Wednesday, November 11, 2026
HomeNEWSමෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න....

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා(Aviyana) හි ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු විමට ශ්‍රී ලංකික ව්‍යවසායකයින් සහ පුරවැසියන් සීමිත පිරිසකට අවස්ථාව උදාවී ඇති බව අවියානා හෝටල් සමුහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.අවියානා හෝටල් සමුහයේ ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු වන අතරම මාසිකව සැළකිය යුතු ආදායමක් හිමිකර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව තිසර හේවාවසම් මහතා පෙන්වා දෙයි.මහනුවර, තෙල්දෙනිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදි‍කෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80% ක් පමණ අවසන් කර තිබේ.අවියානා හෝටල් සමූහය ලබන වසරේදී (2025) විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අවියානා හෝටල් සමුහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා.”තරු 5 හොඳම හෝටලයක එක රෑ කෑම වේලක් වෙනුවෙන් එක පුද්ගලයෙකුට අඩුම තරමින් රුපියල් 15,000ක් වත් වියදම් වෙනවා. ඇත්තටම ඒ කෑම වේලේ වියදම බැලුවොත් රුපියල් 5000ක් විතර වේවි. සාමාන්‍ය කඩයක වතුර බෝතලයක් රුපියල් 60යි. නමුත් මෙය තරු හෝටලයක රුපියල් 500ක් වත් වේවි. එකම වතුර. මෙහි තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක. ඒ වගේම Brand name එකත් මේකෙදි බලපානවා. අවියානා හෝටලයට යම් කෙනෙකු එනවා නම් ඒ එන සංචාරකයා කැමති බොහෝ දෙවල් ගැන අපි හොයා බලනවා. ඔහු කැමති ආහාර පාන වර්ගවල සිට ඔහු කැමති වර්ණය, ඔහු කැමති විනෝදාංශ, ඔහු කැමති පොත්පත්, සිනමාපට ඇතුළු ඔහු කැමති දේවල්වල ලැයිස්තුවක් අපි කලින්ම ලබා ගන්නවා. එම විදේශිකයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් අවියානා හෝටලයේ රැඳී සිටින කාලය තුළ අපගේ කාර්යය මණ්ඩලය විසින් ඉතාම ආදරයෙන් රැකබලා ගන්නේ ඔවුන්ට උපරිම නිදහසක් ද ලබාදෙමින්.ලෝකයේ පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, රමණීය පරිසරය සහිත අවියානා හෝටල් පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 5ක් පේනවා. එහෙම ස්ථාන ඉතාම විරලයි. කඳු නැගීම්, පැරා ග්ලයිසීන් (පැරෂුට්), ජොකින්ස්, පැකින්ග් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. පළමු වතාවට හෙළ වෙදකම ගැන තොරතුරු දැනගැනීමට සහ හෙළ වෙදකම සිදු කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයක් ස්ථාපිත කෙරෙනවා. යෝග ව්‍යායාම් ඇතුළු භාවනා ක්‍රම අධ්‍යනය කිරීමට හැකියාව පවතිනවා. මනස්කාන්ත පරිසරයක ගහකොළ, සතා සීපාවා සමඟ පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳ ගැනීමට හැකියාව ලැබෙනවා.මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා. රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක ආදායම දැනට රුපියල් බිලියන භාගයක් ලෙස ගණන් බලා තිබෙනවා.” යනුවෙන්ද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img