Saturday, May 23, 2026
HomeNEWSනව අමාත්‍ය මණ්ඩලය 21 යි ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික...

නව අමාත්‍ය මණ්ඩලය 21 යි ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට.

නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයිනව අමාත්‍ය මණ්ඩලය 21 යි ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ අග්‍රාමාත්‍යවරිය යටතටජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ. 01ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාආරක්ෂක අමාත්‍යමුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යඩිජිටල් ආර්ථික අමාත්‍ය02අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියඅධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය03විජිත හේරත් මහතාවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය04මහාචාර්ය චන්දන අබේරත්න මහතාරාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය05නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය06සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියකාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය07කේ. ඩී ලාල්කාන්ත මහතාකෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය08අනුර කරුණාතිලක මහතානාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය09රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය10මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය11සුනිල් හඳුන්නෙත්ති මහතාකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය12ආනන්ද විජේපාල මහතාමහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය 13බිමල් රත්නායක මහතාප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය14මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය15වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය16සමන්ත විද්‍යාරත්න මහතාවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය17සුනිල් කුමාර ගමගේ මහතාතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය18වසන්ත සමරසිංහ මහතාවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය19මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාවිද්‍යා හා තාක්ෂණ අමාත්‍ය20මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාකම්කරු අමාත්‍ය21ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාබලශක්ති අමාත්‍ය22වෛද්‍ය ධම්මික පටබැඳි මහතාපරිසර අමාත්‍ය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img