Saturday, September 19, 2026
HomeNEWSපාර්ලිමේන්තු ක්‍රියාවලිය පාසල් කාලය තුළදීම දැනගැනීම වැදගත් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්...

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පාසල් කාලය තුළදීම දැනගැනීම වැදගත් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කියයි.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් එක්වේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සමීප කරවමින් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. එහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය, එහි කාර්යභාරය හා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළ අතර පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් පාසල් කාලය තුලදීම ලබා ගැනීම ඔස්සේ සමාජයේ පවතින ගැටලු සඳහා ක්‍රමවත් පිළිතුරු ලබාගැනීමට පවතින අවස්ථාව පිළිබඳව අවධාරණය කරන ලදි. මෙම අවස්ථාවට සහභාගී වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති, ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ලබාගන්නා අත්දැකීම් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ වටිනාකම හා පාසල් පද්ධතියේ මෙවැනි වැඩසටහන් තුළ ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා ආකල්ප වැඩි දියුණුවීම පිළිබඳව අදහස් දක්වමින් කරුණු පැහැදිළි කළේය. ශිෂ්‍ය ප්‍රජාවට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික අවබෝධය ලබාදීම අරමුණු කර ගනිමින් ඇරඹී ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවේ කථානායකවරයා තෝරා ගැනීම මන්ත්‍රීවරයන් දිවුරුම් දීම හා එහි අමාත්‍යාංශවලට අදාළව මන්ත්‍රීවරුන් තම ඉදිරි සැලැස්ම හා යෝජනා සභාවට දැනුම් දීම ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා නිල ලාංජන පැළඳ වීම, සහතික පත්‍ර ප්‍රදානය කිරීම හා පාසල් පුස්තකාලයට ග්‍රන්ථ පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...

24 වෙනිදා විරෝධතාවයට නායකත්වය දීමට දේශපාලන පක්ෂ රැසක එකඟතාවය

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය. ශ්‍රී ලාංකේය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img