පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව ඉටුකිරිමේ දී, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පියවර ගෙන තිබේ. ඒ සඳහා විපක්ෂ නායක කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය සහ පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, එම වැඩපිළිවෙල ආරම්භ කරමින් වෘත්තීය සමිතිවල සක්‍රීය දායකත්වය ඊට ලබාගැනීම සඳහා සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 2025 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විවාදය සහ කාරක සභා අවස්ථාවේ දී සාධනීය තොරතුරු ලබාගැනීම මෙහි මූලික අරමුණයි. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුව තුළ නිවැරදි තොරතුරු මත විවාදවලට දායක වීමේ වැදගත්කම මෙන්ම නියෝජිත ප්රජාතන්ත්රවාදය තුළ සහභාගීත්ව ක්‍රියාවලිය වැදගත් බව ද අවධාරණය කළේය. විපක්ෂ නායකතුමා අයවැය විවාදයට සීමා නොවී පාර්ලිමේන්තු සැසිවාරවලට වෘත්තීය සමිතිවල අදහස් ලබාදීම තුළින් ජනතාවාදි විපක්ෂයක කාර්යභාරය ඉටුකළ හැකි බව සඳහන් කළේය. මේ අවස්ථාවට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ද අදහස් පළ කළ අතර, “පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ගුණාත්මක තත්ත්වය ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිතිවල දායකත්වය අතිශයින්ම වැදගත් වන බව” සඳහන් කළේය. මෙහිදී අයවැය විවාදය පවත්වන අවස්ථාවේ දී මහජන අදහස් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලය මගින් සමාජ මාධ්‍ය ජාලා යෙදවුම්වලට “අයවැය විවාදයේදී පුරවැසි ඔබේ අදහසට ඉඩක් දෙන්නට විපක්ෂයේ අපි සුදානම්” මැයෙන් නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී. ඒ සඳහා විපක්ෂ නායක කාර්යාලයේ Whatsapp (+94 75 9570 570) සහ විද්‍යුත් ලිපිනය connect@oloparliament.gov.lk ඔස්සේ මෙන්ම විපක්ෂ නායක කාර්යාලය,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔස්සේ ලිඛිතව අදහස් යොමු කිරීමට ද පුළුවන.මාධ්‍ය අංශයවිපක්ෂ නායක කාර්යාලයශ්රී ලංකා පාර්ලිමේන්තුවශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේපාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව/ghuhSkd;wk;>= [ath;jdGu>Nfhl;Nl. ,yq;if/Parliament, Sri Jayewardenepura Kotte, Sri Lanka දුරකථන/njhiyNgrp/Telephones :


























