Tuesday, September 15, 2026
HomeNEWSමාලිමාවේ බොරු අද අතේ පත්තුවෙලා - හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ.

මාලිමාවේ බොරු අද අතේ පත්තුවෙලා – හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ.

මාලිමාවේ බොරු අද අතේ පත්තුවෙලා – හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂමාලිමා ආණ්ඩුවේ බොරු අද අතේ පත්තු වී ඇති බව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින අපේක්ෂකයින්ට සහාය පළකිරීම සදහා පසුගියදා අබේසේකරගම, බිංකමථකටුවන ඇතුළු ප්‍රදේශ කිහිපයකම පැවති ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වෙමිණි.තමන් බලය පැමිණි පසුව තෙල්වලින් විශාල බදු මුදලක් අඩුකරලා ජනතාවට සහාය ලබාදෙනා කිව්ව මාලිමා ආණ්ඩුව දැන් නිහඬයි.එපමණකද පාස්පෝට් පෝලිම තවම තියෙනවා. සහල් හිඟයක් ඇති වෙලා පොල් මිල අහස උසට නැගලා. මේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙලා හිටියනම් ජනතා විමුක්ති පෙරමුණ කොහොම විරෝධතා කරයිද?දැන් කියනවා වෘත්තීය සමිති විසුරුවා හරිනවා කියලා. ඒකෙන්ම පේනවා, බලය ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කොච්චර බොරු කිව්වද කියලා.අපේ ආණ්ඩුව තියෙනකොට ගුරුවරු, සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ප්‍රවාහනය ඇතුළු රජයේ විවිධ ක්ෂේත්‍රවල දිගටම විරෝධතා, වැැඩ වර්ජන දියත් කළේ බලය ලබාගැනීමේ පටු අරමුණෙන් බව දැන් රටට පැහැදිලි වෙලා”යනුනේද පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img