Saturday, May 23, 2026
HomeNEWSපෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්...

පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි ලබන 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 ට ආරම්භවීමට නියමිත දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනා පෙ.ව 9.00 පමණ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දෙයි. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරයන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවත් මෙම නිවේදනයේ සඳහන් වේ. ඔවුහු සිය කලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අභයසදී සිය රථවාහනවලින් බැසිය යුතු බවත් අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අභියසදී සිය රථවලින් බැසිය යුතු බවටත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img