කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට වත්මන් රාජ්‍ය නායකයා ජනතාවගෙන් බදු ගනිමින් උදම්අනන තත්වයකට පත්වී සිටින බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.11.02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,
“ මේ රටේ ජනාධිපතිවරයාගේ මානසික තත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාව බලයෙන් පහකරන්න, දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තමයි ජනාධිපතිවරයාගේ සිහිබුද්ධිය නැතිවීම නැතිනම් ඔහු මනෝවිකල තත්වයකින් කටයුතු කිරීම. අපේ වත්මන් ජනාධිපතිවරයාගේ මෙම තත්වය ඔහුගේ සිහිබුද්ධියේ හිඟකම නැතිනම් ඔහු ජනාධිපතිවරයෙක්ට සුදුසු ප්‍රමාණයේ සිහිබුද්ධියකින් සිටිනවාද කියන කාරණය පැහැදිලිව පෙනිගිය අවස්ථාවක් තමයි පහුගිය සෙනසුරාදා පැවතුණු ජාතික විද්වත් සංවිධානයකින් විශාල රැස්වීමක් සංවිධානය කළ තිබුණා ජනාධිපතිවරයාගේ චරිතය පින්බීම සඳහා. විද්වතුන් යැයි කියාගන්නා පුද්ගලයින් මහා රැසක් එහි අසුන්ගෙන සිටියා. කෙසේ නමුත් ඒ ජාතික විද්වත් සංවිධානය කියලා සංවිධානය කර තිබුණු රැස්වීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා හැටිය අනුර කුමාර දිසානායක ප්‍රකාශයක් සිදුකරනවා ඔවුන් කිසිදු බද්දක් අලුතින් ගෙනවිත් නැහැ, එතුමා බලයට පැමිණෙන විට තිබුණු බදු ප්‍රමාණයම තවම ගෙනියන්නේ කියලා. මෙය ඉතාම බැරෑරුම්ව ගතයුතු තත්වයක්. මන්ද ඔහු ජනාධිපතිවරයා විතරක් නොවේ මේ රටේ සියලු බදු වැඩිකිරීමේ දී ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා මුදල් ඇමතිවරයා ලෙස මෙම ප්‍රකාශය සිදුකරන්නේ. මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හැටියට සහ මුදල් ඇමතිවරයා හැටියට 2024 පත්වූ පසු ඔහු විසින් වැඩි කළ බදු ලෙස, 2025 වාහන, මත්පැන්, පැනිබීම සහ සිරගට් සඳහා සියයට හයක බද්දක් අලුතින් ගෙන එනු ලැබුවා. ඉන්පසු 2025 පෙබරවාරි වල විදුලි වාහන සඳහා සියයට සියයක බදු වැඩිකිරීමක් , 2025 පෙබරවාරි සියයට විස්සක ආනයන බද්දක් සහ සියයට පනහක අධිභාරයක් වාහන සඳහා අලුතින් ගෙන එනු ලැබුවා. ඒ වගේම 2025 අප්‍රේල් මාසයේ රඳවා ගැනීමේ බද්දක් ගෙනාවා, එහි සියයට පහට තිබුණ එක සියයට දහය දක්වා වැඩි කරනු ලැබුවා. 2025 අප්‍රේල් මත්පැන්, දුන්කොළ සහ ඔට්ටු දැමීම සම්බන්ධයෙන් වන සමාගම්වල සමාගම් බද්ද සියයට හතළියේ සිට සියයට හතළිස් පහ දක්වා වැඩිකරනු ලැබුවා. විදේශ සේවා සපයන පුද්ගලයින් සඳහා මෙතෙක් මේ රටේ බදු අයකරනු ලැබුවේ නැහැ. ඔවුන් රටට විදේශ විනිමය උපයාදෙන නිසා ඒ සම්බන්ධයෙන් බදු අයකිරීමක් කිසිදු රජයකින් සිදුකළේ නැහැ. නමුත් ඒ විදේශ සේවා සපයන පුද්ගලයින්ට සියයට 15 දක්වා බද්දක් 2025 අප්‍රේල්වල පැනෙව්වා. ඒ වගේම 2026 මැයි මාසයේ නැවත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් අනුර කුමාර දිසානයක මුදල් ඇමතිවරයා ලෙස පනවනු ලැබු අතර 2026 ජුනි මාසයේ ප්‍රාග්ධන ලාභ බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා පුද්ගලයින් සඳහාද ඒ වගේම අන්‍යොන්‍ය අරමුදල් ආදිය සඳහා සියයට 10 සිට සියයට 30 දක්වාද බදු වැඩිකිරීමක් සිදුකළා. 2026 ජුනි මාසයේ වෘත්තිකයින්ගේ රඳවාගැනීමේ බද්දට කලාකරුවන්, ඡායාරූප ශිල්පීන්, පරිගණක විශේෂඥයන් වැනි කාණ්ඩ ඇතුලත් කර විශාල පිරිසකගෙන් ඒ බදු අලුතින් අයකරන්න ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම 2026 අප්‍රේල් ආනයන බද්ද ඒ වන විට උපරිම මට්ටමේ සීමාවේ තිබුණු සියයට 20 එය සියයට 30 දක්වා වැඩිකරනු ලැබුවා. ඒ වගේම 2026 මැයි මාසයේ වාහන ආනයනය සඳහා සියයට 50 ක අධිභාරයක් පනවනු ලැබුවා. 2026 ජූලි මාසයේ ඩිජිටල් සේවා සැපයීම කියන කාරණය සියයට 18 ක වැට් බදු ගෙවීමේ ඒ කාණ්ඩය තුළට ගෙනාවා. මේ ආකාරයට ඉතා විශාල වශයෙන් එතුමා බලයට පත්වූදා පටන් ඉතා විශාල වශයෙන් බදු වැඩිකර අලුත් බදු එකතුකරලා තියෙන බදුවලට අලුතින් කණ්ඩායම් එකතුකර බදු අයකරගැනීමේ රාජ්‍යයක් ලංකාවේ බිහිකර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ ජාතික විද්වත් සංවිධානය කියන ඊනියා සංවිධානයකට ගොස් රටේ ජනාධිපතිවරයා හැටියට මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම තුළ පෙනියන්නේ එතුමාම මුදල් ඇමතිවරයා ලෙස සිදුකරනු ලැබු බදු සම්බන්ධයෙන් ඔහුට දැනුමක් හෝ අවබෝධයක් නැතිකම බව පෙනියන්නේ. ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ට ප්‍රකාශ කර සිටිනවා ඔබගේ ජනාධිපතිවරයා මේ ආකාරයට මේ රට ගෙනගියහොත් ඉදිරි කාලයේදී ඔබට ඉතාම කණගාටුදායක ඉරණම්වලට මුහුණ දෙන්න පුළුවන්.
ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ තිබු රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා අඩුම අයවැය හිඟය 2025 වසරේ තිබුණු බවත්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සියයට 5.4 ක ඉතා ඉහළ අගයකට ගෙනියන්න හැකිවූ බවත්. මෙහිදි මේ රටේ පුරවැසියන් හැටියට අපිට පෙනියන්නේ නැහැ මේ රටේ කිසිදු තැනක සංවර්ධනයක් සිදුවෙනවා. මීටපෙර හිටපු ජනාධිපතිවරු මේ රටේ ජනතාවගෙන් අයකරනු ලැබු බදු මුදල්වලින් පාසැල්වල අලුතින් විද්‍යාගාර නිර්මාණය කිරීම, අලුතින් විශ්වවිද්‍යාලවල පීඨ නිර්මාණය කිරීම, රෝහල්වල අලුතින් වාට්ටු නිර්මාණය කරනු ලැබුවා. මේ වගේ මහජනතාවට විවිධ සේවා සපයන විවිධ දේවල් සිදුකරනු ලැබුවා. නමුත් අපිට මේ වත්මන් ආණ්ඩුවෙන් දැකිමට හැකිවූයේ නැහැ පහුගිය අවුරුදු 02 ක තුළ එවැනි කිසිදු දෙයක් මේ රට තුළ සිදුවෙනවා. හැබැයි වෙන කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට ජනතාවගේ බෙල්ල මිරිකමින් බදු ගනිමින් සිටිනවා. ඒ බදු එකතුකර උදම් අනන තත්වයකට පත්වී තිබෙනවා අඩුම අයවැය හිඟය සහ ඉතාම හොඳ ප්‍රාථමික ගිණුමේ ශේෂයක් තිබෙනවා කියන කාරණය සම්බන්ධයෙන්. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දිගින් දිගටම සමාජ මාධ්‍යවල ලියන ඒ නූගත් ජනතාවට මෙය තේරෙන්නේ නැහැ, නමුත් මේ රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති සාමානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් සිතා බලන්න කියලා.
ඒ වගේම ජනාධිපතිතුමා සාහසික ප්‍රකාශයක් කරනවා ලංකාවේ උද්දමනය ඉතාම දැඩිලෙස වැඩිවී තිබෙන්නේ මැදපෙරදිග යුද්ධය නිසා කියලා. ඔහු විසින්ම මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා මැදපෙරදිග යුද්ධ තිබෙන විට ලංකාවේ ආර්ථිකය පාලනය කරගන්න බැරි පාලකයෝ මේ රටට මොකටද කියලා. එසේනම් එය ජනාධිපතිවරයාටම මේ කාරණය කියන්න සිදුවීම දෛවයේ සරදමක් හැටියට අපි දකිනවා.
ඒ වගේම මේ ඉන්ධන මිල වැඩිවීමත් සහ ගෑස් ලබාගත නොහැකි තත්වයක් ඇතිකිරිමත් මේ වත්මන් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අසාර්ථකභාවය ඉතාම පැහැදිලිව පෙන්නුම් කරන කාරණයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ලෝක ඉන්ධන මිල ඉහළගිය මට්ටමට අදටත් ඉන්ධන මිල ඉහළ ගොස් නැහැ. එවැනි කාලයක එවැනි තත්වයක් යටතේ ජනතාවට ඉතා අපහසුවෙන් ඉන්ධන ලබාදීමේදී පිටරටින් එන සම්ප්‍රේෂණ නතර කරන්න, විදේසගත ශ්‍රමිකයින්ට ලංකාවට මුදල් එවීමට එපා යනුවෙන්, ඒ වගේම මේ රටේ ජනතාව පාරට බස්සලා මහා විනාශයක් කරපු ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක අද ජනතාව ඉදිරියට පැමිණ යුද්ධය නිසා මේ දේ සිදුවෙනවා කියලා ප්‍රකාශ කිරීම කෙතරම් සාධාරණද කියලා මේ රටේ ජනතාව තීරණය කළයුතුයි.
ඒ වගේම ඉතාම අසාධාරණ ලෙස අප පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාව තවමත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට විරුද්ධව මේ වන තෙක් චෝදනා පත්‍රයක් භාරදී නැහැ, නඩු විභාගයක් නැහැ. තිබෙන චෝදනා මොනවාද කියලා දන්නේ නැහැ. මේ රටින් පැනගිය පුද්ගලයෙක්ගේ ප්‍රකාශයක් උඩ පදනම්වී මාස 02 ට ආසන්න කාලයක් එතුමාව බන්ධනාගාරගත කර තබාගෙන සිටිනවා. මෙයින් පෙනියනවා මේ ආණ්ඩුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ නාමල් රාජපක්ෂ කියන තරුණ නායකයාට කෙතරම් බයද කියන කාරණය. හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි මේ රටේ මේ වන විට නීතියක් නැතිවී තිබෙනවා. පොලිසි තුළ තරුණයින් මියයමින් සිටිනවා. මේ රටේ නීතිය වල්වැදෙමින් තිබෙනවා, ජනතාවට මේ රටේ නීතියක් නොමැති බවට තේරෙන තැනට මේ රටේ කටයුතු සිදුවෙමින් තිබෙනවා. අපි දන්නවා මෙය සිදුකරන්නේ ඔබලා උවමනාවෙන්.
ඔබලා හදනවා මේ රටේ නීතිය නැති රටක් කර මේ රටේ පාලන බලය ගෙනියන්න. නමුත් මේ තත්වයට ඉඩතියන්නේ නැහැ කාරණයත් මේ රටට ප්රජාතන්ත්රවාදයට ආදරය කරන ජනතාව කිසිදු දවසක ඔබලා මේ සිදුකරන්න යන ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපතිවියරුවෙන් වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ නැහැ.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















