Friday, July 17, 2026
HomeNEWSමෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න....

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437.

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීමට ඔබටත් සීමිත අවස්ථාවක්… දැන්ම අමතන්න. 0777203437 ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා(Aviyana) හි ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු විමට ශ්‍රී ලංකික ව්‍යවසායකයින් සහ පුරවැසියන් සීමිත පිරිසකට අවස්ථාව උදාවී ඇති බව අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. අවියානා හෝටල් සමුහයේ ආයෝජනය කර එහි සාඩම්බර කොටස්කරුවකු වන අතරම මාසිකව සැළකිය යුතු ආදායමක් හිමිකර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව තිසර හේවාවසම් මහතා පෙන්වා දෙයි. මහනුවර, තෙල්දෙනිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදි‍කෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80% ක් පමණ අවසන් කර තිබේ. අවියානා හෝටල් සමූහය ලබන වසරේදී (2025) විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා. “තරු 5 හොඳම හෝටලයක එක රෑ කෑම වේලක් වෙනුවෙන් එක පුද්ගලයෙකුට අඩුම තරමින් රුපියල් 15,000ක් වත් වියදම් වෙනවා. ඇත්තටම ඒ කෑම වේලේ වියදම බැලුවොත් රුපියල් 5000ක් විතර වේවි. සාමාන්‍ය කඩයක වතුර බෝතලයක් රුපියල් 60යි. නමුත් මෙය තරු හෝටලයක රුපියල් 500ක් වත් වේවි. එකම වතුර. මෙහි තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක. ඒ වගේම Brand name එකත් මේකෙදි බලපානවා. අවියානා හෝටලයට යම් කෙනෙකු එනවා නම් ඒ එන සංචාරකයා කැමති බොහෝ දෙවල් ගැන අපි හොයා බලනවා. ඔහු කැමති ආහාර පාන වර්ගවල සිට ඔහු කැමති වර්ණය, ඔහු කැමති විනෝදාංශ, ඔහු කැමති පොත්පත්, සිනමාපට ඇතුළු ඔහු කැමති දේවල්වල ලැයිස්තුවක් අපි කලින්ම ලබා ගන්නවා. එම විදේශිකයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් අවියානා හෝටලයේ රැඳී සිටින කාලය තුළ අපගේ කාර්යය මණ්ඩලය විසින් ඉතාම ආදරයෙන් රැකබලා ගන්නේ ඔවුන්ට උපරිම නිදහසක් ද ලබාදෙමින්. ලෝකයේ පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, රමණීය පරිසරය සහිත අවියානා හෝටල් පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 5ක් පේනවා. එහෙම ස්ථාන ඉතාම විරලයි. කඳු නැගීම්, පැරා ග්ලයිසීන් (පැරෂුට්), ජොකින්ස්, පැකින්ග් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. පළමු වතාවට හෙළ වෙදකම ගැන තොරතුරු දැනගැනීමට සහ හෙළ වෙදකම සිදු කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයක් ස්ථාපිත කෙරෙනවා. යෝග ව්‍යායාම් ඇතුළු භාවනා ක්‍රම අධ්‍යනය කිරීමට හැකියාව පවතිනවා. මනස්කාන්ත පරිසරයක ගහකොළ, සතා සීපාවා සමඟ පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳ ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා. රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක ආදායම දැනට රුපියල් බිලියන භාගයක් ලෙස ගණන් බලා තිබෙනවා.” යනුවෙන්ද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img