සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීන්ස් නෙල්සන් මහතාය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය,‘‘පසුගිය කාලය පුරාම රටේ කතා කළේ ජාතික ආරක්ෂාව පිළිබඳවයි. ඒ වගේම මැති ඇමැතිවරු සියලුම දෙනාම කතා පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ කතාව ආරම්භ කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරලයි. නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු ගැටලුවක් නෑ කියලයි. ඒ වගේම ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොමැති බව කියන්න ආණ්ඩුව දැඩි උත්සහයක් ගත්තා. කෙසේ නමුත් ජාතික ආරක්ෂාවට අයති වෙන්නේ රට තුළ ඇතිවී තිබෙන වෙඩි තැබිම් , ඝාතන සිදුකිරිම් පමණක් නෙවෙයි. රටක ජාතික ආරක්ෂාවට ආර්ථික , බලශක්ති , කෘෂිකර්මන්තය වගේ ක්ශ්‍රේත්‍ර ඔස්සේත් බලපෑමක් එල්ල වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා. පසුගිය කාලයේ එකවරම රටේම විදුලිය විසන්ධි වුණා. ඒ විදුලිය විසන්ධි වීම පිළිබඳව හරියාකාර පැහැදිලි කිරිමක් කරන්න රජයට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම රට තුළ සිදුවන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්න පිරිස් සඟවලා තිබෙන ආයුධ පෙන්වන්න රැගෙන යන අවස්ථාවේ ඔවුන් පලායාමට උත්සහ කරපු නිසා ඒ සැකකරුන්ට වෙඩි තිබ්බා කියලා පොලිසිය කියනවා. එහෙම වෙන්න පුලුවන් ද? ඒ අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් රජය මේ කිසිම දෙයක් පිලිගන්නේ නෑ. ඒ වගේම පොලිසිය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා රටේ ජාතික ආරක්ෂාවට කිසිදු ගැටලුවක් නැහැ කියලා. ඒ වගේම ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා ජාතික ජනබලවේග ආණ්ඩුවක් තුළින් ඉදිරිපත් කරන පළමු අයවැයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරන බව ප්‍රකාශ කලා , පාසල් දරුවන්නේ පාසල් උපකරණ වලට අයකර අධික බදු මුදල අඩු කරන බව ප්‍රකාශ කළා , නමුත් ඒ කියපු කිසිම දෙයක් මෙවර අයවැයට ඇතුළත් වෙලා නැහැ. මෙවර අයවැයෙන් කිසිදු සහනයක් රටේ වැඩ කරන ජනතාවට ලැබිලා නැහැ. එදා අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පයින් ගහලා එලවනවා කියලා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හදලා දුන්න අයවැය මුදල් ඇමැති ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා රටට ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා නිර්මාණය කළ අයවැයම තමයි අනුර දිසානායක මහත්තයා මෙවර ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම බැදුම්කර වංචාව සිදුවෙල වසර 10 ක් ගතවෙනවා. බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් ලබාදෙනවා කියලා අනුර දිසානායක මහත්තයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් තවම ඒ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකුට දඩුවම් ලබාදිලා නෑ. ඒ වගේම පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරුන්ගේ විදේශ ගමන් වලට වැය කර ඇති මුදල් ප්‍රමාණය පිළිබඳව අගමැතිවරිය පාර්ලිමේන්තුට ඉදිරිපත් කළා. කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරු සහ දැන් ඉන්න ජනාධිපතිවරයා සිදුකළ විදේශ සංචාර අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා සංචාර කළේ රටවල් තුනකට පමණයි. අගමැතිවරියගේ ප්‍රකාශය දෙස බැලුවහම ඉතාම අඩු මුදලක් තමයි අනුර දිසානායක ජනාධිපතිවරයාට විදෙස් සංචාර සඳහා වැය වෙලා තිබෙන්නේ. ඒ වගේම රටේ මුදල් ඉතුරු කරන්න ඕන කියලා ජනාධිපතිවරයා විදෙස් සංචාර වලට තනියම සහභාගි වෙලා වැඩක් නෑ. විදෙස් සංචාරයකදි ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයවත් , ජනතා විමුක්ති පෙරමුණවත් නෙවෙයි. ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවම. ඒ වගේම මෙවර අයවැයේදී පොහොර සහනාධාර සඳහා මිලියන 35,000 ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම අවුරුද්දකට මෙට්ට්‍රෙික් ටොන් මිලියන 5 ක් රටේ වී නිෂ්පාදනය සිදුවෙනවා. අයවැයේදී පොහොර සහනාධාර සඳහා මිලියන 35,000 ක් වෙන් කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ සහතික මිලට ගොවින් රජයට වී ලබාදෙයි කියලා. පොහොර සඳහා රජය වෙන් කළ මිලියන 35,000 මෙට්ට්‍රෙික් ටොන් මිලියන 5 න් බෙදු විට වී කිලෝවකට වැටෙන්නේ රුපියල් 7 ක් වගේ මුදලක්. වී ගොවියාට රුපියල් 7 ක සහනාධාරයක් තමයි රජය ලබාදෙන්නේ. රුපියල් 7 ක සහනාධාරයකුත් ගොවියාට ලබාදිලා , සහතික මිලකුත් ගොවියාට ලබාදිලා ආණ්ඩුව ගොවින්ට කියනවා වී අස්වැන්න රජයේ වී ගබඩා වල පුරවන්න කියලා. රටේ සමස්ථ වී ගොවින් රජයෙන් නොමිලයේ පොහොර ඉල්ලුවේ නෑ. රටේ හිටපු නායකයන් තමයි ගොවින් සමඟ සෙල්ලම් කළේ. එහෙම සෙල්ලම් කරලා රාජ්‍ය නායකයන්ට ගෙදරම යන්න වුණා. වර්තමාන ජනාධිපතිවරයාත් ගොවින් සමඟ සෙල්ලම් කරන්න කටයුතු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ගුණාත්මක පොහොර මිටියක් රුපියල් 5000 ක මුදලකට ගොවිජන සේවා කාර්යාලය හරහා ගොවින්ට ලබා දෙන්න කියලා තමයි ගොවින් ඉල්ලා සිටියේ. ඒ වගේම වල් නාශක සහ අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය වල මිල අඩු කරන්න කියලා තමයි ගොවින් ඉල්ලා සිටියේ. ආණ්ඩුව ඉතාම අඩු මුදලක් පොහොර සහනාධාරයට වෙන් කරලා ගොවින්ගෙන් උපරිමයක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අලි වැට සඳහා මිලියන 20 ක් වෙන් කරලා තිබෙනවා. රට තුළ කිලෝමිටර 5116 ක් අලි වැට ඉදි කරලා තිබෙනවා. එයින් කිලෝමිටර 1400 ක් අලුත් වැඩියා කරන්න මිලියන 20 ක් වෙන් කරලා තිබෙනවා කියලා. නමුත් අයවැය තුළ අලුතින් අලි වැටක් ඉදිකරන්න කටයුතු කරනවා කියලා කිසිම තැනැක සඳහන් වෙන්නේ නෑ. හදපු අලි වැට අලුත් වැඩියා කරන්න තමයි මුදල් වෙන් කරලා තිබෙන්නේ. මෙවර අයවැය ජනතාව අන්දපු අයවැයක් කියන කාරණය හොදින්ම පැහැදිලියි. රටේ ජනතාව බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි.ඒ වගේම ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහත්තයාට ජනතාව බලය දුන්නේ රටේ ප්‍රශ්න පැය 24 න් විසදන්න ජාතික ජනබලවේගයට හැකියාවක් තිබෙන බව කියපු නිසයි. නමුත් දැන් කියනවා වැටුණ රට ගොඩගන්න වසර කිහිපයක් අවශ්‍යයි කියලා. රට බංකොලොත් වෙලා තිබුණා කියලා ආණ්ඩුව කලින් දැක්කේ නැද්ද? ඒ නිසා රටේ ජනතාව නොමග යවන එක වහාම නතර කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. රටේ ජනතාවට දුන්න පොරොන්දු වහාම ඉටු කරන් රජය කටයුතු කළ යුතුයි. ජනතාව වෙනුවෙන් රජය ගන්න ඕනෑම සුභවාදි තිරණයකට විපක්ෂය සහාය ලබාදෙන්න සුදානම්. ආණ්ඩුව ජනතාව නොමග යවනවානම් ඒ බව රටේ ජනතාවට පෙන්වා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම රටේ මහා පරිමාණ වීමෝල් හිමියන් නිශ්ශබ්ද කරන බව රජය මැතිවරණ වේදිකාවලදී නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා. ඒ වගේම ආණ්ඩු බලය ලබාගත් පසු මහා පරිමාණ වීමෝල් හිමියන් සමඟ සාකච්ඡා කරලා ආණ්ඩුව වී සඳහා සහතික මිලක් නියම කරන්න කටයුතු කළා. ආණ්ඩුව වී සඳහා සහතික මිලක් ලබා දුන්නේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමට නෙවෙයි. ආණ්ඩුව වී සඳහා සහතික මිලක් ලබා දුන්නේ රටේ සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් ආරක්‍ෂා කිරීම සඳහායි. රටේ වී මිල පාලනය කිරීමටත් , රටේ සහල් මිල පාලනය කිරීමටත් වර්තමාන ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම පිටරටින් හාල් ගෙන ඒමටත් රජය කටයුතු කළා. ඒ සඳහා රුපියල් 65 ක බද්දක් අය කිරීමටත් රජයේ කටයුතුකළා. ඒ හරහා රජය විශාල මුදලක් උපයා ගැනීමටත් කටයුතු කළා. ඒ උපයා ගත් මුදල්වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරලා කතාවට සහනයක් ලබා දෙන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේම රුපියල් 120 වී ලබා ගන්න සියයට දාහතරක් වී වියළි තිබිය යුතුයි. ඒ ප්‍රමිතිය ලබා ගන්න ගොවීන් මහ පාරේ වී වේලන්න අවශ්‍යයි. නමුත් තෙත වී රුපියල් 110 ට පෞද්ගලික ව්‍යාපාරිකයන් වී මිලදී ගන්නවා. ඒ නිසා ගොවීන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වී ලබාදීමට පෙළඹී තිබෙනවා. වී වේලමින් ගොවියාට කාලය නාස්ති කිරීමට වෙලාවක් නැහැ. ඒ වගේම ගොවියා මහ කන්නයේ කුඹුරට බහින්නේ ණය වෙලා. ඒ ණය ඉක්මනින් ගෙවන්න ගොවියා කටයුතු කළ යුතුය. කෙසේ නමුත් මේ වන විට ගොවියා අන්ත අසරණභාවයට පත්වී තිබෙනවා. ඒ වගේම නාමල් කරුණාරත්න මහතා වී කිලෝවක් සඳහා රුපියල් 154 සාධාරණ මිලක් ලබාදෙන ලෙස විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා. නමුත් අද නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා. නමුත් ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට ඔහුට නොහැකි වෙලා තිබෙනවා. ආණ්ඩුව ප්‍රකාශ කරනවා ගොවීන්ට ලබා දී තිබෙන්නේ හොඳම මිල කියලා. ඒ වගේම මේ දිනවල අස්වැන්න නෙලමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේදී ගොවියාගේ විරෝධතාවය එළියට පැමිණීම ආණ්ඩුවට වැළැක්විය නොහැකියි.ඒ වගේම පසුගිය කාලයේදී සිදුවුණ පාතාල ක්‍රියාකාරකම් තමයි මේ වනවිට දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ. නමුත් වර්තමාන ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් පැය විසි හතරකින් ලබා ලබාදෙන බවයි. පසුගිය කාලයේදී සිදුවුන වැරදි වලට සම්බන්ධ පුද්ගලයින් වහාම නීතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එයයි මේවා අවස්ථාවේ විය යුතුව තිබෙන්නේ. පසුගිය කාලයේ සිදුවුන සිදුවීම් නැවත නැවත ප්‍රකාශ කරමින් වර්තමානයේ සිදුවන වැරැදි වහගැනීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරතවෙනවා. රටේ අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට කටයුතු කරන බව තමයි ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළේ. ඒ නිසා පහුගිය කාලයේදී සිදුවුන සිදුවීම් පිළිබඳව නැවත නැවත කතා කිරීමෙන් ඵලක් නැහැ. ඒ සිදුවීම් වලට අදාළව නිසි විමර්ශන පවත්වා ඒවාට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමයි ආණ්ඩුව සිදුකළ යුත්තේ. පහුගිය කාලේ හොඳ නැති නිසා තමයි ජනතාව ජාතික ජන බලවේගයට අලුත් ජනවරමක් ලබා දුන්නේ. ඒවගේම අරගල සමයේදී මැති ඇමතිවරුන්ගේ නිවාස වලට සිදුවූ හානිවලට විශාල වන්දි මුදලක් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ ගෙවල් ගිනි තියපු පිරිස පිළිබඳව තවමත් හොයාගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒවගේම අද පාර්ලිමේන්තුවේ ඇමති ධූර දරන පිරිසක් එදා පාර්ලිමේන්තුවත් ගිනිබත් කරන්න උත්සාහ කළා. ඒ වගේම අරගල සමයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට පහර දීමට කටයුතු කළ පුද්ගලයාත් අද පාර්ලිමේන්තුවේ සිටිනවා.‘‘






















