Friday, July 17, 2026
HomeNEWSඑක පෑන් පාර කෝ? විපක්ෂ නායක සජිත් විමසයි.

එක පෑන් පාර කෝ? විපක්ෂ නායක සජිත් විමසයි.

*එක පෑන් පාරින් රටේ ගැටළු විසඳනවා කියා කයිවාරු ගැහුවට කිසිම ගැටලුවක් විසඳිලා නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ජන සමාජයේ ජනතාව මුහුන දෙන ගැටලු රැසක් ඇති බවත් මේ ප්‍රශ්න රැසකට උත්තර සපයන්න විසඳුම් ලබා දෙන්නට රජය අපොහොසත් වී ඇති බවත් කියපු දේ සහ කරන දේ අතර බරපතල වෙනසක් ඇති බවත් සහල්, ලුනු, පොල් ගැටලුවේ සිට සියලු ප්‍රශ්නවලට විසඳුම් එක පෑන් පාරින් දෙනවා කිව්වත් තවමත් විසඳගන්න බැරිව ඇති බවත් 76 වසරක දේශපාලනය ගැන වැරදි විග්‍රහයක් නිර්මාණය කර ඒ විග්‍රහය ජනතාවගේ මනසට ලබා දී බොරුව මුසාව මුලාව තුලින් රවටා වටිනා ජනවරමක් ලබා ගෙන රටේ ජනතාව අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.*ගොවියා රජකරවීම ගැන කතා කළ මේ අයට අද වන විට රු 25000 පොහොර සහනාධාරයවත් හරියට දී ගන්න බැරිව ඇති බවත් කොටසකට 15000ක් සහ තවත් කොටසකට 10000ක් ලබා දුන් බවත් ගොවිතැන් කරන කාලයේ එය දී ගන්න බැරිව ඇති බවත් රටේ බරපතල සහල් හිගයක් ඇති බවත් මේ හිගය තුළ පාරිභෝගිකයාත් ගොවියාත් පරාජය වී ඇති බවත් ගොයම් කැපෙන කාලයේ හෝ වී සඳහා සහතික මිලක් දී ගන්න බැරිව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.වී කිලෝවකට රු 150ක් දෙන්නම් කියූ රජය අද වන විට තෙත වී වලට රුපියල් 80කටත් අඩු ප්‍රමාණයක් දෙන බවත් එදා විපක්ෂයේ සිට වීවලට සහතික මිල නීත්‍යානුකූල කරනවා කියූ මේ අයට අද සහතික මිලවත් දී ගන්න බැරිව ඇති බවත් භාණ්ඩාගාරය වී මිලදී ගන්න වෙන් කළ මුදල් ඉල්ලුම් කරන ලිපියවත් නිකුත් කළ නොහැකි පාලනයක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.*ආපදා ණයවත් හරියට නෑ*වනසතුන් හා මිනිසා අතර ඇතිව තිබෙන ගැටුම තුළ වගා හානි සිදුවන බවත් මේ සඳහා ස්ථාවර තිරසර වන්දි ක්‍රමයක් ලබා දෙන්න නොහැකි වී ඇති බවත් අලි මිනිස් ගැටුම අවම කරන්න කිසිදු ජාතික වැඩපිළිවෙළක් නොමැති බවත් විවිධ ආපදා නිසා විනාශ වූ වගාබිම්වලට වන්දි ලබා දෙන්නවත් නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.*රතු ලේබල් සහිත බහුලුම් නිදහස් කරල දැන් වගකීම ගන්නවලු*එසේම රතු ලේබල් සහිත බහලුම් විශාල ප්‍රමාණයක් ආණ්ඩුවේ ඉහළ නියෝග මත පරීක්ෂා නොකර එළියට දමා ඇති බවත් රේගු වෘත්තීය සමිති මේ සඳහා විරෝධය පළ කර ඇති බවත් මේ රතු ලේබල් ගැසූ ඒවාගේ කුඩු, මත්ද්‍රව්‍ය, ආයුධ, රත්රං ආදී නීතිවිරෝධී දේවල් තිබිය හැකි වුවත් මේවා පරීක්ෂා නොකර එළියට දමා ආණ්ඩුව දැන් වගකීම බාර ගන්නවා කියා කියමින් යන බවත් ක්‍රමවත් විධිමත් සැලසුම් සහගත රාජ්‍ය පාලනයක් රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*අන්න පත්කළ සභාපතිවරු තරගෙට ඉල්ලා අස්වෙනවා*මේ වන විට ආණ්ඩුවේ සභාපතිවරු තරගයට ඉල්ලා අස්වෙමින් සිටින බවත් මේ වන විට ලොකු රැල්ලක් එක්ක ජයග්‍රහන එක්ක සතුටින් පත්වීම් ලිපි ගත්ත ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වන බවත් එයට හේතුව එළිපිට නොකිව්වත් ඇත්ත තත්ත්වය වන්නේ රාජ්‍ය පාලනය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.NEWS CLIP 🪅 https://youtu.be/1J1YdNWvuhc?si=7QSYWvUTAmm8fxXO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img