Saturday, May 23, 2026
HomeNEWSමන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වේ.

මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වේ • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට… දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස 2024.11.19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ. එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුවිය. මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සළසාදී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img