකියින්ද අවියානා වෙළඳ ප්‍රදර්ශනයට පැමිණ අවියානා හි ආයෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශකර ඇත.විදේශ රටවල සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින් අවියානා හි ආයෝජනය කිරීම සඳහා ඩුබායි හි දී ගිවිසුම්ගත වීමද විශේෂත්වයකි.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් සමුහය වන අවියානා වෙත ජාත්‍යන්තරයේ අවධානය දැඩිලෙස යෝමුවී සිටීම විශේෂත්වයක් බව අවියානා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අවියානා විශේෂ නියෝජිත පිරිස ප්‍රකාශ කරති.මෙරට සංචාරක කර්මාන්තය නව මාවතකට යොමුකරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් වසරකට රුපියල් බිලියන භගයකට අධික ආදායමක් මෙරට ආර්ථිකයට අවියානා හෝටල් සමුහය මගින් ලබාදීමට අපේක්ෂා කරන බව අවියානා හෝටල් සමුහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.මෙවර (Sri Lanka Trade Fair – Dubai 2024)සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ලද්දේ අවියානා හෝටල් සමුහය වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img