ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම් දෙයි.ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.මේ වන විටත් දිවුරුම් දීමට නියමිත මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටිති.කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 23 දෙනෙකු ට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.අග්‍රාමාත්‍ය ධුරය වෙනස් නොකරනු ඇති අතර හරිනි අමරසූරිය මහත්මිය එම ධුරය තවදුරටත් දැරීමට නියමිතව තිබේ.






















