Friday, July 17, 2026
HomeNEWSපාස්පෝට් පෝලිමට විසඳුම්.. පැය 24 පුරා සේවා සැපයීමේ ක්‍රියාවලියක්.

පාස්පෝට් පෝලිමට විසඳුම්.. පැය 24 පුරා සේවා සැපයීමේ ක්‍රියාවලියක්.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ගරු ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්පසුගිය 07 දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු විය.පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත්, ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.මෙම අර්බුදයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත්, යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත්, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍යමණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම ගරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනතාව තුළ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකි යැයි විශ්වාසය ඇති කළ යුතු බවත් එමඟින් මෙම අර්බුදය නිරාකරණය කළ හැකි බවත්ය.විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහාත්, ජනතාවට සහාය වීමටත් අලුතින් පොලිස් මුරපොලක් යෙදවීමට උපදෙස් ලබා දුන් බවත් හෙතෙම පැවසීයමෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අමාත්‍යවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේය.ජනතා අභිලාෂයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීම අපගේ අරමුණ වන බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රටතුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම තම අරමුණ බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, වැඩ බලන ආගමන හා විගමන පාලක ජෙනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය, සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.මාධ්‍ය අංශය,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img