Friday, July 17, 2026
HomeNEWSඉතාලි රැකියා වීසා ගැටළුව විසඳීමට ඇමති විජිත මැදිහත් වෙයි.

ඉතාලි රැකියා වීසා ගැටළුව විසඳීමට ඇමති විජිත මැදිහත් වෙයි.

ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස අමාත්‍ය විජිත හේරත් ඉතාලි තානාපතිගෙන් ඉල්ලයිශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට එකඟතාගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා සමඟ ඉකුත් දා විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එම අවස්ථාවේ දැනට ඉතාලියේ රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් කළ විමසීමට ඉතාලි රජය විසින් රටවල් කිහිපයකට රැකියා වීසා ලබා දීම නැවත විමර්ශනයකට ලක් කර ඇති අතර එය තාවකාලික පියවරක් බව තනාපතිවරයා පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවට තානාපතිවරයා එකග විය.තවදුරටත් අමාත්‍ය විජිත හේරත් මහතා ඉතාලි රාජ්‍යයේ තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම අප්‍රමාදීව අවසන් කිරීමට සහය වන බවයි. දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට සෑම සහයක්ම ලබා දෙන බවටත් තානාපතිවරයා එකග විය.ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන මට්ටමේ සාකච්ඡා අවසන් කර ඇති ගිවිසුම් නුදුරේදීම අත්සන් කිරීමට නියමිතය. එමෙන්ම සංක්‍රමණික සහ සංචරණ සබඳතාවයක් පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා කර අවසන් බැවින් එය ද නුදුරේදීම අත්සන් කිරීමට මෙම සාකච්ඡාව දී එකඟතාව පළ විය.මීට අමතරව ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 වර්ෂයේ දී ආරම්භ කර මේ වන විට ඉතාලිය ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ අතරින් 05වන ස්ථානය දිනාගෙන ඇතැයි පෙන්වා දුන් තානාපතිවරයා දැනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවත් 2024 වර්ෂයේ ඉතාලි සංචාරකයින් 38709ක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවත් ප්‍රකාශ කර කළේ ය.ශ්‍රී ලංකාව හා ඉතාලි ජනරජය අතර පවතින ආර්ථික, සංස්කෘතික හා සංචාරක අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තානාපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉතාලි රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම දක්වන සහයෝගය අගය කළේ ය.සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img