ආණ්ඩුව පිහිටුවීමේ දී ප්‍රකාශ කළ පොරොන්දු ඉෂ්ට කරගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇති බවත් පෝලිම් ක්‍රමය වෙනස් කළ නොහැකි දුර්වල පරිපාලනයක් ඔවුන් පෙන්වාදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා,“අද අපි මහා මැතිවරණයක් පේනමානයක සිටගෙන කතා කරන්නේ. ජනාධිපතිවරණයක් අවසන් වුණා. මහා මැතිවරණයට අපි පෙනි සිටිනවා. ජනාධිපතිවරණයෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුව කිසිම පොරොන්දුවක් ඉෂ්ට නොකර ජනතාවගේ විරෝධයට පත්වෙලා තිබෙනවා. අද රාජ්‍ය සේවයට තරවටු කරනවා ජනතාවගේ කටයුතු හරියාකාරව කරලා දෙන්න කියලා. මේ ආණ්ඩුව පිහිටුවන කොට කිව්ව එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරන්නේ නැති තත්වයට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරනවා කිව්වා අවුරුද්දට දෙපාරක්. නමුත් එය සිදුකරන්නේ නැහැ. අද ඒ පිළිබඳව කතාවක්වත් නැහැ. ඊයේ පරිපාලන නිලධාරීන්ගේ රැස්වීමක් තිබුණා ජනාධිපතිතුමා සමඟ. ඒ පිරිසට කිව්වා ජනතාවගේ කටයුතු කරන්න තමයි පරිපාලන සේවය සිටින්නේ. වැරැද්දක් කළොත් දඩුවම් කරන්න වෙනවා කියලා . නමුත් ඔවුන්ගේ ඉහළ නිලතර දරන්න ආරක්ෂක ලේකම් යන නිලතරවලට ජනාධිපති කොමිසම් සභා වාර්තාවලින් සැකයට ලක්වෙච්ච දෙන්නෙක් සිටින්නේ. ඒ දෙන්න තමයි ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නේ. ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා ජාත්‍යන්තරයෙන් වැඩියෙන්ම ආධාර දෙන්නේ අපිට කියලා. කොහෙවත් රටක් ණය දෙන්නේ නැහැ ණය ඉල්ලන්නේ නැතිව. ණය ගන්න ආණ්ඩුවක් මොකටද කියලා අහපු මාලිමාව අද ණය ගන්නවා. දැන් ඒ පිරිසට බයක් තිබෙනවා මැතිවරණය ඔවුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගන්න බැරිවෙයි කියලා. අද මේ රට තිබෙන තත්වයට තුනෙන් දෙක නොවේ සියයට පනහක්වත් ගන්න බැරි තත්වයක ඉන්නේ. ඒක තමයි ජනතාවට කියන්නේ බොරුවට රැවටෙන්න එපා. හරි තීන්දු ගන්න.එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉතා විශාල ලෙස බාල්දු කළා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියලා. දැන් ඒ කියපු කාන්තාවම කියනවා ඒක අපි හිතාමතා ගොතපු බොරුවක් කියලා. ඔය වගේ කොච්චර බොරු කියලා ඇත්ද? මෙහි හරියාකාර තත්වය දැනගන්න පුළුවන් වෙන්නේ තව මාස තුන හතරක් යනකොට, ජනතා විමුක්ති පෙරමුණේ හරි ඇත්ත.ඒ වගේම මාලිමාවේ පිරිස කිව්වේ ආපුදාට පහුවෙනිදාම පාස්පෝට් පෝලිම නැති කරනවා කියලා. අද පාස්පෝට් එකක් ගන්න ජනතාවට විදිහක් නැතිව ඉන්නවා. මැතිවරණයට පෙර කිව්ව ක්‍රමවේදය අද නැහැ. ඒ වගේම අද වන විට පොල් පෝලිමකුත් තිබෙනවා. අද අනාගත්ත ආණ්ඩුවක් බවට පත්වෙලා ඉන්නේ.අපි අභියෝග කරනවා පුළුවන්නම් තුනෙන් දෙකක බලයක් අරගන්න බලන්න? හැබැයි ඔවුන්ට කවදාවත් තුනෙන් දෙකක බලයක් ගන්න බැහැ කියලා කියනවා. ” එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -: අද වෘත්තිය සමිති විසුරුවා හැරලා තිබෙනවා. අපි වෘත්තිය සමිති විසුරුවා හරින්න දෙන්නෙත් නැහැ, අපි වෘත්තිය සමිති ශක්තිමත්ව ඉදිරියට අරගෙන යනවා. අපේ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කවදාවත් වර්ජනය කරන්න. අපි සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්නවා. බැරිම වුණොත් වර්ජනයකට යන්නේ. අපි අපේ ආණ්ඩුව කාලෙවත් වර්ජනය කලෙත් නැහැ, විපක්ෂයේ සිටි කාලයේ ගියෙත් නැහැ. හැබැයි ලංකාවේ තිබෙන ප්‍රධානම වෘත්තිය සමිති තිබෙන්නේ අපිත් එක්ක.පහුගිය ආණ්ඩුව කාලයේ විශ්ව විද්‍යාල අනද්ධන සේවකයින් වර්ජනය කළා. අපි නොවේ එයට නායකත්වය දුන්නේ. ජනතා විමුක්ති පෙරමුණයි, පෙරටුගාමි කණ්ඩායමයි. අන්තිමේදි වර්ජනය අතරමැදි නවත්වලා මිනිස්සු ටික අතරමන් කළා. ඒ පිරිස නැවත එන කොට තමයි කියන්නේ අපි වෘත්තිය සමිති විසුරුවා හරිනවා කියලා. පුළුවන් වැඩිම දීමනාවක් අරගෙන දුන්නේ අපේ ආණ්ඩුව කාලේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති කාලයේ එයට මුදල් දීලා ඒ ඒ විෂමතාවය නැති කළා. එහිදි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් නාරගල මහතා,“අපි මේ රටේ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් අභිමුව ඉන්නේ. මේ මැතිවරණය මේ රටේ මිනිස්සු මහා අපේක්ෂාවන් රාශියක් පොදිබැදගෙන රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිය වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන අපේක්ෂාවෙන් ඉන්නවා. ජනාධිපතිවරණයෙන් පසු ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස ජනතාව අතරට මේ වර්තමාන ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායමට ගෙනයාමට පුළුවන් වුණාද කියලා ප්‍රශ්නයක් මේ වන විට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම ඒ අයගේ කණ්ඩායාම් යම්කිසි උදාසීන තත්වයකට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ඉතාම සාර්ථකව කරගෙන යනවා. අපේ ඉතාම හොඳ කණ්ඩායාමක් සෑම දිස්ත්‍රිකයකින්ම ඉදිරිපත්වෙලා සිටිනවා. අපිට පේන ප්‍රධාන කාරණයක් තමයි ජනතාව අතරින් එනවා යම්කිසි මතයක් ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවාද කියන සැකය . ඒ පිරිස පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවල කිව්වේ මහා දැවැන්ත විපර්යාසයක් දින ගානකින් සිදුකරනවා කියලා. රට තුළ මහා දැවැන්ත පරිවර්තනයක් සිදුකරනවා කියලා. නමුත් ඒ කියන කාරණය කොයිතරම් දුරට සාර්ථක වෙනවාද කියන එක සම්බන්ධව ගැටලුවක් මේ අවස්ථාවේ තිබෙනවා.ජනතාවට තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ දේවල් කතා කරන්න පුළුවන් සුදුසු වටපිටාවක් එක්ක ගොඩනැගිච්ච දේශපාලන පෞර්ෂයයක් තිබෙන පුද්ගලයින් දේශපාලනය කරනවා අපි දැක්කා. ජනතාවගේ විශ්වාසනීයත්වය උඩ තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරලා ඒවලට සහයෝගයන් ලබාගන්න තමන්ගේ ප්‍රදේශයේ සිටින මහජන නියෝජිතයන් සමඟ කතා කළා. නමුත් වර්තමාන තත්වය යටතේ බලයට එන්න උත්සහ කරන , දැනට වර්තමාන බලයේ සිටින කණ්ඩායම සම්බන්ධව මහා දැවැන්ත ප්‍රශ්නයක් ඇවිත් තිබෙනවා. මේ පිරිස අපි වෙනුවෙන් පෙනි සිටිින පිරිසක්ද? අපේ ප්‍රදේශයේ තිබෙන පොදු ප්‍රශ්නවලට , ජනතාවගේ ගැටලුවලට උත්තර දෙයිද? ඒ වෙනුවෙන් කටයුතු කරයිද කියන ගැටලුවක් තිබෙනවා. ඒ පිරිස දේශපාලන වේදිකාවේ ලස්සන කතන්දර කිව්වත් ඒ පිරිසට ප්‍රායෝගික රාජ්‍ය පාලනය ඇතුලේ ඒ කටයුතු යථාර්තයක් බවට පත්කරගන්නට ප්‍රශ්නයක් බවට මේ මාසය ඇතුලත ඇතිවී තිබෙනවා. ඒ නිසා අපි දකිනවා මේ මැතිවරණ ප්‍රතිපලය වෙනස් ප්‍රතිපලයක් බවට පත්වෙයි කියලා.අපි ඉතාම අමිහිරි පරාජයකට පත්වෙච්චි මැතිවරණය පසුගිය ජනාධිපතිවරණය. ඒ 74 ක අවුරුද්දක තිබුණු දේශපාලනය ඉතිහාසය තුළ විවිධ ආණ්ඩු ඇතුලේ ඇතිවුණු සියලු තත්වයන්ට මුහුණදීමත් එක්ක අවසාන වශයෙන් ආර්ථික වශයෙන් රට, ලෝකය සමඟ සමපාත වෙමින් අපේ රටේ ආර්ථිකයද යම් පසුබෑමකට කල්වෙද්දි ඒ සිදුවුණු තත්වයන් සමඟ සියලු ප්‍රශ්නවල අවසාන වශයෙන් අපි හැටනව ලක්ෂයක් ඡන්දේ දිලා පත්කරගත්ත ජනාධිපතිවරයාට සහ තුනේන දෙකක බලය ලබාගත්ත රජයට සිදුවුණු ඒ සියල්ලට උත්තර බදින්න සිදුවුණා. ඒ නිසා තමයි අපිට ඉතාම අමිහිරි පරාජයකට පසුගිය මැතිවරණයේ ලක්වෙන්න සිදුවුණේ. නමුත් අපි ඉතාම හොඳ දේශපාලන සාකච්ඡාවක සිටින්නේ. අපිට වැරදිච්ච තැන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා ඒ වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා. අපි විශ්වාස කරනවා මේ වන විට අපේ පක්ෂය පැහැදිලිව පිරිසිදු වෙමින් ඉදිරියට යනවා. අපි මේ වන විට ඉතාම හොඳ කණ්ඩායමක ඉදිරිපත්වෙලා මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා. මේ මැතිවරණ ප්‍රතිපලය සුවිශේෂි එකක් වෙනවා.” එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -: බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ රටේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන තවමත් මිනිස්සු ප්‍රශ්න කරනවා. අපි දකිනවා මේ දේශපාලන ප්‍රවාහය ඇතුළේ විවිධ යුග තිබෙනවා. ඒ යුග නියෝජනය කරන්නේ යම් වූ දේශපාලන දැක්මක් සහිත පුද්ගලයින්. අපි කාලයක් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගැන සාකච්ඡා කළා. ජේ.ආර්.මැතිතුමාගේ පාලනය සම්බන්ධයෙන් විවචෙන තිබ්බා. මහා දැවැන්ත කතිකාවන් ඇති වුණා. පසුගිය දේශපාලනය ඇතුලේ කතා වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට සුවිශාල ජයග්‍රහණ ලබාදුන්නා. ඒ සියලු කාරණා ඇතුලේ එතුමා ගැන සාකච්ඡා කරනවාට වඩා දේශපාලනය ඇතුලේ සාකච්ඡාවට බදුන් වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන. එතුමා සාමාන්‍යයෙන් වසරේ යම් කාලසීමාවක එතුමාගේ විවිධ කාරණා මත විදේශගතවෙලා එනවා. එතුමා ඇවිත් සක්‍රීය දේශපාලනය ඇතුලේ සක්‍රීයව දේශපාලනය කරනවා. එතුමා සාර්ථක දේශපාලන ප්‍රවාහයක් මේ රටේ නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා කෝ කියලා ප්‍රශ්න කරන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධව දේශපාලන බියක් තවමත් අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරවේ තිබෙනවා. ඒ නිසා තමයි අද මේ තත්වය ඇතිවෙලා තිබෙන්නේ. එහිදි මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා,“පහුගිය කාලයේ සමාජයේ කතිකාවතක් ඇති වුණා තරුණයින්ට අවස්ථාවක් දෙන්න ඕන කියලා. ඉතාම නිර්ලෝභීව, නිහතමානිව අලුත් පිරිසට අවස්ථාව දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත තීරණයේදී අපි විශේෂයෙන් ගෞරව කරනවා.අලුත් ආණ්ඩුවක් හදලා තිබෙනවා. අපි ප්‍රතිවිරුද්ධ දේශපාලන ව්‍යාපාරයක්. මේ රටට දැවැන්ත වැඩකොටසක් කරපු දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා ආණ්ඩුවක් කුමක්ද කරන්නේ කියලා කියන එක. අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ ඔහුගේ ශෛලීය සියයට පනහකින් වෙනස් කරගත්තා. හැබැයි ඔහුත් සමඟ සිටින පිරිස, එනම් ආණ්ඩුව කරන විජිත හේරත් මැතිතුමා ඔහු ඇමතිධූරයකද වැඩකරන්නේ කියලා හිතෙනවා. මේ පිරිස දේශපාලනිකව රාජ්‍යයක් බලයට පත්වුණාට පස්සේ රටේ ගෞරවය, කීර්තිය ආරක්ෂා කළයුතු වෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල අතකොලු වෙච්ච රටක්. ඉන්පසුව බොහෝම අමාරුවෙන් ස්වාධීන වෙලා රට ස්ව ශක්තියෙන් නැගිසිටි රටක්. මේ රටේ අනන්‍යතාවයන් සහ මේ රටේ ස්ථාවර කාරණා තිබෙනවා. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට බැරිවෙලා තිබෙන්නේ මේ කාරණා ටික හරියාකාරව පෙලගස්වාගන්න.2010 මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවා. ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන ඉහළම ජයග්‍රහණය වෙනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයට පැමිණෙනවා. එහිදි 145 ක මන්ත්‍රීධූර සංඛ්‍යාවක් අරගෙන තුනෙන් දෙකක බලයක් අපි පාර්ලිමේන්තුවේ පිහිටුවනවා. ඒ කාලවකවානුව තුළ කොවිඩ් වසංගතය පැමිණෙනවා. ඒ අවස්ථාවේ වැඩකරලා යම් ස්ථාවරයක් හදනවා. අද මේ ආණ්ඩුවේ තිබෙන බරපතලම ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙනවා මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා? මොවුන් දේශපාලන වේදිකාවල දහසක් දේවල් කිව්වා. හැබැයි දැන්වත් ඔවුන් මේ රටට වැඩපිළිවෙක් කියන්න ඕන. නමුත් මේවා පිළිබඳව මේ ආණ්ඩුවවත්, ජනාධිපතිතුමාවත් සෘජුව කතා කරලා නැහැ. ඔවුන් ඉල්ලන්නෙම පාර්ලිමේන්තුවේ බලයමයි.පහුගිය දවස්වල ත්‍රීවීල් රථවල ගහලා තිබුණා “මේ පාරත් මාලිමාවට “ කියලා. දැන් මේ පාර මාලිවට කියලා ත්‍රීවිල් රථයක්වත් හොයා ගන්න නැහැ. ඒ නිසා ජනතාව මේ ව්‍යාපාරය අතහැරලා. ඔවුන් බොරුවෙන්, මුසාවෙන් ආ බවට අද පත්වෙලා තිබෙනවා. ඉතා බරපතලම සෝචණීයම ගැටලුව තමයි කුඩා දරුවගේ මනසට කාවද්දලා තිබෙනවා වෛරය සහ ඊර්ෂියා කියන සිතුවිල්ල. අද රෝහලේ පෝලිම , දුම්රිය ස්ථානයේ තදබදය නැතිවෙලා තිබෙනවාද? මේවා ඒ විදිහටම තිබෙනවා. හැබැයි එදා රෝහලේ බොහෙත් ටික ගන්න පෝලිමේ හිටපු පිරිස් රාජපක්ෂවරුන්ට බැන්නා. මේ වගේ දහසක් දේවල් ඔවුන් කිව්වා. සමාජ මාධ්‍යවලට අසීමාන්තිකව මුදල් දිලා සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාරය කළා. දැන් ඒ සමාජ මාධ්‍ය දවසින් දවස වැටෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ගත්තාම රාජ්‍ය බලය අල්ලා ඉතා ඉක්මණින් බිඳවැටෙන දේශපාලනයක් බවට පත්වෙලා තිබෙනවා. ගත්ත තැනම ලොප් වෙන විදිහේ දේවල් තමයි ඔවුන් දේශපාලනිකව කරලා තිබෙන්නේ.ගම තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන ලද වැඩකටයුතු පිළිබඳව කතා කරන කාලයක් බවට පත්වෙලා තිබෙනවා. එදා සමගි ජනබලවේගයට ලැබිච්ච ඡන්ද ඔවුන්ට ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතාමත්ම සාධනීය, සාධරණ වරමක් මෙවරණ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝ ය.






















