Monday, November 2, 2026
HomeNEWSමුරාසි' කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

‘මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින් සඳහා වන විශේෂ අනතුරු ඇඟවීම.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන නිවේදනය.
2026.11.02

” කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 10.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ විද්‍යා නිවේදනයට අනුව, බටහිර මධ්‍යම සහ ඊට ආසන්න බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට ‘මුරාසි’ නමින් හැඳින්වෙන සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ඉතා අධික සුළං ප්‍රවාහයක් මෙන්ම මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුද ඉතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, කල්පිටියේ සිට මන්නාරම, කිළිනොච්චිය, යාපනය, සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන උතුරු සහ නැගෙනහිර වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන කුඩා යාත්‍රා සඳහා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස සියලුම ධීවරයින්ගෙන් ඉල්ලා සිටිමු.

මේ වන විටත් එම කලාපවල රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති කුඩා යාත්‍රා සඳහා පවතින දැඩි සුළං තත්ත්වය යටතේ ආරක්ෂිතව රැකියාව කිරීමට නොහැකි අවදානම් සහගත තත්ත්වයක් උදාවී ඇති බැවින්, වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා හෝ නැවත ගොඩබිමට පැමිණෙන ලෙස දැඩිව දැනුම් දෙමු.

අනෙකුත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් ද තම ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය සහ මුහුදු රළේ ස්වභාවය පිළිබඳව දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුය. එසේම, මුහුදු යාමේදී, රැකියාවේ නිරත වීමේදී සහ ආපසු පැමිණීමේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස සලකා අනිවාර්යයෙන්ම ඊට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව දැනුම් දෙමු.”

ඒ.එම්.එම්.එම්.කරුණාරත්න,
මාධ්‍ය ලේකම්,
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් නිරෝගී පරපුරක් බිහි කිරීමට රජයේ විශේෂ අවධානය- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කෙරේ. "බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි...

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේදී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගියා- පොහොට්ටුවේ මහ ලේකම්

කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට වත්මන් රාජ්‍ය නායකයා ජනතාවගෙන් බදු ගනිමින් උදම්අනන තත්වයකට පත්වී සිටින බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි

මෙක්සිකෝ සිටි ග්‍රොන් ප්‍රී තරගයේදී ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි (20) ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි. මෙම ශූරතාවය...

ලාල් විජේනායක මහතාගේ දේහයට ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් අවසන් ගෞරව

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img