Saturday, May 23, 2026
HomeNEWSසහල්, මාෆියාවට පාඩමක් ඉගැන්වීමට ඇමති වසන්ත සැරසෙයි.

සහල්, මාෆියාවට පාඩමක් ඉගැන්වීමට ඇමති වසන්ත සැරසෙයි.

රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික්⁣ ටොන් 70,000ක සීමාවට යටත්වසතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට ඉන්දියාවෙන් නාඩු සහල් ආනයනය කිරීමටයි.කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුලේ තිබෙන බවත් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img