Saturday, September 19, 2026
HomeNEWSමහින්දානන්දට දේශපාලනය එපාවෙයි.

මහින්දානන්දට දේශපාලනය එපාවෙයි.

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.තම දේශපාලන ගමනේදි තමන්ට නන් අයුරින් උපකාර කල සහ නොකල සියළු දෙනාට සිය ස්තුතිය පුද කරනු ලැබුහ.මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා අවස්තාවට පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...

24 වෙනිදා විරෝධතාවයට නායකත්වය දීමට දේශපාලන පක්ෂ රැසක එකඟතාවය

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය. ශ්‍රී ලාංකේය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img